සුලගින් පිඩාවට පත්වූවන්ට රජයෙන් පොරොන්දුවන සහන වචන පමනයි.. ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නෑ..

December 2, 2017 at 3:21 am | lanka C news
සුලගින් පිඩාවට පත්වූවන්ට රජයෙන් පොරොන්දුවන සහන වචන පමනයි.. ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නෑ..

සුලි සුලගින් පිඩාවට පත්වූවන්ට රජයෙන් පොරොන්දුවන සහන හුදු වචන පමනක් බවත් ඒවා ක්‍රියාත්මක කිරීමට රජයට හැකියාවක් නැතිබවත් බේරුවල පැවති උත්සවයකදී සමුර්ධී ක්ශේත්‍ර නිලධාරීන් පිරිසක් අමතමින් ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය.

“ඉතිහාසයේ අදුරුතම යුගයක අපි අද ඉන්නේ. කාලගුනයත් වත්මන් රජය රටට කරන විනාශයෙන් කම්පාවෙලා වගේ. හැමතැනම, හැමදාම ආපදා. තත්වය තවත් දරුනු වෙන්නේ මේ වැඩ බැරි ආන්ඩුවට ආපදා නිසියාකාරව කලමණාකරනය කර ගන්න බැරි නිසයි.

අරනායක නාය යාම, සාලාව පිපිරීම, මීතොටමුල්ල කුනු කන්ද කඩා වැටීම , පසුගිය වසර 3 පුරා දිගින් දිගටම පැමිනි ගංවතුර උවදුරු, කන්න 5 ක් පාලු කරපු ඉඩෝරය වර්ථමානයේ අපිට බලපා ඇති සුලි සුලං වගේ එකක් පස්සෙ එකක් පසුගිය වසර 3 පුරා අපි මුහුනදෙන සෑම ආපදාවකදීම ජනතාව පීඩාවට පත් වූ විට ඔවුන්ට අපේක්ශිත ආකාරයට පිලිසරණ වීමට රජය අපොහොසත් වෙලා තියෙනවා .

මාධ්‍ය සාකච්චා තියල ඇමතිවරු මොන පොරොන්දු දුන්නත් ඒ සහන කලට වෙලාවට ජනතාවට ලැබෙන්නෙ නැහැ. ඇමතිවරු පොරොන්දු වෙන දේවල් කරන්න අදාල චක්‍ර ලේඛන නිකුත්වෙලා නැත්නම් අද කිසිම රාජ්‍ය නිලධාරියෙක් වැඩ කරන්නේ නැහැ. ඒකට හේතුව පහුගිය කාලයේ දේශපාලන පලිගැනීම් සදහා පිහිටුවා ගත් එෆ් සී අයි ඩීය වැනි දඩයම් මන්දීර හරහා රාජ්‍ය සේවකයන්ගේ කොදු නාරටි කඩා තිබීමයි.

අද රාජ්‍ය සේවකයෙක් මොනම මහජන හදිසියකටවත් තනිව තීරණයක් ගන්නේ නැහැ. මොකද රට වෙනුවෙන් එවැනි තීරණ ගත් කී දෙනෙක් මේ ආන්ඩුව සිරගත කලාද. ගං වතුර ආධාර දීමක් ගැන වරක් හිටපු හමුදාපති වරයෙකුගෙන පවා ප්‍රශ්න කෙරුනා .මේවා තමයි වත්මන් රජය කල මෝඩකම්. අවසාන ප්‍රතිපලය වැඩ බැරි ආන්ඩුවක දුර්වල කම් නිසා ජනතාව දුක්විදීම නේද ?

ලංකාව පුරාම ආපදාවකට පත්වූවෙකුට රජයෙන් ගෙන්වන සුලු වන්දි මුදලවත් ක්‍රමවත්ව ලබා දෙනවද. චෙක් එක එන්නෙ කොලඹින්. අකුරක් හරි වැරදිල තිබුනොත් ආපදාවට ලක්වූ පුදගලයා කොළඹ එන්න ඕනේ ඒ ප්‍රශ්නෙ විසදගන්න. සමහර වෙලාවට අතින් පාඩුයි. ඇයි මෙහෙම වෙලා තියෙන්නෙ. ප්‍රාදේශීය නිලධාරීන් මුදල් වගකීම ප්‍රතික්ෂේප කරන නිසයි.

ඉතින් හිතන්නකො පහුගියද සුලි සුලගින් හානි වූ බේරුවල නිවසකට රජයෙන් දෙනවයි කියන රුපියල් 10,000 චෙක් එක කොලඹින් ඇවිල්ල ඒකෙ නමේ සුලු වරදක් තිබුන කියල. දහ දාහෙන් කීයයි යයිද කොලඹ ගිහින් ප්‍රශ්නේ විසදගෙන එන්න. දවස් කීයක් යන්න වෙයිද දැන් ආන්ඩුව වැඩ කරන විදියට ? .” ආචාරය ගොඩහේවා ප්‍රශ්න කලේය.

මෙම උත්සවය පැවැත්වුනේ එකාබද්ධ විපක්ෂයේ කලුතර දිස්ත්‍රික් මන්ත්‍රී පියල් නිශාන්ත මැතිතුමන්ගේ දේශපාලන දිවියට වසර 20 සැපිරීමට හා ප්‍රදේශයේ සමුර්දී ක්ශේත්‍ර නිලධාරීන්ගේ 20 වසරක සේවයට උපහාර දැක්වීමටය. ප්‍රධාන ආරාධිතයා වූයේ ශ්‍රී ලංකාවේ 5 වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාය.

– චාමින්ද කරුනාරත්න

53 views

One Comment to “සුලගින් පිඩාවට පත්වූවන්ට රජයෙන් පොරොන්දුවන සහන වචන පමනයි.. ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නෑ..”

  1. Gayantha says:

    Aniwa kathawa aitta. Anduwa thanikarama karanne boruwa. Pohora sahanadarayat duminda hora kala. Godak ayata boru katha kiyala giya saire sahanadaraya deela nai. Ekath hoyala balanna. Samahara wita ara sabeethata denne hora kapu ahinsaka govinge pohora salli wenna puluwan. Sir tikak ekath hoyanna.

Main News