සුලු පියා දරුවාට පහර දී මරා වලදමයි..

September 28, 2017 at 5:30 pm | lanka C news
සුලු පියා දරුවාට පහර දී මරා වලදමයි..

මන්නාරම ශිලාවතුර ප්‍රදේශයේ කුඩා දරුවෙකු සුලු පියා විසින් ඝාතනය කර වළ දමා ඇති බව අනාවරණය වීමෙන් අනතුරුව සිරුර නැවත ගොඩ ගත් බව ශිලාවතුර පොලීසිය කියා සිටියේය.

මන්නාරම,සිලාවතුර, මේට්කේනි ප්‍රදේශයේදී වසය අවුරුදු 1යි මාස 09 වයස දරුවෙකු ඝාතනය කොට වල දමා තිබියදී මළ සිරුර ඊයේ(27) සවස මන්නාරම මහේස්ත්‍රාත් ඒ.ජි.ඇලෙක්ස්රාජා මහතා ඉඳිරියේදී ගොඩගත් බව මන්නාරම සිලාවතුර පොලීසිය පැවසුවේය.

පොලීසිය පැවසූවේ දරුවාට පහරදීමකින් දරුවා ජිවිතක්ෂයට පත්ව ඇති අතර පසුව මෙසේ වලදමා ඇති බවට  පොලීසිය වෙත ලද තොරතුරක් මත ඊයේ මළ සිරුර ගොඩගත් බවටයි.

දරුවාගේ සුළු පියා විසින් අදාළ දරුවාට පහරදී ඇති බව මූලික පරීක්ෂණයන්ගෙන් අනාවරණය වී ඇති හෙයින් සුලු පියා අත්අඩංගුවට ගැනීමට පියවර ගත් බවටයි.

අනතුරුව  මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝග යටතේ මළ සිරුර වැඩිදුර පරීක්ෂණ සඳහා මන්නාරම රෝහල් මෘත ශරීරාගාරයට රැගෙන ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සිලාවතුර පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

26 views

One Comment to “සුලු පියා දරුවාට පහර දී මරා වලදමයි..”

  1. nilu says:

    These are isolated cases. Sri Lanka has thirt million people. Such an isolated incidents are possible.
    Just ignore them. Bad reporting by lCN.

Main News