සුලි සුලගක් හමයි.. නිවාස හා වෙළඳසැල් රැසක වහලවල් ගලවාගෙන යයි..

April 27, 2018 at 4:40 pm | lanka C news
සුලි සුලගක් හමයි.. නිවාස හා වෙළඳසැල් රැසක වහලවල් ගලවාගෙන යයි..

මුලතිව් මල්ලාවි ප්‍රදේශයට ඊයේ (26) රාත්‍රියේ හැමූ සුලි සුලං තත්වයක් හේතුවෙන් ප්‍රදේශයේ නිවාස වෙළඳසැල් රැසකට දැඩි හානි සිදුව ඇති බවට මුලතිව් ආපදා කලමනාකරන ඒකකය කියා සිටියේය.

ඊයේ රාත්‍රියේ වර්ෂා සහති කාලගුණයක් පැවති බවත් අනතුරුව එකවරම සුලිසුලං තත්වයක් ඇතිව තිබූ අතර එහිදී වෙළඳසැල් 6 ක වහලය සම්පූරණයෙන්ම ගැලවී විනාශ වී තිබූඅතරම ප්‍රදේශයේ නිවාස රැසකටද හානි සිදුව තිබුණි.

සුලි සුලං තත්වයන් හේතුවෙන් හානි සුදු වන අවස්ථාවේදී ජනතාව ආරක්ෂිත ස්ථාන වෙතට ගොස් තිබූ හේතුවෙන් කිසිවෙකුටත් විපතක් සිදු නොවී ඇති අතරම සුලි සුලං තත්වයන් හේතුවෙන් හානි සිදු වූ ස්ථාන වෙතට පහසුකම් සැපයීමට පියවර ගෙන ඇති බවටද මුලතිව් ආපදාකලමනාකරන ඒකකය කියා සිටියේය.

පමසුගිය 25 වනදාද මුලතිව් මාන්කුලම් ප්‍රදේශයට හැමූ සුලි සුලං තත්වයක් හේතුවෙන් නිවාස 15 කට හානි සුදුව තිබුණි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

408 views
Main News