‘සුරකිමු අම්මා’ මහින්ද මුලසුනේ..
March 3, 2017 at 12:40 pm | lanka C news
එලඹෙන ජාත්‍යන්තර කාන්තා දිනය නිමිති කර ගනිමින් වත්මන් දුර්දාන්ත ආණ්ඩුව කාන්තාව ඇතුළු මුළු ජන සමාජයම ලක්කරන පීඩනයට එරෙහිව වීර දියණියන්ගේ නැගිටීම “සුරකිමු අම්මා” විරෝධතාවය සහ මහා ජන රැලිය කොළඹ දී පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂයේ කාන්තා සංවිධානය කටයුතු කරමින් සිටී.
මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ ප්‍රධානත්වයෙන් සහ ඒකාබද්ධ විපක්ෂයේ නායකයින්ගේ සහභාගිත්වයෙන් 2017 මාර්තු 07 වනදා සවස 2.00 ට විරෝධතාවය ආරම්භ කෙරෙන අතර සවස 3.00 ට මහා ජන රැලිය ආරම්භ කෙරේ.
“සුරකිමු අම්මා” විරෝධතාවය පිලිබඳ සමස්ත සංකල්ප පත්‍රය පහතින් දැක්වෙයි.
“සුරකිමු අම්මා”
ජාත්‍යන්තර කාන්තා දින සැමරුම
වත්මන් ශ්‍රීලාංකීය සමාජයේ කාන්තාව මුහුණදී ඇති අභියෝග විවිධ ස්ථර වලින් විද්‍යාමාන වේ. කාන්තාවක් මවක්, බිරිඳක්, දියණියක් හෝ සහෝදරියක් ලෙස අත්විඳින ගැටළු හා අභියෝගයන්හි ස්වරූපයන්ද වෙනස්වේ. වත්මන් සමාජ ආර්ථික විපරීතයේ ප්‍රබලම අභියෝගය කුටුම්බය රකින “අම්මා” හමුවේ ඇත.
මහජන මුදලින් නඩත්තුවන මන්දිරවල සුරසැප විඳින පාලකයෝ ජාතියේ දරුවන්ට ක්‍රෝටන් සහ කොස් කොල මැල්ලුම් කැවීමට නිවසේ “අම්මා” ට බලකරති. තම බාල පුතුට සුනු සහල් කැඳ කෝප්පයක් ලබාදීමට හාල් හුන්ඩුවක් මිලදී ගැනීමට කඩයක් කඩයක්ගානේ ඇවිදින කල ඇය දකින්නේ අහස් උසට දිවගොස් ඇති සහල් මිලය. එපමනක් නොව පාලන මිලට හාල් ගැනීමට ඇය සතොස පෝලිමේ කකුල් කරගැට හැදෙනතුරු සිටින්නීය. තමන්ගේ වාරය පැමිනි විට ඇයට ලබාගත හැක්කේ හාල් කිලෝ 5ක් පමනක් බව ඇය දනී. අහෝ එහෙත් ඇයගේ වාරය එනවිට හාල් ඉවරවී ඇත. හිස් අතින් ගෙදර එන ඇයව දූවිලි කාගෙන යන ප්‍රභූ රථ පෙලක් පසුකරගෙන යයි. වීදියේ කඩයට ඇය ගොඩවූයේ සිල්ලර ටිකක් ගන්නය. “මුදලාලි ඇයි මේවා මෙච්චර ගනන්” අම්මාගේ කටහඬ අවදි විය. “VAT… VAT …VAT තමයි” මුදලාලි බල්ලෙකුට කොස්සෙන් ගසමින් පැවසීය. කඩයේ එල්ලා ඇති ජාතික පුවත්පත්වල හෙඩිම ඇයගේ නෙත ගැටේ. එහි ඇත්තේ තවමත් ගනනය කල නොහැකි බිලියන ගනනක මහ බැංකු බැදුම්කර වංචාව පිලිබඳවය.
නිවසට පැමිනි ඇය… ඇන්ටනාව කරකවා රූපවාහිනිය බලන්නීය. තමන්ගේ දියණිය නොවුනත් තව කවුරු හෝ අම්මා කෙනෙකුගේ දියණියකගේ ඔළුව පැලී රුධිරය දෙගොඩතලා යන පොලිස් බැටන් ප්‍රහාරයක් එල්ලවනවා දකින ඇය පපුව අල්ලාගෙන ඇස් වසා ගන්නීය. ඒ දියණියගේ බඩේ බත් ඇටයක්වත් තිබේ දැයි ඒ අම්මා තවත් අම්මා කෙනෙකු වෙනුවෙන් සිතන්නීය.
රටේ සාමාන්‍ය මිනිසුන් වෙනුවෙන් අද යන්තමින් හෝ ඉතිරිවී ඇත්තේ නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය පමනි. එයිනුත් නිදහස් අධ්‍යාපනය සල්ලාල ව්‍යාපාරිකයින් හා එක්ව විනාශකර දැමීමට වෙර දරන වාචාල ඇමතිවරු, උන්ගේ නූගත් දරුවන් පමනක් නොව එම අමන දරුවන්ගේ බිරින්දෑවරුද එක්ව ප්රයාස කරමින් සිටියදී වත්මන් අම්මා ගේ ඇසට කඳුළු එන්නේ නුදුරේදීම තමන්ගේ මුනුපුරන්ගේ නිදහස් අධ්‍යාපන අයිතිය වැලලීයාම සිහිගන්වමින්ය.
අපේ අම්මා… රන්මසු නොවුවනත් සොච්චමක් හෝ සොයාගත්තේ නිවසට යාබද ඇති ඉඩම් කෑල්ලෙන් නෙලා ගන්නා තේ දළු සහ පොල්කටු වලට එකතු කරගන්නා රබර් කිරි ටික විකුණලාය. ජීවන වියදම ඉහ වහා ගියත් තේදළු සහ රබර් කිරි වලට ගෙවන මිල නම් ලෙල්ලටම වැටිලාය. ඒ මදිවට මෙතෙක් ලැබුණු පොහොර සහනාධාරයටද තට්ටුකර ඇත.
පොඩිඑකාට ඉස්කෝලේ යුනිෆෝම් එක වෙනුවට මේ පාර හම්බඋනේ කොල කෑල්ලක්ය. ඒකට රෙදි කෑල්ලක් ගන්න තවත් ගවුගානක් යන්නට ඇත. ඒ සඳහා බස් ගාස්තුව ලබා ගැනීමට තාත්තා කුඹුරේ ගොයම් කපන තෙක් බලා සිටියද ඉඩෝරය ඇවිත් කුඹුර වේලී ඇත. වෙනදා කුඹුරට අවශ්‍ය පොහොර ටික සහන මිලට ලැබුනද අද එයද නැත.
මේ සියල්ලෙන් මිරිකී දුක් විඳින “අම්මා“ මෙයට අවුරුදු හතකට පෙර කිලිනොච්චියේදී රට වෙනුවෙන් දිවිදුන් තමන්ගේ වැඩිමල් රණවිරු පුතනුවන්ගේ පිංතූරය දෙස බලා සිටී. ඇය නැවතත් රූපවාහිනිය පණ ගන්වයි. තිරය මත විග්නේෂ්වරන් අරක් ගනී. ඔහු රට බෙදන ෆෙඩරල් මේ අවුරුද්ද ගෙවීමට මත්තෙන් දිනා ගන්නා බවට වහසිබස් දොඩයි. එයට පසු පුවත වන්නේ රට බෙදන ව්‍යවස්ථාව කඩිනමින් සම්මත කිරීම සඳහා වෙර දරණ බවයි. නිමේෂයකින් තවත් තලතුනා කාන්තාවක් තිරයේ මතුවේ. ශ්‍රී ලංකා හමුදාව… කොටි කාන්තාවන් දූෂණය කරමින් යුද අපරාධ කලබව පවසයි. “එයාගෙ කොල්ලා එංගලන්තෙ බල්ලෝ බලාගන්නකොට රට වෙනුවෙන් මැරුම් කෑවෙ මගේ කොල්ලා” නිහඬව සිටි අම්මාගේ කටින් පිටවිය. එපමන් නොව හමුදා බුද්ධි අංශයේ සේවය කරන මද්දුම පුතනුවන්ද අවුරුද්දකට වඩා දැන් රිමාන්ඩ් භාරයේය.
හිතන්න…. වර්තමාන දුර්දාන්ත ආණ්ඩුව විසින් නිර්මාණය කරන ලද සමාජ ආර්ථික විකෘතියෙන් වඩාත්ම බැටකන අපේ කාලයේ දුක්විඳින ගැහැනිය හෙවත් ඒ “අම්මා”ගේ සෝචනීය ඉරණමෙන් එය බිඳක් පමනි. ඒ අසාධාරණයට එරෙහිව, මාතෘත්වය උතුම් කොට සලකන අප සමාජයේ පීඩිත අම්මාවරුන්ගේ අයිතීන් වෙනුවෙන් පෙලගැසෙමු… සටන් වදිමු.
සුරකිමු අම්මා සමග 2017 මාර්තු 07 වනදා සවස 2.00 ට කොළඹ විහාර මහාදේවී එලිමහන් රංගපීඨයේදී රොදබැඳ එක්වෙමු..!
අප්පච්චි… අප්පච්චි ආයෙත් එන්න කියමින් පොඩි කොල්ලා ගේ ඇතුලට දිව එයි. අම්මාට සියුම් සිනහවක් සමග ඇස් මත කඳුළු බිඳක් තෙත් කරයි…
කාන්තා සංවිධානය
ඒකාබද්ධ විපක්ෂය
කාන්තාවන්ගේ ආත්මාර්ත්කාමීත්වය සමාජය හදුනාගත යුතුයි. කාන්තාවාදීන්ගේ පැවැත්මට උදව් දිය යුතු නොවේ !
“එයාගෙ කොල්ලා එංගලන්තෙ බල්ලෝ බලාගන්නකොට රට වෙනුවෙන් මැරුම් කෑවෙ මගේ කොල්ලා” ඒ විතරක් නෙවෙයි එංගලන්තෙ බල්ලො බලා ගන්න ගමන් එයාගෙ පුතා කිව්වා තමන් සිංහලයකු වීම ගැන ලැජ්ජා වෙනවා කියලා. එහෙම කිව්වෙ අප රට බේරාගත් වීරෝධාර රණවිරුවන් ජාත්‍යන්තරය ඉදිරියේ අපරාධ කරුවන් කරන්න.
අපි කවුරුත් ආදරය කරන ගරු කරන අම්මා සුරකින්න අපේ අප්පච්චී සමඟ පෙල ගැසෙමු.
Jayawewaaaaaa!
‘එයාගෙ කොල්ලා එංගලන්තෙ බල්ලෝ බලාගන්නකොට රට වෙනුවෙන් මැරුම් කෑවෙ මගේ කොල්ලා’ ඒක නම් හරිම ලස්සනයි ජයමල්.මේ අයනේ අද මේ උලව් සංහිඳියාවක් ගැන ලජ්ජා නැතිව දේසනා කරන්නේ එන්නේ.
අම්මා සුරකින්න අපි සැවොම එකතු වෙමු !
රට බේරාගැනීමේ උදාර අරමුණින් ඉදිරියට එන ඔබ සැමටම ජයෙන් ජයම වේවා! ඔබේ උදාර පිවිතුරු අරමුණු ඉෂ්ට වනවා ඒකාන්තයි. තිස් තුන් කෝටියක් දෙව් මහ රජුන් වසර දහස් ගණනක් තිස්සේ සුරකින බුදු සසුනට නව වරක් පූජා කල මේ පුණ්‍ය භූමිය යලිත් සුරැකෙනු ඒකාන්තයි!
හෙළ රජදරුවන් දිවිපුදා අනාගත පරපුර වෙනුවෙන් රැකදුන් මේ පුණ්‍ය භූමිය වනසන්ඩ කිසිවෙකුටත් නොහැකිමය.
මහා රජාණෙනි ඔබට ජයෙන් ජයම වේවා, රටවෙනුවෙන් අපසැමට ඇති එකම ශක්තිය ඔබ පමණයි
පෙර හෙල රජදරුවන් අනාගත පරපුර වෙනුවෙන් රැක දුන් මේ පුන්‍ය භුමියා ජඩපාලන පාහරයන්ගෙන් බේරා ගැනීමට පෙරට එනු මැන මහා රජාණෙනි
මේකට “සුරකිමු අප්පච්චි” කියල දැම්මනම් තමයි හොඳ
Palayan apayata
බලාගෙන යනකොට ඒකත් ඇත්ත තමයි.අම්මා ඉන්නවානම් අප්පච්චිත් (තාත්තාත්) ඉන්න එපැයි.
අප්පච්චිව රැක ගත්තා නම් අම්මාව ආයි අමුතුවෙන් සුරකින්න දෙයක් නෑ alaya. ඉබේම සුරැකෙනවා.
Rata gihin duk widina aya ganath edata katha karanawada ?
වැඩක් වෙන්නේ නැහැ. ඔය කරන්නේ 2020 රනිල්ට චන්දෙ අරන් දෙන්න වැඩක්. දාපු deal එක ඒතරම් විශාල පාවා දීමක්.
මහන්සි වෙන එකෙන් වැඩක් නැහැ, කාන්තාවන්ව රවට්ටලා රනිල්ට අරන් දෙන්න හදන ඔය චන්ද ඔක්කොම මම කඩනවා. මට එක මාස තුනයි ඕනේ. ඔහොම යන්නකෝ.
මේ රටේ මිනිස්සුන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙයි එක්සත් ජාතික පක්ෂෙයි දෙකම එපා වෙලා ඉවරයි. මිනිස්සු ඔය දෙකටම ආයේ රැවටෙන්නේ නැහැ.
විමල්ව හිරේ දාල විමල්ගේ ගමන නවත්තන්න හම්බ වෙන්නේ නැහැ. එහෙනම් ඉතින් අපි මැරිලා වෙන්න ඕනේ. විමල්ට කරපු දේට අනිවර්යයනෙම මම පලිය ගන්නවා.
ඊට නරකද උඹේ මිනිහා වන පඹයාට කියලා විමල් නිදහස් කර ගන්න බලනවා
අදහස් ප්රඝකාශ කිරීමේ අයතියට ගරු කරනවා, ඒත් පෙරේරා,චම්පා වගේ අයගේ නොමග යවන comments වලින් වැඩක් තියද අපට? comment දාන අයත් ඒවාට උඩ පැන පැන ලියනවා මිසක් වැදගත දෙයක් ලියන්නේ නැහැ. අප්පචිට දීර්ඝායු වේවා!