සුරා සැල්, මස් මාංශ අලෙවි සැල් වසා දමයි..

May 26, 2021 at 2:08 am | lanka C news

වෙසක් උත්සවය නිමිත්තෙන් 26 සහ 27 දිවයින පුරා පිහිටි සියලුම සුරාසල් සහ මස් මාංශ අලෙවි සැල් වසා දමන්නැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නියෝග කර තිබේ.

ඒ අනුව 26 හා 27 දෙදින සියලුම සුරා සැල්,සතුන් මරණ ස්ථාන, මස් මාංශ අලෙවි සැල් වසා දැමිය යුතු අතර සුපිරි වෙළඳ සැල් ඔස්සේ මත්පැන් අලෙවිය මෙන්ම මස් මාංශ අලෙවි කිරීම නතර කරන්නැයි අග්‍රාමාත්‍යතුමා දන්වා ඇත.

සංචරණ සීමා කාලයන්ට අදාළව දැනටමත් සුරා සැල් වසා තබන්නැයි රජය විසින් නියෝග කර තිබෙන අතර වෙසක් උත්සවයට සමඟාමීව හෙට සහ අනිද්දා මස් මාංශ අලෙවිය ද මුළුමනින්ම නවතා දැමිය යුතු බව අග්‍රාමාත්‍යතුමා දන්වා සිටියි.

රොහාන් වැලිවිට,
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්.

7,071 views

9 Comments to “සුරා සැල්, මස් මාංශ අලෙවි සැල් වසා දමයි..”

  1. ටෙලිපෝන් හිගන්නොන්ට මොලයක් ජාතික ව්‍යාපාරය says:

    අනේ පව් මුන්දැ දැන් වල පයයි ගොඩ පයයි. කඩවල් ඔක්කොම වහල කියල දන්නෙ නෑ.

  2. nilu perera says:

    Oka ne kiyanne Corona hadunahama, minisun guna garuka wenawa kiyala.
    Balanna hadichcha aya kata oiyagena wada karanne lassanata.

  3. පොඩි එකා says:

    මස් කෑවොත් පවු සිදු වේ. මරණින් මතු අපායට යයි.
    රට කෑවාට එහෙම නොවෙයි. අපායේ කොහොමත් යන්නෙ නෑ මැරෙන්නෙ නැති නිසා. පණ පිටින් ම එම්බාම් එක කරවාගෙන ඉදිමි ඉදිමි එල්ලිලා ඉන්නවාමැරෙන්නෙ නැතුව, රට කකා. සල්ලි සල්ලි අපෙ හාමුදුරුවනේ ……..කියමින්.

    මස් කඩ වහපියව්.

  4. Manodaya says:

    වෙනදා තිබූ වෙසක් සතිය කොයිද? ඒ දවසට ඊයේ ගන්න ඉඩ දුන්නනේ ඒ ඇති.

  5. sana says:

    What is the religious logic behind closing beef stalls? Other animals fish chicken also suffer while killing. May be fish suffer most because it takes longer time to die when you take it out from water. Selected sins!!!

  6. sana says:

    Close fish stalls also. Fish suffer most when dying.

  7. ඇල්ෆා ටෝක් සීන් says:

    පව්ලේ අය සනසන්න මේ රටේ සාරය උරා බීපු පව නම් මස්කඩ සුරාසල් වහලා ගෙවන්න බැහැ. මතකනේ ගාව ගතනය තහනම් කරනවා කියලා ගොන් බයියන්ව ගොනාට ඇන්දුවා.

  8. Aney Manda says:

    Better not kill mosquitos, also the covid virus.

  9. Love nature says:

    සුරා සැල්, මස් මාංශ අලෙවි සැල් දවස් 2ක් වසා තබනවාට වඩා සම්පුර්ණයෙන් තහනම් කිරීම වටිනවා.

Main News