සුරංග ලක්මාල් දෙමල රජෙකුට අන්දවයි.. වතු කම්කරුවන්ගෙන් උණුසුම් පිලිගැනීමක්…

March 4, 2019 at 12:00 pm | lanka C news
සුරංග ලක්මාල් දෙමල රජෙකුට අන්දවයි.. වතු කම්කරුවන්ගෙන් උණුසුම් පිලිගැනීමක්…

ශ්‍රි ලංකා ක්‍රිකට්  කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රිඩක සුරංග ලක්මාල්ව බගවන්තලාව ප්‍රදේශයේ වතු කම්කරුවන් හා තරුණයන් විසින් ඊයේ (03) උණුසුම් අයුරින් පිලිගනු ලැබින.

හැටන් කලාප අධ්‍යාපන කාර්යයාලය යටතේ පාලනය වන බගවන්තලාව සෙන් මේරිස් විදුහලට වසර 100 සපිරිම නිමිත්තෙන් එම විදුහලේ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් සංවිධානය කර තිබු සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රිඩාවලියේ සමාරම්භක උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සුරංග ලක්මාල් මහතා ඊයේ සහභාගි විය.

බගවන්තලාව නගරයේදි සුරංග ලක්මාල් මහතාව වතු කම්කරුවන් සහ වතුකරයේ තරුණයන් විසින් පිලිගෙන පෙලපාලියක් මගින් සෙන් මේරිස් විදුහල දක්වා කැදවාගෙන ගොස් එහිදි ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමට සුරංග ලක්මාල් මහතා දක්වන දායකත්වය වෙනුවෙන් උපහාර පිදිමක්ද සිදු කරනු ලැබින.

එම අවස්තාවට හැටන් කලාප අධ්‍යාපන කාර්යයාලයේ උසස් නිලධාරින් රැසක් සහභාගි වි සිටියහ.

– හැටන් රංජිත් රාජපක්ෂ

154 views

4 Comments to “සුරංග ලක්මාල් දෙමල රජෙකුට අන්දවයි.. වතු කම්කරුවන්ගෙන් උණුසුම් පිලිගැනීමක්…”

  1. Dp says:

    කුනුහරුපයක් දෙකක් කිව්වම රටේම පට්ට පිළිගැනීමක් නේ ඔයි තියෙන්නේ..

  2. Gbstar says:

    The Justin Trudaeu effect, don’t forget MR spoke in Tamil at UN, went to Vavuniya and spoke in Tamil, Sinhala people jeered him. In the end what happened? No votes from NE (except Sinhala majority areas).

    Why did Sinhala people in Vavuniya jeer MR? Because they know the mindset of these people.

  3. Sri Lanka Cricket says:

    ආ මේ ලක්මාල් බරිකැල්ලා නේ !

Main News