‘සුරක්‍ෂා’ පාසැල් සිසු රක්‍ෂණය විදෙස් පුද්ගලික රක්‍ෂණ සමාගමකට.. රක්‍ෂණය කෝටි 230යි.. කොමිස් කෝටි 50යි..

October 6, 2018 at 12:03 am | lanka C news
‘සුරක්‍ෂා’ පාසැල් සිසු රක්‍ෂණය විදෙස් පුද්ගලික රක්‍ෂණ සමාගමකට.. රක්‍ෂණය කෝටි 230යි.. කොමිස් කෝටි 50යි..

මෙරට පාසැල් සිසු සිසුවියන් රක්ෂණය කිරීම සඳහා රජය විසින් පසුගිය වසරේ ආරම්භ කරන ලද්දේ ‘සුරක්‍ෂා’ රක්ෂණය එන වසරේ සිට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් ඉවත් කිරීමට සූදානමක් ඇති බව වාර්තා වෙයි.

එන වසරේ සිට එම රක්‍ෂණය එලායන්ස් ඉන්ෂුවරන්ස් නම් මෙරටද ක‍්‍රියාත්මක විදෙස් සමාගමට ලබා දීමේ සූදානමක් ඇති බවත් ඒ සඳහා කැබිනට් මණ්ඩල පත්‍රිකා පවා සූදානම් කර ඇති බවත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙරට පාසල් පද්ධතිය තුළ දිසු දරුවන් ලක්ෂ 45-50 අතර ප්‍රමාණයක් සිටින අතර ඔවුන් සියලු දෙනාම රක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව රුපියල් මිලියන 2300 ක මුදලක් ගිය වසරේදී ඇස්තමේන්තු කර තිබින.

එය රජයේ ආයතනයක් නිසා පාසල් දරුවන් රක්ෂණය සාමාන්‍ය පරිදි සිදු වුවත් මුදල් හුවමාරුව සිදුවන්නේ මහා භාණ්ඩාගාරය හා ශ‍්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව අතර පමණි. එමෙන්ම රක්ෂණ වාරිකය මුදල මුදල් වශයෙන්ම ගෙවීමේ අවශ්‍යතාවයක් සෑමවිටම පැන නොනගී.

නමුත් විදෙස් රක්ෂණ සමාගමට මෙම රක්ෂණය ලබා දුන් සැනින් සියලූ වාරිකයන් මුදලින් ගෙවිය යුතු වනු ඇත.

පසුගිය වසරේදී ‘සුරක්ෂා’ රක්ෂණය වැඩසටහනක් ආරම්භ කරමින් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරන ලද්දේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සමඟින් මෙය ආරම්භ කරන්නේ මෙතරම් විශාල මුදලක රක්‍ෂණයක් පුද්ගලික රක්ෂණ සමාගම කළේ නම් මිලියන 500 ක පමණ කොමිස් මුදලක් ද ලැබෙන බවයි. එනිසා එම කොමිස් මුදල සිසු දරුවන්ගේ දෙමවුපියන් සදහා රුපියල් 75000ක අමරත රක්‍ෂණයක් ලෙස ලබා දෙන බවත ඔහු පැවසීය.

මෙවර රක්ෂණ ලබාදීමට සූදානම් වන එෂියන්ස් එලායන්ස් සමාගමට මෙරට රක්‍ෂණ සේවාවේ දිගු කාලීන ඉතිහාසයක් නැතිවා සේම මෙහෙයුම් ධාරිතාවද ප‍්‍රමාණවත්දැයි සැක සහිතය.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ඉහල නිලදාරියෙක් කියා සිටියේ මේ තොරතුරු යම් ප්‍රමාණයකින් තමන්ට ද ලැබී ඇති නමුත් මෙතෙක් රජයේ ප්‍රතිපත්තිය වූයේ රාජ්‍ය ආයතනයන්හි සියලු රක්ෂණයන් ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව හෝ රජයේ රක්‍ෂණ ආයතනයක් මගින් සිදු කිරීම බවයි.

1,057 views

One Comment to “‘සුරක්‍ෂා’ පාසැල් සිසු රක්‍ෂණය විදෙස් පුද්ගලික රක්‍ෂණ සමාගමකට.. රක්‍ෂණය කෝටි 230යි.. කොමිස් කෝටි 50යි..”

  1. AS says:

    Asian Aliance is no more in this country. One of SL’s strong companies bought is some time back.

Main News