සුප‍්‍රකට සුමධුර ධර්ම දේශක හිමියන් මාරාන්තික උපවාසයක් අරඹති… ඇමරිකා ගිවිසුම අහෝසි නොකලොත් නොනැගිටින බව කියයි…

November 5, 2019 at 10:00 am | lanka C news
සුප‍්‍රකට සුමධුර ධර්ම දේශක හිමියන් මාරාන්තික උපවාසයක් අරඹති… ඇමරිකා ගිවිසුම අහෝසි නොකලොත් නොනැගිටින බව කියයි…

මෙරට සුප්‍රකට සුමධුර ධර්ම දේශකයාණන් වහන්සේ නමක් වන පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් අද පෙරවරුවේ සිට මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ.

කොළඹ නිදහස් චතුරශ්‍ර භූමියේදී උන්වහන්සේ විසින් මෙම උපවාසය ආරම්භ කර ඇත්තේ ශ්‍රී ලංකාව හා ඇමෙරිකාව අතර අත්සන් තැබීමට යෝජනා කර ඇති මිලේනියම් චැලෙන්ඩ් කෝපරේෂන් ගිවිසුමට විරුද්ධවයි.

භික්ෂූන් වහන්සේලා ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වී සිටින අතර පවාසය ආරම්භ කරන ලද්දේ සෙත් පිරිත් දේශනා මධ්‍යයේය.

උපවාසය ආරම්භ කිරීමට පෙරාතුව උන්වහන්සේ කියා සිටියේ අදාළ ගිවිසුම අහෝසි කරන බවට ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා විසින් ප්‍රකාශයක් කරන තෙක් උපවාසය අත් නොහරින බවයි.

465 views

130 Comments to “සුප‍්‍රකට සුමධුර ධර්ම දේශක හිමියන් මාරාන්තික උපවාසයක් අරඹති… ඇමරිකා ගිවිසුම අහෝසි නොකලොත් නොනැගිටින බව කියයි…”

  1. Susil in Canada says:

    Venerable Sir!
    We worship your feet with our tears!
    This Kalakanni government has caused this menace and we are worried about the life of this venerable Bhikku.

Main News