සුමන්දිරන්ට, සම්බන්ධන්ට වව්නියාවේ දැඩි විරෝධයක්

February 12, 2019 at 8:02 am | lanka C news
සුමන්දිරන්ට, සම්බන්ධන්ට වව්නියාවේ දැඩි විරෝධයක්

දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් මහතා හා දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතාට එරෙහිව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් වවුනියාවේ විරෝධතාවයක නිරතවිය.

අතුරුදහන්වූවන්ගේ ඥාතීන් විසින් මෙම විරෝධතාවය සංවිධානය කොට තිබුනේ වව්නියාව තැපල් කාර්යාලය ඉදිරිපිටදීය.

විරෝධතාවයේ නිරත වූ අතුරුදහන්වූවන්ගේ ඥාතීන් කියා සිටියේ අතුරුදහන් වූවන් වෙනුවෙන් විසඳුම් ඉල්ලා අරඹන ලද සත්‍යග්‍රහයට මේ වන වට දින 719 ක් 09 දිනට විරෝධතාවයේ නිරතවුවද ගෙවුනද අතුරුදහන්වුවන්ගේ ගැටළුව වෙනුවෙන් විසඳුමක් ලබාදීම සම්බන්ධන් හා සුමන්තිරන් කිසිදු පියවරක් නොගෙන මේ දිනවල එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව රැකීමේ උත්සහයක නිරතව සිටින බවටය.

එමෙන්ම තමන්ගේ ඡන්දයෙන් බලයට පත්වූ සම්බන්ධන් හා සුමන්තිරන් ජනතාවගේ ගැටළු පසෙකලා බලය පසුපස පමණක් හඹා යන බවටත් එමගින් දෙමළ ජනතාව තැබූ විශ්වාශය සම්පූරණයෙන්ම කඩවී ඇති අතරම ඔවුන් දෙමළ ජනතාවද බිල්ලට තබමින් සිටින බවටය.

අතුරුදහන් වූවන්ගේ ගැටලුව වෙනුවෙන් රජය සමග සාකච්ඡා කිරීමට අවස්ථා කිහිපයකදීම ඉල්ලා සිටියද ඒ වෙනුවෙන් ආර්. සම්පන්ධන් හෝ සුමන්තිරන් මන්ත්‍රී වරයා කිසිදු පියවරක් නොගැනීම නිසා තමන්ගේ ගැටළුව වෙනුවෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක් මත විසඳුමක් ලබාදිය යුතු බවට තමන් ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සලයෙන් ඉල්ලීම් කොට ඇති බවයි.

එමෙන්ම දේශීය යාන්ත්‍රණයක් හා දේශීය ක්‍රමවේදයක් මඟින් ලබාදෙන විසඳුම් තමන් පිළිනොගන්නා බැවින් ජාත්‍යන්තර මැදිහත්වීමක් මත යුධ සමයේ මෙරට අතුරුදහන්වූවන්ට සිදුවුයේ කුමක්ද යන්න සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවිය යුතු බවද ඇමරිකා එක්සත් ජනපදය හෝ යුරෝපා සංගමය මැදිහත්වී සිය ගැටළුවට විසඳුම් ලබාදෙන ලෙසට ඉල්ලීම් කරමින් ඇමරිකා එක්සත් ජනපදයේ හා යුරෝපා සංගමයේ කොඩි ප්‍රදර්ශනය කරමින් විරෝධතාකරුවන් වැඩි දුරටත් පැවසූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

11,633 Viewers

2 Comments to “සුමන්දිරන්ට, සම්බන්ධන්ට වව්නියාවේ දැඩි විරෝධයක්”

  1. desta says:

    mun denna uparima sepa vidimin drawida minissuge duka soya nobala parayo dennek. sinhala dravida minssu ektuwela me padada deshapalakayo gahala elawanna dawasa wedi eta neha

  2. Vasana says:

    දෙමළ ජාතික සන්ධාන නායක .සම්බන්ධන් සහ සුමන්තිරන් ඇතුළු TNA පන්නා දමව් ..මේ ජාතිවාදීන් දෙමල ජනතාව රවටමින් රජ සැප විදි …LTTE ත්‍රස්තවාදී පිරපාකරන් අහිංසක දුප්පත් ළමයින්ගේ කරේ සයනයිඩ් කරල් බෙල්ලේ බදින විට මේ දේශපාලකයන් සිටියේ කොහෙද ? ඔවුන් වෙනුවෙන් සිදු කලේ කුමක්ද ? ඔවුන් බිල්ලට දීමය ..මේ දේශපාලකයන්ගේ ළමයි විදේශීය රටවල සැපට ජිවත් වෙද්දී දුප්පත් දෙමල ළමයි බිල්ලට දුන්නා ..ඊළම බෙදුම්වාදය මේ සේරම දෙමල ජනතාව රැවට්මට කරන TNA උපයවල් ,මරඋගුල් බව දෙමළ ජනතාව තේරුම් ගතයුතුයි

Leave a Comment

Main News