සුමන්දිරන් ගේ පූට්ටුව බලයේදී හෙළි කරයි…

April 25, 2020 at 4:40 pm | lanka C news
සුමන්දිරන් ගේ පූට්ටුව බලයේදී හෙළි කරයි…

දෙමළ ජාතික සංවිධානයේ බෙදුම්වාදි න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාමට නම් බෙදුනු එජාපය යළි පූට්ටු කළ යුතු බවත් සුමන්දිරන් මහතා පාර්ලිමේන්තුව යළි කැඳවීමට උත්සාහ දරනුයේ ඒ සඳහා බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ හිරු බලය වැඩසටහන හා එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂය දෙකට බෙදී, වෙන් වෙන්ව නාම යෝජනා භාර දී ඇති අවස්ථාවක නාමයෝජනා අවලංගු කරගත හැක්කේ පාර්ලිමේන්තුව යළි රැස් කරවා නාමයෝජනා අවලංගු කිරීමේ පනතක් සම්මත කරගැනීමෙන් පමණක් බවයි.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් නීතිඥ උදය ගම්මන්පිල මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන්ද, විපක්ෂය නියෝජනය කරමින් අජිත් පෙරේරා සහ නලින් බණ්ඩාර යන මහත්වරුන්ද මෙම විවාදය හා එක්විය.

විපක්ෂය වෙනුවෙන් වැඩසටහනට එක් වූ හිටපු මන්ත්‍රිවරුන් ජනාධිපතිවරයා ව්‍යවස්ථාව රැකිය යුතු බව දිගින්දිගටම ප්‍රකාශ කළ අවස්ථාවේ ගම්මන්පිල මහතා විසින් ප්‍රශ්න කළේ ජනාධිපතිතුමන් විසින් කඩකර ඇති විව්‍යවස්ථාවේ කුමන වගන්තිය දැයි පෙන්වා දෙන ලෙසයි. නමුත් වැඩසටහන අවසාන වන තෙක්ම ඒ සඳහා විපක්ෂයෙන් පිළිතුරක් ලබා නොදුනි.

එමෙන්ම පාර්ලිමේන්තුව යලි රැස් කර ඒ හරහා කොරෝනා මර්දනයට විපක්ෂය ගැනීමට සූදානම් වන ක්‍රියාමාර්ග මොනවාදැයි ගම්මන්පිල මහතා ඇසූ ප්‍රශ්නයට ද විපක්ෂ මන්ත්‍රිවරුන් වැඩසටහන අවසන වනතුරුම පිළිතුරු ලබා නොදුන්නේය.

විවාදය හා එක්වෙමින් අදහස් දැක්වූ මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ වන විට රජය විසින් වසංගත තත්වය හමුවේ ක්‍රියාත්මක කරනු ලබන සහන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පුළුල් විස්තරයක් කරන ලදී.

සම්පූර්ණ වැඩසටහන මෙතැනින්

64,348 Viewers

9 Comments to “සුමන්දිරන් ගේ පූට්ටුව බලයේදී හෙළි කරයි…”

  1. උදාර says:

    සදුදා 05.00ට රටටම ඇදිරි නීතිය ඉවත් කරයි.. නැවත පැනවීමක් නෑ..
    මෙය නිර්භීත, එඩිතර සහ පට්ටම ගොන් තීරනයක්.
    බල තණ්හාව නිසා අප රටට වෙන දෙයක්.
    විපක්ෂ බලාපොරොත්තු වෙන්නේ රජය මෙහිදී අසාර්ථක වී විශාල පිරිසක් මරණයට පත්වනු දැකීම වෙයි.
    එමගින් ඡන්දය ජයග්රහණය කිරීම විපක්ෂ අරමුණ වෙයි.
    රජයේ ඇතැම් පිරිස් ජනාධිපතිතුමා නොමග යවන බව පෙනේ.
    විපක්ෂය විසින් මෙහෙයවන බළල් අත් මෙම රජයේ ද ඇති බව තේරුම් ගත යුතුය.
    😢😢😢😢😢😢😢😢😢😢😢😢

    • Heera says:

      එකසත් ජාතික පක්ෂය දෙකට බෙදන්න එංගලන්තයේ අධිකරණ කැමති වෙයිද?

  2. බන්ඩා says:

    ආන්ඩවනේ හූල්! වහපු පාර්ලිමේන්තුව අරින්නෙ කොහොමද, ඒකට හමුදා ගාඩ් දමලනෙ. දැන් ඉතින් 🐘🐅🐪🔔☎️ රැලට ප්‍රජාතන්ත්‍රවාදය බේරා ගන්න කොරෝනාව ඕනෑමය්. ඒත් තවම කොරෝනාවෙන් ලංකාවෙ මලේ හතය්. පුංචි නමුත් දියුනු සිංගප්පූරුවෙ ආසාදිතයින් 10,000ය් අපේ තවම 500 ක් වත් නැහැ. අල්ලහු අක්බර්! කෝ මේ ටබ්ලීග් ජමාත්ල? ඒ මදිවට ඇඳිරි නීතියත් අයින් කරලා. ෂුවර් එකටම ඡන්දෙ මග එනවා. දෙය්යෝ සාක්කී! අන්ත පරාජය රනිල්⁣ලගෙ සජීලගෙ නලලෙ කොටලා. සුමාන්දිරන් දියවන්නාවට පනිනවද පරන පාර්ලිමේන්තුව කැඳවන්න හල්ස්ඩෝෆ් යනවද. 😜

  3. Punchi Banda says:

    WISHWAYE MAHA DARSHANIKAYA THAWATH HELIDARAUWAK. AI DANNE NEHA LANKA C NEWS WAGE HODA WEDAGATH WEB SITE EKAK ME WAGE PAJATHA KISIDU DEYAK GENA NODANNA MINIHEKGE HITHALU DANNE.MAMA BELUWA MEYA ME WAGE PUTTU UNA KIYALA KISIMA DEYAK KISIMA SITE EKAKA KISIMA NEWS PEPER EKAKA DALA NEHA

  4. MD says:

    Prabakaranta udden karaganna bariwuna Mawbima dekada kirima Sumantiran UNP RANIL+SAJITH(☎️)+JVP ANURALA ALLAGENA OWUNTA NOYEKUTH UDAW UPAKARA KARAMIN(GONJATA UDAW DENA WIDIYATA)OHUGE RATA KADEEME WIYAPARAYA KARAGENA YANAWA.SIHALUNI TERUM GANNA.

  5. අක්බාර් ලොක්කා says:

    එල්ටීටීඊ බටහිර බලවේග ,පාස්කු ප්‍රහාරයේ සැලසුම් කරුවන්ගේ සහයෙන් එජාපෙ සජිත් කරු කණ්ඩායම නැක්සලයිට් කුමන්ත්‍රණයක් කිරීමට සැරසෙන බව පෙනේ . JR කල අයුරු මොවුන් අත් අඩංගුවට ගෙන පරීක්ෂණ කල යුතුයි

  6. Lasantha says:

    Hang the Puuttuwa,let us go for the election, then corona will go away.

  7. kavirathna says:

    pootuwath ekai, phottuwath ekai, mun okkoma loka horu

  8. Sage of OMAHA says:

    The Head of State must govern the country according to the CONSTITUTION. We all must get to gether to safeguard the DEMOCRACY. SANGHA must stick to their SPIRITUAL VOCATION. They mislead this country in 1956 with their PATCHA BALAWEGAYA, we went from TOP DOG to UNDERDOG within few years of BADARANAYAKE DYNASTY rule. I appeal to all the DONKEYS, BUFFALOES & PUUNAKKU DRINKING political slaves to not to create another DYNASTY.