සුලි කුණාටුවකින් නිවාස ගණනකට දැඩි හානි..

May 24, 2019 at 8:02 am | lanka C news
සුලි කුණාටුවකින් නිවාස ගණනකට දැඩි හානි..

වව්නියාව ඕමන්ත ප්‍රදේශයට 22 රාත්‍රියේ හදීසියේම ඇති වූ සුලි සුලං තත්වයක් හේතුවෙන් නැවත පදිංචි වූ නිවාස කිහිපයකට හානි සිදුව ඇතැයි ප්‍රදේශවාසීන් පවසිති.

(22) සවස සිට මද වසහෙන් වර්ෂාව ඇදහැලුනු අතර රාත්‍රිය වන විට එක් වරම ධාරාණිපාත වර්ෂාවක් සමග ඇති වූ සුලි සුලං තත්වයක් හේතුවෙන් නැවත පදිංචි වූවන්ගේ නිවාස 6 ක පමණ වහලයට දැඩි හානි සුදුව තිබේ.

සුලි සුලං ඇතිවන අවස්ථාවේදී නිවැසියන් ආරක්ෂිත ස්ථාන කරා යාම හේතුවෙන් කිසිවෙකුටත් හානි සිදු වී නොමැති අතර නිවාස වලට අමතරව එම වැසියන්ගේ පොල්, කෙසෙල් ඇතුලු ගෙවතු වගාවන්ටද දැඩි හානි සිදුව ඇති බවට එම වැසියන් වැඩි දුරටත් පවසා සිටිති.

සිදුව ඇති හානිය පිළිබඳව වව්නියාව දිස්ත්‍රීක් අපාදාකලමනාකරන නිලධාරීන් විසින් අදාල ස්ථාන වෙතට ගොස් හානි පිළිබඳ තක්සේරු කිරීමට පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

38 views
Main News