සුරාබදු ආදායමත් රජයට අහිමිවේ.. රාජ්‍ය සේවක වැටුප් ගෙවීම අර්බුදයේ..

April 30, 2022 at 12:40 pm | lanka C news
සුරාබදු ආදායමත් රජයට අහිමිවේ.. රාජ්‍ය සේවක වැටුප් ගෙවීම අර්බුදයේ..

ඉදිරියේදී මෙරටට මත්පැන් වලින් ලැබෙන සුරාබදු ආදායම රජයට නොලැබී යෑමේ දැඩි අවධානම් තත්ත්වයක් මතුව තිබේ.

මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසන්නේ දේශීය මත්පැන් නිෂ්පාදනයට අවශ්‍ය එතනෝල් රට තුළ නිෂ්පාදනය කර ගැනීමට දැඩි බාධා මතු වීම මීට හේතු වී ඇති බවයි.

මෙම තත්වය මග හැර ගත නොගතහොත් සුරාබදු ආදායමෙන් මාසිකව සිදුකරන රාජ්‍ය සේවක වැටුප් ගෙවීම ඇතුළු වියදම් රැසක් පියවීමටඹීමට නොහැකි තත්ත්වයක් උද්ගත වන බවද පැවසේ.

දැනට මෙරට ප්‍රධාන ස්කාගාර පහක් ආශ්‍රිතව දේශීය මත්පැන් නිෂ්පාදනය කරන අතර එම පෞද්ගලික සමාගම් ද විටින් විට ඔවුන් නිෂ්පාදනයන් සඳහා වන බාධාවන් පිළිබඳ අනතුරු ඇඟවීම් කර ඇත.

එතනෝක් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය විදෙස් රටවලින් ආනයනය කරන අතර ඩොලර් හිගය මත ඒවා ගෙන්වීමට බාධාවක් මතුව තිබේ.

189,673 views

17 Comments to “සුරාබදු ආදායමත් රජයට අහිමිවේ.. රාජ්‍ය සේවක වැටුප් ගෙවීම අර්බුදයේ..”

  1. ඊයේ පෙරේදා ගෙනාපු කන්ටේනර් රේගුවෙන් අල්ලන් ඇයි විගඩමක් නැටුවේ ඕනිනම් ඒක නිදහස් කෙරන්න තිබ්බනෙ පඩ් කම නැති ව බොරු පුපුරාජේරු හැමදාම හිගාකනව ගෙනාපු එකත් හිරකරනව…….ඒ ක මුදාහරින්න කටයුතු කලානම් හරිනේ…….

  2. wikum lokuhitige says:

    ඊයේ පෙරේදා ගෙනාපු කන්ටේනර් රේගුවෙන් අල්ලන් ඇයි විගඩමක් නැටුවේ ඕනිනම් ඒක නිදහස් කරන්න තිබ්බනෙ පඩ් කම නැති ව බොරු පුරාජේරු හැමදාම හිගාකනව ගෙනාපු එකත් හිරකරනව…….ඒ ක මුදාහරින්න කටයුතු කලානම් හරිනේ…….

  3. අනේ ...කේ says:

    දැං ඔය හැරී ජයවර්ධන ල එහෙම පිටරට පටවන තේ වලට ලැබෙන ඩොලර් ලංකා වට එනවද ? ඩෙන්මාර්ක් යනවද සිංගප්පූරු යනවද කියල උඹල දන්නෙම නැද්ද?බබාලද ?බදු සහනදීල සීනි ගෙනාවෙත් අරක්කු පෙරන්න කියලා අපි දන්නවා.

  4. එරන්ද නුවන් says:

    ඉතිං ලංකාවෙ කසිප්පු පෙරන මිනිස්සුන්ව අල්ලගෙන ඒ මිනිස්සුන්ට ස්වයං රැකියාවක් සපයල එයාලගෙන් එතනෝල් ගන්න පුලුවන්නෙ. රටේ සල්ලි පිට යන්නෙත් නෑ එතකොට. කොමිස් නම් හම්බෙන එකක් නෑ.

  5. Subhadra Muthukumarana says:

    Very good buddhist country.Earn mony from liquor for salaries of government servents

Main News