සුප‍්‍රකට පුද්ගලික රෝහලක් කොරෝනාවලින් ගිනිකයි.. 3000ට අඩු පරීක්‍ෂණයට 17,000ක් ගනී.. නිවසටත් එන්නම්ලු…

March 13, 2020 at 10:00 am | lanka C news
සුප‍්‍රකට පුද්ගලික රෝහලක් කොරෝනාවලින් ගිනිකයි.. 3000ට අඩු පරීක්‍ෂණයට 17,000ක් ගනී.. නිවසටත් එන්නම්ලු…

කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක් විසින් කොරෝනා වසංගත තත්ත්වය ව්‍යාපාරයක් බවට පත් කර ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

රුපියල් 3000 කට අඩු මුදලක් වැයවන කොරෝනා පරීක්ෂණය සඳහා එම රෝහල විසින් රුපියල් 17,000 ක මුදලක් අය කරන බව එහි නිලධාරීන් කියා සිටිති.

කොළඹ පැවැත් වූ මාධ්‍ය හමුවකදී එහි ප‍්‍රධානීන් මෙම චෝදනාව එල්ල කලේය.

මේ අතර අදාළ රෝහල විසින් කොරෝනා වෛද්‍ය පරීක්ෂණ සිදුකරන බව සඳහන් කෙටි පණිවිඩ දුරකථන ජාල වලට යොමු කර ඇත.

එහි දැක්වෙන්නේ කොරෝනා යයි සැක පුද්ගලයන්ට පරීක්‍ෂණ සදහා සිය ජීව සාම්පල රෝහලට පැමිණ ලබාදිය හැකි මෙන්ම අවශ්‍ය නම් රෝහල් නිලධාරීන් නිවසට ද එවිය හැකි බවයි.

අදාල පරීක්ෂණ වාර්තා දින තුනක් ඇතුළත ලබා දෙන බවද ඒ සදහා ගාස්තුව රුපියල් 17,000ක් යයිද එම පණිවිඩ වල සඳහන් වෙයි.

නාරාහේන්පිට ප‍්‍රදේශයේ පිහිටි මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක් විසින් මෙම කටයුත්ත සිදු කරමින් සිටී.

204 views

16 Comments to “සුප‍්‍රකට පුද්ගලික රෝහලක් කොරෝනාවලින් ගිනිකයි.. 3000ට අඩු පරීක්‍ෂණයට 17,000ක් ගනී.. නිවසටත් එන්නම්ලු…”

  1. saman says:

    කොරෝනා ඇදුම් ගෙනවන අයට හොද කාලයක්

  2. Chinthana says:

    No Chance…. Business is Business…. Business is promoted by registered businessman & its offered to public. But remember we are thinking that we are brilliant than others. But most of the things what we are doing is Mad. Therefore mad people well get court without having proper advices from the responsible authority.

  3. බන්ඩා says:

    පුද්ගලික රෝහලක් කියන්නෙත් මුදල් හොයන වෙළද ව්‍යාපාරයක් මිසක් සමාජ සේවයක් නෙවෙය්.

    • හාවා says:

      කල දුටු කල වළ ඉහ ගන්නා .

    • Nuwan says:

      There’s a level in which you can get profits beyond that its unfair business. There’s a percentage you can get profits beyond that consumer affairs ministry can intervene I think this is definetly call for such action

      • බන්ඩා says:

        විවුර්ත ආර්තික ක්‍රමයට කල හැක්කේ රජයේ හෝ co-op හෝ පුද්ගලික හෝ තරඟ කාරීත්වය මගින් මිල පාලනයක් ඇති කිරීම පමනය්.

  4. Kgs basnayake says:

    there should be proper defined law regarding these tests. in other parts of the law strict law are imposed and hospitals cant benefit regarding this. media should name and shame these type of businesses. it’s very unfortunate some of sri.lankan medical institutions and professionals take advantage of emergencies to increase their revenue. Does this country follow buddhas teachings?

  5. Sensible says:

    First of all, if the information is correct, why don’t they disclose the name of the hospital.
    To my mind there are only three private hospitals around Narahenpita: Lanka Hospital, Asiri and Kings. Majority of the Board Directors and senior management of these hospitals are doctors who are members of GMOA. Why cant they do some thing wiyh out making statements? On the other hand Lanka Hospital is not really private. It’s owned by the Government. So the Government can take action if this hospital is involved in unfair pricing.

    • Krish says:

      Asiri Surgical Hospital: The RT PCR, NCORONA virus test conducted by us is a genetic test which includes 3 steps after sample collection – DNA extraction, cDNA preparation, RT PCR. The ‘test kits’ have been imported from the UK for assurance of quality. Our sample collection and testing staff are required to wear full protective suits, which are disposed of, hence an additional cost with each test, and if samples are collected from home, the cost of transportation and the required, head-to-toe protective clothing (Rs. 4,000) is added to the total cost.

      We have shared a detailed costing with the Ministry of Health and are currently awaiting their approval to commence testing, if required.

      RT PCR is a world recognized diagnostic test for COVID 19. It is made available with the intention of having the highest standard in testing possible in Sri Lanka, not exploiting or profiteering.

  6. dilky says:

    Asiri does this for 17000

  7. milan says:

    Yako thopi dapu Air Lanka Chairmen deal karayata meka kiyapiya. Uge hospital walin thamai me add eka danne. Natnam Sir ta kiyapiya gon wahal GMOA

    • rw says:

      GMOA is dead. They have accomplished their mission. Now their big man Padadeniya is waiting for gratitude.

  8. Saradiel says:

    මෙය රජයට පවරා ගන්න

  9. Shame on you ASIRI says:

    Take 100,% profit then also it will be around 5000 as per GMOA.

  10. kumara says:

    ‍ආන්‍‍ඩු‍ව‍ට ‍පූ‍ලු‍වන්‍ ‍හ‍දිස්‍‍සි ‍නී‍ති‍ය ‍දා‍ලා ‍සි‍ය‍ලු‍ම ‍පුද්‍‍ග‍ලි‍ක ‍සෞඛ‍්‍යය ‍ආ‍ය‍ත‍න ‍ර‍ජ‍ය‍ට ‍ප‍ව‍ර‍ගන්‍‍න. ‍එ‍තො‍කො‍ට ප්‍රශ්‍‍න‍ය ‍ඉ‍ව‍ර‍යි. ‍

    • ඔව් අනිවාර්ය යෙන්ම. මේ මොහොතෙ මෙම වයිරසයෙ ඇත්ත තත්වය තෙරුම් ගන්න .ජාතියම වැනසෙන්න පුලුවන් නිසි ක්‍රියාත්මක වීමක් සිදුනොවේ නම්. මෙය සුලුවෙන් තක්සේරු කරන්න එපා . අවදිවන්න.

Main News