සුබ නැකතින් පිනුම් ඇරඹෙයි.. ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් 08ක් පොහොට්ටු වේදිකාවට.. නම් මෙන්න..

July 20, 2019 at 10:00 am | lanka C news
සුබ නැකතින් පිනුම් ඇරඹෙයි.. ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් 08ක් පොහොට්ටු වේදිකාවට.. නම් මෙන්න..

එළැඹෙන අගෝස්තු 11 වැනි දින පැවැත්වීමට නියමිත ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු මංගල මහා සමුළුවේදී පෙරලිකාර සිදුවීමක් සිදුවීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන එම සමුළු වේදිකාවට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රීවරුන් 08 දෙනෙකු එක්වීමට නියමිත බව පොදුජන පෙරමුණේ ප‍්‍රකාශකයෙකු පැවසීය.

දැනටමත් ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකු දැනට දින දෙක තුනකට පෙර පොදුජන පෙරමුණේ ප්‍රබලයකු හා සාකච්චා කර ඇතැයිද සදහන්ය.

එස්.බී. දිසානායක, ඩිලාන් පෙරේරා, ලක්ෂ්මන් වසන්ත පෙරේරා ඇතුළු මන්ත‍්‍රීවරුන් පිරිසක් මෙසේ පොදුජන පෙරමුණට එක්වනු ඇති බව එම ආරංචි මාර්ග කියා සිටියේය.

63 views

30 Comments to “සුබ නැකතින් පිනුම් ඇරඹෙයි.. ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් 08ක් පොහොට්ටු වේදිකාවට.. නම් මෙන්න..”

  1. P.D Goonawardena says:

    ගරු මහින්ද මැති තුමනි,,,,,,ඔය පරයන් ගත්තොත් ඔබට අපගේ චන්දය නැති වේවි …..අනිවාර්යයෙන් ඔබ පරදීවි……එතකොට පාර්ලිමේන්තුවේ කේවල් නොකර ඔබට ගමනක් යන්න බැරිවේවි …ආයිත් බදුර්දීන්ලා තොගයක් කරලියට ඒවි…තීරණය ඔබ අතේ…..

  2. වීරෝධාර says:

    ඔය එක එක වේශයෙන් එන අළුත් අය අපි හදුනන්නෙ නැහැ අපිට දැං තියෙන ප්‍රධාන අවශ්‍යතාව නොයෙකුත් වේශයෙන් එන ආධුනික ජනාධිපතිවරුන්ව උරගගා බලමින් ඉන්න නෙවෙයි. දැං පසුකරමින් ඉන්නේ මහා මුස්පේනතු කාලකන්නි කාලයක්
    ප්‍රධාන අවශ්‍යතාවය මේ මර උගුලෙන් ගැලවෙන්නේ කොහොමද කියන එකයි. දැං අපට අවශ්‍ය රටක් නිසිලෙස පාලනය කර පුරුදු කණ්ඩායමක් මිස හොදය කියනා තනි තනි පුද්ගලයන් නොවේ. දැනට ඒ සදහා පළපුරුද්ද ඉහටත් උඩින් තියෙන අයෙක් වේ නම් ඒ රාජපක්ෂ සහෝදරත්වයම පමණයි. පාලන බලය අතට ගත්දා සිටම හොරාකෑම පමණක් හැර අන් කිසිවක් නොකල වර්තමාන මළ පෙරේතයන් දෙස බලන විට රාජපක්ෂ වරු කරතිබෙනවා යයි කියන එහෙත් අපි නොදන්න, මෙතෙක් කිසිවක් ඔප්පුකර නොමැති වැරදි කොතෙක් තිබුණත් අපට කමක් නැත. හොරා කෑවේ යයි කියනමුත් එදා රටේ ආර්ථික වර්ධනය දිනෙන් දිනම ඉහල යමින් තිබුණි. රට හොදින් සංවර්ධනය වෙමින් පැවතුනි. යහපාලනයක් කියමින් පැමිණි පාහර බල්ලන් කලේ බදු පිට බදු ගසමින් හොරා කෑමම පමණි. රට දමා ඇති විපත දෙස බලන විට ඔවුන් එසේ හොරා කෑවේ යයි කියන්නේ නම් ඒද රටට ජාතියට යමක් කරය. පෙර නොවූ විරු ලෙස දිග් ඇදුණු යුද්ධයක් දිනවා දී රටත් සංවර්ධනය කරදුන් ඒ රාජපක්ෂ සමාගම අප රටට වාසනාවකි. ජාති භේදයෙන් තොරව සමස්ථ හ්‍රී ලාංකිකයින්ගෙන්ම ඉල්ලා සිටින්නේ ඡන්දය දෙන්න හොද අය විශ්ලේෂනය කරමින් නොසිට රෑ වැටුණු වලේ දවල් ද නොවැටී තවත් පල් මෝඩ කම් නොකර රටක් හැටියට ඉදිරියට යාමට නම් ගෝටාභය රාජපක්ෂ මහතාවම දිනවා වරක් ගිලිහී ගිය අපේ පරම යුතුකම, අපි අපේ පිනට උපන් මේ පිංවත් ජන්ම භූමියේ ශ්‍රේෂ්ඨ දූ පුතුන් වශයෙන් ඉටු කරමුය යන ඉල්ලීමය.

  3. Open mind says:

    පිං මන්ත්‍රී නම් ද ඇත. කපුකම් හරිගියේ නැති උන්ද ලංසුව අනුව එකතු වනු ඇත.සාධාරණීය කරන්න කරුණු හොයාපල්ලා.උන්ට ම ජයවේවා.

  4. Sirisena Yatawara says:

    Task before SLPP is tremendous not ever we have met in since 1948? So we have long way for rebuilding of nation and proceeds sovereignty are more vital of country.
    Do not undermined SLPP future task of people that are really more decisive of nation survive ?

  5. Sirisena Yatawara says:

    Task before SLPP is tremendous not ever we have met in since 1948? So we have long way for rebuilding of nation and proceeds sovereignty are more vital of country.
    Do not undermined SLPP future task of people that are really more decisive of nation survive ? Unite as mush as possible do not confined Parliamentary Members. Yes well honest people shall be rerestataives are also decisive factor important.

  6. හිප් හිප් හුරේ…. අපිට ඔනේ රටක් මිසක් කාන්තාරයක් නෙමේ… 2015 වෙනස දැක්කා වෙනස පස්සේ ගොස් අපි රැවටුනා. දැන් අපි යථාර්තයට මුහුණ දී ගෝඨාභය නැමැති මහා මොළකරු රැගෙන එමු. එක්වෙමු රට ගොඩ නගමු.

  7. මහින්ද මැතිඳුනි ඔබයි අපේ බලාපොරොත්තුව, හම්බ අවතාර ඔබ පසු පස එයි. එක අවතාරයකටවත් අවනත නොවනු. ශ්‍රි ලංකාව ආගාධයෙන් ගොඩ ගැනීම සඳහා එක් වෙමු. මුදල හා බලය නොව අපිට ඇත්තේ ජාතිය හා රට පමණි. ගෝඨාභය මැතිඳුන් යනු මතු අපේ ආනාගතය වෙමු.

  8. Chandaprema says:

    මෙතනින් බළවත්ම තැනැත්තා එස් බී ය. නියම චන්ද මැෂිම. ගෝටාට ජයවේවා!

  9. Aruna says:

    අයෙත් එන්නෙ උන් ටිකමනන් දෙය්යන්ගෙ පිහිටයි.ඔවුන් ගැවුන තැනකට අපි චන්දෙ දෙන්නැ.

  10. Aurora says:

    රට මේ නරාවලට දැමුවේ අමන සිරාගේ නොවැම්බර් 21 පැනීමෙන්ය. ආපහු ඒ අපතයට චන්දෙදෙන්න හිත හදාගන්න පුළුවන් පෞද්ගලික ලාභය පමණක් පතන කාලකන්ණි දේශද්‍රෝහීන්ට පමණය. මහින්ද මහත්තයෝ වසර 4ක් ඔබතුමා සමඟ සිටි අපව පෙනෙන්නේ එවන් කාලකන්ණි දේශද්‍රෝහීන් ලෙසනම් සිරිසේන පොහොට්ටුවේ අපේක්ෂකයා කරන්න.

Main News