සුපිරි වෙලදසැලකින් ලදරු කිරිපිටි හොරෙන් ගත් පියෙක් අත්අඩංගුවට.. අධිකරණයට..

August 16, 2022 at 10:40 am | lanka C news
සුපිරි වෙලදසැලකින් ලදරු කිරිපිටි හොරෙන් ගත් පියෙක් අත්අඩංගුවට.. අධිකරණයට..

අලුත්ගම පොලිසිය ආසන්නයේ සුපිරි වෙළඳ සැලකින් භාණ්ඩ මිලදී ගැනීමේ ආකාරයෙන් පැමිණි පුද්ගලයෙකු රුපියල් 3100ක් පමණ වටිනා ළදරු කිරිපිටි ටින් එකක් ඇඳ සිටි කමිසයට යටින් සසඟවනු සේවිකාවක දැක ආරක්ෂක නිලධාරියා දැනුවත් කිරිමෙන් පසු සිද්ධියට සම්බන්ධ සැකකරු අල්ලා අලුත්ගම පොලීසියට බාර භාරදී ඇති බව කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු හඬා වැලපෙමින් පොලිසියට පවසා ඇත්තේ තමාගෙ අවුරුද්දයි මාස 8ක වයසැති දරුවාට අවශ්‍ය කිරි පිටි නොමැති නිසා මෙලෙස සඟවා ගෙන යෑමට පැමිණි බවයි.

සැකකරු ධීවරයකු බවත් මෝදර ඒගොඩ උයනප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි විවාහක දෙදරු පියකු බවත් පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

ආර්ථික ගැටළු හේතුවෙන් ධීවර රැකියාව කර ගැනීමට නොහැකිව දරුවා වෙනුවෙන් මෙම සොරකම කිරීමට පෙළඹුණු බව පොලිසියට සැකකරු පවසා තිබේ.

එම සිද්ධියට සම්බන්ධ පුද්ගලයා කලුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

– අලුත්ගම තුසිත කුමාර ද සිල්ව

29,425 views

13 Comments to “සුපිරි වෙලදසැලකින් ලදරු කිරිපිටි හොරෙන් ගත් පියෙක් අත්අඩංගුවට.. අධිකරණයට..”

  1. Shan says:

    නීතිය

  2. සරංග මොත්තගල says:

    දැන් මැරෙන්න හදන්න එපා අහින්සකයෙක් අල්ලල කියලලෙලොකු වැරදි කරන එවුන් අල්ලනකම් පොඩි පොඩි ඒව අල්ලන්න එපා කියන මෝඩ ගෝපයියන්ට මේ කියන්නෙ

    • Chandhana says:

      කොහොමටත් මහ බැංකුව ට ගේම දුන්න එකයි සිනි බදු වංචා කරපු එවුන් සහ රටම හොරකම් කරපු පවුලටයි විරැද්ධව කට හොලවන්නෙ නැති අමනයෝ දැන් කමෙන්ට් දාන්න පටන්ගෙන. මුන්ගේ මහ එකත් උගේ රාජ්ජේ නැතිවෙයි කියලා බයෙන් නේ ඉන්නේ.

  3. Nirmal says:

    Please release him i a ready to pay for whatever the things he stolen.

  4. madu perera says:

    If you haven’t money,
    If you haven’t contact,
    Please obey to the Law…!!!

  5. අන්තරේ එකා says:

    මේ වගේ දේවල් වලට දඬුවම් නොකර නිදහස් කළොත් ඉස්සරහට දුප්පත් මිනිස්සු හොරකම් කිරීම පූරුද්දක් කරගනීවි. ඕකෙක් තමන්ගෙ ගෙදරකට පැනලා හොරකම් කළාම තමයි කාට කාටත් තේරෙන්නෙ. මේ මිනිහා ගැන අනුකම්පානම් ඌව නිදහස් නොකර උගෙ පවුලට අවුරුදු කීපෙකට කන්න අරන් දීපන්. එසේම ඌ හිරෙන් ආවට පස්සේ ඌට රස්සාවක් හොයල දියන්. ලොකු හොරුන්ටත් දඬුවම් කරන්න ඕන. ලොකු හොරුන්ට දඬුවම් කරනවා වෙනුවට පොඩි හොරුන්ව නිදහස් කරන එක විසඳුමක් නෙමෙයි.

    • අරුණ says:

      ප්‍රශ්නය අනුන්ගේ වෙනකම් පිළිතුර දාර්ශනිකයි, සොරකමට දඩුවම් දියයුතුයි මුලින්ම සමන්‍ය මිනිසුන්ව හොරු කරපු උන්ට එ සමගම දඩුවම් දිය යුතුයි

  6. Pronto says:

    ” The Law is like a Cobweb; smal insects will get entangled in it and no escape whilst the bigger and strong ones will escape by breaking it”- Readers’ Digest-

  7. thushara says:

    Allapallako ahinsaka podi ewun allanne nethuwa ratama hora kana ewun.Ahinsaka minihek allagena ratema lokuma hora alluwa wage kiyanne.Kalakanni.

  8. Duka says:

    Me wa allala monada bun karanne? uta mewa horakan karana thanata rata path karapu un neda adikaraneda danna one? Me desapaluwo neda?

  9. Aruna says:

    ලොකු හොරකමක් කරන්න තරම් උගත්කමක් නැති එකේ අඩුපාඩුව . . . .

  10. George says:

    Petty he wasn’t wearing a tie.😂

Main News