සුපිරි ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත් වවුනියාවේ අසරණ පවුලකට නිවසක් තනා දෙයි..

September 11, 2019 at 6:48 pm | lanka C news
සුපිරි ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත් වවුනියාවේ අසරණ පවුලකට නිවසක් තනා දෙයි..

යුද්දයෙන් පසුව නැවත පදිංචි දිළිඳු පවුල් වෙනුවෙන් වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ක්‍රියාත්මක කොට ඇති අංග සම්පූරණ නව ස්ථීර නිවාස ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ශ්‍රීලංකා ජාතික ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමමේ හිටපු නායකයෙකු වූ සුපිරි ක්‍රීඩක රංගන හේරත්ද දායකත්වය ලබා දී ඇත.

නව නිවාස ලබාදීමේ වැඩසටහනේ තවත් පියවරක් වශයෙන් වව්නියාව බෝගස්වැව ප්‍රදේශයේ පදිංචි කේ.ඒ.සරත් වැසියා වෙනුවෙන් නිවසක් ලබා දීමට වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් එච්.ජේ.එස්.ගුණවර්ධන මහතා පියවර ගත් අතර ඒ සඳහා අවශ්‍ය මුදල් ආධාර පිළිබඳව ධානපතියන් දැනුවත් කිරීම වන්නි ආරක්ෂ සේනා මූලස්ථානය විසින් සිදු කරන ලදි.

එහිදී හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත් මහතා විසින් පුද්ගලික ධන පරිත්‍යාගයෙන් කේ.ඒ.සරත් වැසියා හට නිවසක් ලබා දීම වෙනුවෙන් නිවසට මුල්ගල තැබීමේ අවස්ථාවටද සහභාගී වූ අතර ඉතා කෙටි කලකින් යුද හමුදා ශ්‍රම දායකත්වයෙන් නිවස ඉදිකොට අද (11) දින විවෘත්ත කිරීම සුපිරි ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත් මහතා සහ වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් එච්.ජේ.එස්.ගුණවර්ධන යන අයගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

නව නිවස විවෘත කිරීමෙන් පසුව නිවසට අවශ්‍ය ගෘහ භාණ්ඩද නොමිලේම ලබාදීමට මෙහෙදී පියවර ගෙන තිබුණු අතර නිවාස ඉදිකිරීම වෙනුවෙන් 212 බළසේනාධිපති කර්නල් අනිල් පීරිස් මහතාගේ සමිබන්ධිකරනයෙන්   21, 56 සහ 62 සේනාංකයන්හී සේනාංකාධිපතිවරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ  211,  563 සහ 623 යන බළසේනාවන්හී බළසේනාධිපතිවරුන්ගේ මෙහෙයවීමෙන් යුද හමුදා ශ්‍රම දායකත්වය යටතේ නැවත පදිංචි වූවන් වෙනුවෙන් නිවාස ඉදිකෙරේ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

17,463 Viewers

6 Comments to “සුපිරි ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත් වවුනියාවේ අසරණ පවුලකට නිවසක් තනා දෙයි..”

  1. Saradiel says:

    උතුරු නැගනහිර අනාථ සියලුම සිංහලයන්ට උපකාරවිම අප සියලු දෙනාගේ පරම යුතුකමයි එක් අයෙක් රුපියල් 100 ක් වත් දෙන්න ඉදිරිපත් වෙන්න බුදුසරණයි

  2. LION says:

    වසර විසි පහක් නොව දහනව වන සියවසේ සිට යාපන අර්ධ ද්වීපයේ සිටි සිංහලයන් වන්නියට අනුරාධපුරයට මෙන්ම ගාල්ල මාතරට පන්නා දැමුවේ ඉංග්‍රීසීන්ය. යාපනයේ පල්ලි ටික හදා දෙමල ක්‍රිසතියානි රටක් හදා ගන්නට නම් සිංහල බෞද්ධයා යාපනයෙන් එළවිය යුතු බව සුද්දා දැන සිටියේය. දෙමල වහලුන් ගැන හැදූ තේසවලමෙයි නීතිය සුද්දා විසින් 1806 දී ගැසට් පත්‍රයේ පළකොට පණතකින් තහවුරු කලේ එබැවිනි. වසර සියයකට පසු තවත් සිංහලයන් යාපනයේ බේකරි රස්සාවත් ගරාජ කර්මාන්තයත් කරනු දුටු ඉංග්‍රීසීන් දෙමළ ජතිවාදය අවුස්සා පොහොර දමමින් ප්‍රභකරන් වැනි ත්‍රස්තවාදීන් බිහි කර සිංහලයාට ගසා ඝාතනය කොට පන්නා දැමීය. මේ අවතැන් වූ යාපන නිජභූමි උරුමක්කාරයන් ගැන සිරිසේනට වගේ වගක් නැත. මෙලෙස අවතැන් වූ සිංහලයන් ගණනින් විසදහසක් පමණ වූ බව සංගණන වාර්තා දක්වයි. යාපනය හ වන්නිය ගත් කළ එය හතලිස් පන්දහසකට අධිකය.

    මොවුන් උතුරේ මේ වන තෙක් දිවි ගෙවූවානම් ජනගහනය ලක්ෂය ඉක්මවා යන්නට හොඳටම ඉඩකඩ තිබුණි. නමුත් වාර්ගික පවිත්‍රකරණය යටතේ සුද්දන් ගේ සහ පල්ලියේ අවශ්‍යතාවය සපිරූ කොටි සංවිධානය ඇතුළු දෙමළ බෙදුම් වාදීන් උතුර සිංහළයන්ට තහනම් ප්‍රදේශ බවට පත් කලහ.

  3. sinha le says:

    උතුරේ බෞද්ද ස්ථාන නැවත ගොඩ නැංවිය යුතුය

    “ජාති මෙ සිංහල බුදු සමයෙන් පිට ගියදා වැනැසෙයි භූපතිනේ” මෙය පුරාණ ගොවියන් කුඹුරු කොටමින් කී කවියෙක පදයෙකි. “බුද්ධාගම නැතිදාට සිංහල ජාතියත් නැත්තට ම නෑ” යයි කීවේ ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් තුමා ය.

  4. Ab says:

    Hats off to u Rangana. U are great example to politicians as well as others.

  5. Sun says:

    Thank you Rangana for your spiritual thinking. We do not carry anything beyond this life. We take only the kusal and at the final destination we get rid of everything.

  6. Dp says:

    සුපිරි වැඩක්..නිවසක වටිනාකම ගැන අහන්න ඕනේ ගෙයක් නැති කෙනෙක්ගෙන් . මේ පින්තුරේ බඩජාරි දේශපාලඟනකු නැති එක ගැන සතුටුයි .

Main News