සුර-අසුර සංගුමය වවුනියාවේදී…

November 5, 2019 at 2:02 am | lanka C news
සුර-අසුර සංගුමය වවුනියාවේදී…

කතරගම දෙවියන් උදෙසා කරණු ලබන සූරන් පූජාව සුරඅසුර සංග්‍රමය   වවුනියාව ඇතුලු උතුරු පළාතේ  සෑම හින්දු කෝවිලකම අති උත්කර්ෂවත් අන්දමින් පැවති අතර ඊට හින්දු බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

වව්නියාව කන්දසාමී කෝවිලේද වාර්ෂිකව සිදු කරනු ලබන සුර අසුර සංග්‍රාමය මෙවර විශාල බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් අතිඋත්කර්ෂවත් අයුරින් පැවත්වුණි.

සූරන් නැමති අසුර නායකයා කතරගම දෙවියන් විසින් මරා දමා ලෝකයට යහපත උදා කොට දෙනු ලබන්නේ දීපාවලී දිනයට දින හයක් ඉක්ම යාමෙන් පසුව බව හින්දු පුරාණයේ සදහන් වේ.

මේ යුද්ධය සූරන්පෝර් (සූරන්ගේ යුද්ධය) වශයෙන් හදුන්වන අතර හින්දු බැතිමතුන්  දීපාවලි දිනයේ සිට මේ දිනය දක්වා  ආහාර නොගෙන උපවාස සීලයක නිරත වෙයි.

සූරන් යුද්ධය නැරඹීමෙන් පසුව සූරන්ගේ මළගම සිදු වීම නිසා හින්දු බැතිමතුන් මේ සූරන් පූජාවට සහභාගී වීමෙන් පසුව හොදින් ස්නානය කොට ආහාර අනුභව කරණු ලබයි.

ඉන් පසු දිනය කතරගම  දෙවියන්  වල්ලි අම්මා සමග විවාහ වූ දිනය ලෙස හින්දු පුරානයේ සදහන් වන අතර  එම විවාහය සැමරීම සදහාද ”තිරු කල්‍යාණම්” හින්දු බැතිමතුන් කෝවිල් වලට යනු ලබයි.

දීපාවලි දිනයේ සිටම හින්දු බැතිමතුන් මේ පූජාවන් සදහා කෝවිල් වල කාලය ගත කිරීම නිසා  මේ දිනවල උතුරේ කෝවිල් හින්දු බැතිමතුන්ගෙන් පිරී පවතී.

– වන්නි රොමේෂ් මධුෂංඛ

2,979 Viewers

One Comment to “සුර-අසුර සංගුමය වවුනියාවේදී…”

  1. Anoosh says:

    Gota-Mahinda…………….Sura-Asura will end on 16th November. May God Kataragama bless our country SL.

Leave a Comment

Main News