සුමන්තිරන් එන්නකෝ ඇමතිකමක් ගන්නකෝ..- චම්පිකගෙන් ආරාධනා

February 21, 2019 at 6:48 pm | lanka C news
සුමන්තිරන් එන්නකෝ ඇමතිකමක් ගන්නකෝ..- චම්පිකගෙන් ආරාධනා

ආන්ඩුවේ ඇමති ධුරයක් ලබාගෙන යාපනය සංවර්ධනයට කටයුතු කරන ලෙස දෙමල සන්ධාන මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් ඇතුළු මන්ත‍්‍රී පිරිගෙන් ඉල්ලා සිටින බව ඇමති චම්පික රණවක මහතා පවසයි.

ඔහු මෙම ආරාධනාව කලේ යාපනයේ ඉදිකරමින් ඇති බස්නැවතුම්පලක් නිරීක්‍ෂණය කිරීමේ අවස්ථාවකට එක්වෙමිනි.

උතුර ප‍්‍රදේශය නියෝජනය කරන ඇමතිවරුන් සිටියද ප‍්‍රධාන දේශපාලන දහරාවේ ඇමතිවරයෙක් සිට නැතැයිද කී ඔහු එනිසා යාපනය සංවර්ධන පසුබෑමකට ලක්ව ඇතැයිද පැවසීය.

එනිසා උතුර පලාත විද්‍යාත්මක සංවර්ධනයකට නම් දෙමල සන්ධානය ආණ්ඩුවට එක් වී ඇමති ධුර ගත යුතු බවත් රණවක මහතා සදහන් කලේය.

එම්.ඒ. සුමන්තිරන් ඇතුළු දෙමල සන්ධාන මන්ත‍්‍රී පිරිසක්ද මෙම අවස්ථාවට එක්වූහ.

220 views
Main News