සුබාස්කරන් අලිරාජාගේ කුප්‍රකට ගණුදෙනුව හෙලිවේ.. ස්වර්ණමහල් ගණුදෙනුකරුවන් අනාතයි.. මහ බැංකුව නිහඬයි..
February 17, 2019 at 3:00 pm | lanka C news
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා වෙත යොමු කරන ලිපියක් මෙහි දැක්වෙයි.
‘ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා,
මහබැංකු අධිපතිතුමා,
ශ්‍රී ලංකා මහ බැංකුව,
30, ජනාධිපති මාවත,
කොළඹ 01.
හිතවත් මහ බැංකු අධිපතිතුමනි,
ආන්දෝලනයට ලක්ව තිබෙන කුප්‍රකට ව්‍යාපාරික සුබාස්කරන් අලිරාජාට අයත් ආයතනය සමඟ ශ්‍රී ලංකා මහ බැංකුවේ මැදිහත්වීම මත සිදු වූ ව්‍යාපාරික ගනුදෙනුවේ මුළු වටිනාකම ප්‍රකාශයට පත් කෙරුණේ ඇමෙරිකානු ඩොලර් මිලියන 75ක් වශයෙනි. එම ඇමෙරිකානු ඩොලර් මිලියන 75 වෙනුවෙන් ඊඒපී මාධ්‍යය ආයතනය, ඊඒපී සිනමා ශාලා හා බෙදාහැරීමේ ආයතන, ස්වර්ණමහල් ආභරණ ආයතන ජාලය, එම ආයතන ජාලාවන් සතුව පැවති සියලු ඉඩම් හා ස්වර්ණමහල් ෆිනෑන්ස් සර්විසස් යන ආයතන සියල්ල සුබාස්කරන් අලිරාජාගේ සමාගම වෙත පිරිනමනු ලැබ තිබේ. එමෙන්ම මෙම ගනුදෙනුව නිම කරන දිනයේම ප්‍රාග්ධන තැන්පතුවක් ලෙස තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 12ක් ස්වර්ණමහල් ෆිනෑන්ස් සර්විසස් යන ආයතනයට යෙදවීමට ද සුබාස්කරන් අලිරාජාගේ සමාගම එකඟ වී තිබිණි. ඒ පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ කුමන හේතුවක් මතදැයි පැහැදිලි කළ යුත්තේ අප විසින් නොවේ. කෙසේ වෙතත්, අපට කිව හැක්කේ මෙකී ගනුදෙනුව තුළින් ස්වර්ණමහල් මූල්‍ය ආයතනයේ තැන්පතුකරුවන් තවදුරටත් අපහසුතාවට පත් කිරීම සිදුවනු ඇති බව ය.
2018-02-01 දාතම සහිතව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දෙන්නේ ඊ.ටී.අයි. මූල්‍ය ආයතනයේ සියලු ගනුදෙනු නතර කර එය අධීක්ෂණය සඳහා මහ බැංකු නිලධාරීන් පත් කළ බව ය. එමෙන්ම, ඒ තත්වය යටතේ මහ බැංකුවේ අධීක්ෂණයකින් තොරව කිසිදු ගනුදෙනුවක් සිදුවිය නොහැකි බව ය. එහෙත්, එකී ස්ථාවරය ප්‍රසිද්ධියේම පළ කළ ශ්‍රී ලංකා මහ බැංකුව පසුව, 2019-02-11 නිකුත් කරන ලද නිවේදනය මගින් පවසන්නේ ඊ.ටී.අයි මූල්‍ය ආයතනයේ අධ්යක්ෂ මණ්ඩලය විසින් තීන්දු තීරණ ගත් බවත් තමන්ට ඒ සම්බන්ධයෙන් වගකීමක් නොමැති බවත් ය. ශ්‍රී ලංකා මහ බැංකුව තමන් විසින් පෙර දී දැරූ ස්ථාවරයට පසුව පිටුපාන්නේ කුමන වංචා සහගත ක්‍රියාවක් සඟවා ගනු පිණිස ද?
2018-02-27 දාතම සහිතව ඊ.ඒ.පී. ආයතනය වෙනුවෙන් ජීවක එදිරිසිංහ මහතා වෙත මහ බැංකුව විසින් යොමු කර ඇති ලිපියෙහි දැක්වෙන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 75කට ඉහත ආයතන විකුණා දැමීම සඳහා මහ බැංකුව එකඟ බවත් ඒ පිළිබඳව මහ බැංකුවේ කිසිදු විරෝධතාවක් නොපවතින බවත් ය. එහෙත්, අප හමුවේ වන ප්රශ්නය වනුයේ එම ආයතන සමූහයේ සම්පූර්ණ වත්කම් මුළුමනින්ම පැවරීමටනම්, මෙම ගනුදෙනුවෙන් කොටස් වශයෙන් වන විසඳුමක් මහ බැංකුව පිළිගත්තේ කුමන පදනමක් මත ද, යන්න ය.
මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුව එකඟ වී ඇත්තේ, සුබාස්කරන් අලිරාජාගේ සමාගම ඩොලර් මිලියන 54ක මුදල වාරික දෙකකින් ගෙවා නිම කිරීමෙන් පසු සමාගම්වල පූර්ණ අයිතිය අලිරාජාගේ සමාගම වෙත ලබාදීමට ය. ඒ අනුව ඊ.ඒ.පී. සිනමා ආයතනයේ හිමිකම 100%ක් ද ස්වර්ණමහල් ස්වර්ණාභරණ ආයතනයේ හිමිකම 100%ක් ද ඊ.ඒ.පී මාධ්‍ය සමාගමේ 40%ක කොටස් සහ ඉතිරිය නියාමනයේ අධීක්ෂණයට යටත්ව සිදුකරන බව ය. එමගින් ශ්‍රී ලංකා මහ බැංකුව සුබාස්කරන් අලිරාජාගේ සමාගමට අවස්ථාව සලසා දී ඇත්තේ, ඇමෙරිකන් ඩොලර් මිලියන 54ක් ගෙවා ඉතිරි මුදල වන ඇමෙරිකන් ඩොලර් මිලියන 16 ගෙවීම සඳහා වසරක කාලයක් ලබාදී එය අදාළ ව්‍යාපාර වෙතින්ම උපයා ගෙවීමේ අවස්ථාව හිමිකර දීම ය. එය නිවැරදි දැයි පිළිගත හැක්කේ කෙසේ ද?
එමෙන්ම, 2019-02-11 දාතම සහිතව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර තිබෙන නිවේදනය මගින් ප්‍රකාශ කර ඇත්තේ සුබාස්කරන් අලිරාජාගේ සමාගම විසින් ඩොලර් මිලියන 16ක ඉතිරි කොටස් ගෙවනු ඇති බව ය. එහෙත් එහිදී ස්වර්ණමහල් මූල්‍ය ආයතනය වෙනුවෙන් වූ ඩොලර් මිලියන 05ක මුදල සහ ඩොලර් මිලියන 12ක ප්‍රාග්ධන ආයෝජනය මහබැංකුව විසින් හිතාමතාම සඟවාගෙන තිබේ. මහ බැංකුව සමඟ සාකච්ඡා අවසානයේ පොරොන්දු වුව ද ඩොලර් මිලියන 05ක මුදල ස්වර්ණමහල් මූල්‍ය ආයතනයට ගෙවීම සහ ඩොලර් මිලියන 12ක ප්‍රාග්ධන ආයෝජනය හිතාමතා මඟ හැර සිටීමට සුබාස්කරන් අලිරාජාගේ සමාගම ක්‍රියා කර තිබේ. එය මහ බැංකුව සමඟ සුබාස්කරන් අලිරාජාගේ සමාගම ඇති කරගත් එකඟතාවයේ කොටසක් අතහැර දැමීමට එම සමාගමට ඉඩ සලසා දීමකි. එසේ වන්නට ඉඩ දීම මගින් ශ්‍රී ලංකා මහ බැංකුව සිදුකරනුයේ ගනුදෙනුකරුවන් මුලා කිරීම සඳහා සුබාස්කරන් අලිරාජාට අවස්ථාව සලසා දීම නොවේ ද?
මෙම ගනුදෙනුව සිදුව ඇත්තේ මෙරට ක්‍රියාත්මක සියලු නීතිරීතිවලට සහ අනෙකුත් රෙගුලාසිවලට පටහැනිව ය. මෙහි ගැනුම්කරු විදේශීය ආයෝජකයකු වන හෙයින් ඔහුට මෙරට මාධ්‍ය බලපත්‍රයකට හිමිකම් කිව නොහැකි ය. එමෙන්ම එකී සමාගමට අයත් ඉඩම් වුව ද මෙරට ඉඩම් නීතිය අනුව එම විදේශීය ආයෝජකයාගේ සමාගම සතුකර ගත නොහැකි ය.
මෙම සියලු කරුණු සලකා බැලූ කළ පෙනී යන්නේ, මෙම ව්‍යාපාරික ගනුදෙනුවේ දී ශ්‍රී ලංකා මහ බැංකුව එහි විශ්වාසනීයභාවය පිළිබඳ වගකීම මුළුමනින්ම බිඳහෙළා ඇති බවත් ‘බෙන් හෝල්ඩින්ස්’ සහ ‘බ්ලූ සමිට් කැපිටල්’ යන සමාගම් දෙක හරහා සැබෑ ලෙසම ප්රතිලාභ ලබන සැඟවුණු අයිතිකරුවන් කවුදැයි සොයා බැලීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය අසමත්ව තිබෙන බව ය. එමෙන්ම, ස්වර්ණමහල් මූල්‍ය ආයතනයේ ඉදිරිය සඳහා වූ පිළිගත හැකි ව්‍යාපාර සැලසුමක් ඇතුළුව එම සමාගම පිළිබඳ ව්‍යාපාරික සාකච්ඡා මහ බැංකුව විසින් සිදුකර තිබෙනුයේ ඊ.ටී.අයි. ආයතනයේ හිමිකරුවන් සමඟ නොව ඍජුවම ආයෝජන සමාගම සමඟ ය. ඒ බව සනාථ කිරීමට අවශ්‍ය වේනම් සියලු ලිපි ලේඛන ඉදිරිපත් කිරීමට අප සතුව තිබෙන බව පමණක් මෙහිලා අවධාරණය කරමි.
මා මින් පෙර ද මාධ්‍ය මගින් අනාවරණය කර සිටියේ, සුබාස්කරන් අලිරාජා යනු, ත්‍රස්තවාදී අරමුදල් ව්‍යාපාරික කටයුතු සඳහා යෙදවීමේ හා මුදල් විශුද්ධිකරණය පිළිබඳ බරපතල චෝදනාවන් සහිත වුවකුම බව ය. එබදු පුද්ගලයකුගේ මුදල්, ශ්‍රී ලංකාවේ ආයතන හා දේපළ මිලදී ගැනීමට ව්‍යාජ සමාගම් හරහා ඉදිරිපත් වන විට එකී වෑයම හෙළි කිරීම ශ්‍රී ලංකා මහ බැංකුවට පැවරී ඇති වගකීමකි. දේශීය සමාගමක් විසින්, අදාළ ආයතන ව්‍යුහය මිල දී ගැනීමට ඉදිරිපත්ව ඇති තත්වයක් තුළ, එයට අවස්ථාව සලසා නොදී සුබාස්කරන් අලිරාජාගේ සමාගම් වෙත අවස්ථාව සලසාදීමෙන්ම මෙම ගනුදෙනුව තුළ වන සැක කටයුතු ස්වභාවය හෙළිවීම වැළකිය හැකි නොවේ. එබැවින්, මීට අදාළ වගකීමෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට හෝ එහි අධිපතිවරයා වශයෙන් ඔබට ද ගැලවිය නොහැකි බව මාගේ නිගමනය ය.
ස්තූතියි,
මෙයට,
විශ්වාසී,
විමල් වීරවංශ (පා.ම.) සභාපති,
ජාතික නිදහස් පෙරමුණ
ඇතුලෙත් කොටි නම් පිටතත් කොටි නම් කාට කියම් දෝ මගෙ අමාරැව – වැලපෙන ලක් මව
යුද්ධ නොකර කොටසද ගන්න හැටි
පෙන්නා බෙදුන සිංහල කරුමෙ හැටි
අල්ලා රටම ඔරුමිත්-නාඩු වෙන හැටි
වාහිනි කියවයි ස්වර්නව කෙලන හැටි
මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස පත් කළ කුමාරස්වාමි ගැලියොන් සමුහ ව්‍යාපාරය නම් මුල්‍ය ආයතනයේ විශේෂ උපදේශකයා බවත් එම ව්‍යාපාරය පිහිටවනු ලැබුවේ රාජ් රාජරත්නම් නම් ලෝ ප්‍රකට මුල්‍ය වංචනිකයා බවත් LTTE සංවිධානයේ සහ ජාතිවාදී දෙමළ ඩයස්පෝරාවේ ප්‍රධාන මුල්‍ය අනුග්‍රාහකයා වුයේ ද රාජ් රාජරත්නම් බවත් පවසන ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය එම පත් කිරීම දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකී.
රාජ් රාජරත්නම් ඇමරිකාවේ සිදුවූ දැවැන්තම මූල්‍ය වංචාවකට චූදිතව මේවන විට සිරගතව සිටින අතර ඇමති රවී ඔහුගේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික සගයාද විය.
UNP ආණ්ඩුවක් යටතේ මහ බැංකු අධිපති වෙන්න නම් දෙමල වීම අනිවාර්යද?
දන්නේ නැති නිසා ඇහුවේ………
කලින් හිටපු එකා එක්ක එකතු වෙලා මහා බැංකුවට කෙලියා.
දැන් ඉන්න එකා එක්ක එකතු වෙලා අනෙකුත් වැදගත් ආයතන වලට කෙලිනවා.
This is what UK papers say about Lyca Mobile Money Laundering back in 2018, BUZZ FEED paper.
Google “Lyca Mobile Money Laundering”
“The British government refused to assist a French investigation into suspected money laundering and tax fraud by the UK telecoms giant Lycamobile – citing the fact that the company is the “biggest corporate donor to the Conservative party” and gives money to a trust founded by Prince Charles”
වත්මන් මහ බැංකු අධිපති, තවත් අර්ජුන් මහේන්ද්‍රන් කෙනෙක් ද? “බැදුම් කර වංචාව” රජයේ අධ්‍යක්ෂණයෙන් අර්ජූන් මහේන්ද්‍රන් විසින් එළි දක්වා ඇත; “ බැදුම් කර වංචාවට සමානයි මහ බැංකු අධිපති සහ අලිරාජා” මහ බැංකුවේ අධ්‍යක්ෂණයෙන් මහ බැංකු අධිපති විසින් එළිදක්වා ඇත. අපට හිතෙන හැටි!
Thank you Mt. Weerawansa for exposing this colossal fraud!
කෝ දැන් අර හැම එකටම හැකහැක ගාල කොමෙන්ට්දාන කුහක ජෙප්පො සෙට් එක?
උන්ට මේකට කොමෙන්ට් නැද්ද?
බලාගෙන යනකොට රනිලා මහබැන්කුවේ මුල් පිටුවට දාපු කල්ලතෝනි දෙන්නම පට්ට හොරුනෙ.
දකුණේ දුප්පත් සිංහල තරුණයෙක් බැංකු ණයක් අරගෙන, ව්‍යාපාරයක් ආරම්භ කර දියුණු වෙන්ඩ උත්සාහ කලොත් ඒකට නොයෙකුත් අභූත චෝදනා එල්ල කරන යටත් විජිත හේරල, සියලූම විනිමය
නීතීන් සහ ආචාර ධර්මයන් උල්ලංඝනය කරමින් ලයිකගෙ මෝබයිල් කොටි මෙරටේ ව්‍යාපාර මිලට ගත්තහම, ඇස් කන් නැති මිනිස්සු වගේ ඉන්නකොට ජෙප්පො කියන්නෙ මොන තරම් නම් කුහක
සත්තු ජාතියක්ද කියන එක ආයෙත් සනාථ වෙනව.
The Central Bank chief is the brother of Radhika Cumaraswamy, who plotted against the bogus claim against Sri Lanka massacres, with the assistance of Gini Pillai, at UNHCR.!!!
What more a government can do, as our politicians greedy for power has appointed such people to control our country and sell parts to Terrorist Organizations??