සුමන්තිරන් ආන්ඩුවේ නියෝජිත ලෙස ජිනීවා සමුළුවට.. ඔහු ජිනීවාදී මැඩලන්න ජනපතිගේ නියෝජිතයන් වෙන්න විද්වතුන් සූදානම්..

February 24, 2019 at 12:00 pm | lanka C news
සුමන්තිරන් ආන්ඩුවේ නියෝජිත ලෙස ජිනීවා සමුළුවට.. ඔහු ජිනීවාදී මැඩලන්න ජනපතිගේ නියෝජිතයන් වෙන්න විද්වතුන් සූදානම්..

මීලග ජිනීවා සැසියට ශ‍්‍රී ලංකා රජය නියෝජනය කරමින් දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා යැවීමේ සූදානමක් ඇති බව මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

මෙනිසා මෙරට විද්වතුන් 10 දෙනෙකුට ජිනීවා යාමට අවස්ථාව ලබා දෙන්නැයි තමන් ජනාධීපතිගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ ‘එලිය’ සංවිධානය විසින් දිවුලපිටියේදී පැවැත්වූ සම්මන්ත‍්‍රණය අමතමිනි.

විදේශ තානාපති කාර්යාල ආශිර්වාදය මැද කරු ජයසූරිය මහතාගේ රෙද්ද බැනියමෙන් සිංහල ජනතාවගේ ඔළුව වැසීමේ මෙහෙයුමක්ද ක‍්‍රියාත්මකව ඇතැයිද ඔහු එහිදී සදහන් කලේය.

27 views
Main News