සුලි සුලගකින් නිවාස රැසකට බරපතල හානී…

May 4, 2018 at 2:06 am | lanka C news
සුලි සුලගකින් නිවාස රැසකට බරපතල හානී…

මුලතිව් ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මාන්කුලම් ප්‍රදේශයට 02 සවස ඇති වූ සුලි සුලන් තත්වයක් හේතුවෙන් නිවාස රැසකට බරපතල හානි සිදුව පවුල් කිහිපයක් විපතට පත්ව ඇති බවට මුලතිව් ආපදා කලමනාකරන කාර්යාලය කියා සිටියේය.

මාන්කුලම් ප්‍රදේශයට වැසි සිහිත කාලගුණයත් සමගම පැයකට ආසන්න කාලයක් දැඩි සුලං තත්වයක් පැවති අතර පසුව මද වර්ෂාවක් සමග එකවරම එය සුලි සුලං තත්වයකට වර්ධනය වී තම නිවාසවල වහලය සම්පූරණයෙන්ම ගැලවී ගිය බවත් වහලය ගැලවීමෙන් නිවාස අභ්‍යන්තරයටදදැඩි හානි සිදු වූ බවට මාන්කුලම් ප්‍රදේශවාසීන් කියා සිටියහ.

සුලි සුලං හේතුවෙන් නිවාස 10 ක පමණ වහලය සම්පූරණයෙන්ම විනාශ වී ඇති අතර තවත් නිවාස කිහිපයක වහලයට අර්ධ වශයෙන් හානි සිදුව ඇති අතරම පවුල් කිහිපයක්ම නිවාස වලට දැඩි හානි සිදු වීම හේතුවෙන් වෙනත් ස්ථාන කරා ගොස් ඇති බවටත් සාමාන්‍ය වැසියන්ගේ වගාවන් කිහිපයකටද දැඩි හානි සුදුව ඇත බවටද  මුලතිව් ආපදා කලමනාකරන ඒකකය කියා සිටියේය.

සුලං හේතුවෙන් හානි වූ නිවාස වෙතට සහන සැලසීමට පියවර ගෙන ඇති අතරම විපතට පත් පවුල් වෙතටද අවශ්‍ය පහසුකම් සැපයීමට පියවර ගෙන ඇති බවටද මුලතිව් ආපදා කලමනාකරන එක්කයේ නිලධාරීහු වැඩි දුරටත් කියා සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

2,504 Viewers
Main News