සුවනාරි සායන විශිෂ්ඨයින් ඇගයීමට ලක් කරයි…

October 1, 2016 at 2:06 am | lanka C news
සුවනාරි සායන විශිෂ්ඨයින් ඇගයීමට ලක් කරයි…

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත සුවනාරි සායන විශිෂ්ඨයින් ඇගයීෙමි උත්සවයක් පැවැත්වීමට පවුල් සෞඛ්‍ය කාර්යාංශය කටයුතු යොදා තිබුනි. මෙහි ප‍්‍රධාන අරමුණ වන්නේ කාන්තාවන් අතර, බහුලව පවතින බෝනොවන රෝග සහ පිළිකා මූලික අවධියේ දී හදුනා ගැනීම තුළින් කාන්තාවන්ගේ සෞඛ්‍ය තත්ත්වය නගා සිටුවීමයි.

මෙවර මෙම උත්සවය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාෙවි දී පැවැත්විය.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා –

‘ලෝකයේ මිලියන 14.1 ක් අලුතින් පිළිකා රෝගීන් සොයාගෙන තිබෙනවා. ඔවුන්ගෙන් මිලියන 8.2 ක් වාර්ෂිකව ජිවිතක්ෂයට පත්වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ පුරෝකථනයට අනුව 2020 වනවිට වැඩි මරණ සංඛ්‍යාවක් පිළිකා රෝගය නිසා සිදුවෙනවා. පිළිකාව අද දැඩි මහජන ප‍්‍රශ්නයක්. කාන්තාවන්ගේ පියයුරු සහ ගැබිගෙල පිළිකා ද ගැටළුවක්. කල් ඇතිව ප‍්‍රතිකාර ලබාගැනීමෙන් එම රෝග සුව කළ හැකියි. සුවනාරි වාඩසටහන 1996 වර්ෂයේ ආරම්භ කළා. අද සුවනාරි මධ්‍යස්ථාන 906 ක් ක‍්‍රියාත්මකයි. සුවදිවි මධ්‍යස්ථාන 842 ක් ක‍්‍රියාත්මකයි. එම මධ්‍යස්ථානවලින් බෝනොවන රෝග හදුනාගැනීම සදහා පරික්ෂණ ක‍්‍රියාත්මක කරනවා. ජනගහනයෙන් 10,000 කට එක් වෛද්‍ය පරික්ෂණ මධ්‍යස්ථාන පිහිටුවීමට සෞඛ්‍ය අමාත්‍යවරයා තීරණය කර තිබෙනවා. මෙම සේවාව තවත් ශක්තිමත් කළ යුතුයි. හදුනාගත් රෝගීන්ට නිසි ප‍්‍රතිකාර ලබාදීම ද වැදගත් වෙනවා.” යැයි ද පැවැසිය.

සුවනාරි සායන තුළින් අද සමාජයේ බහුල බෝනොවන රෝග දෙකක් වන දියවැඩියාව සහ අධිරුධිර පීඩනය හදුනා ගැනීම සදහා ද මෙහිදී මුලික පරික්ෂණ සිදු කෙරේ. මෙයට අමතරව මෙම බෝනොවන රෝග පිළිබද කාන්තාවන් දැනුවත් කිරිම, පසුවිපරම් කිරිම සහ හදුනාගත් අසාමාන්‍යතා සහිත කාන්තාවන් වැඩිදුර ප‍්‍රතිකාර සදහා යොමු කිරීමත් සිදු කරනු ලබයි. මීට අමතරව සුවනාරි සායන මගින් කාන්තාවන්ට ලැබෙන තවත් ඉතාම වැදගත් සේවාවක් ලෙස පවුල් සැළසුම් සේවාව පෙන්වා දිය හැක. මෙහිදී කාන්තාවන් පවුල් සැළසුම් ක‍්‍රම පිළිබද දැනුවත් කිරීමට පියවර ගන්නා අතර, ඔවුන්ට වඩාත්ම ගැලපෙන පවුල් සැළසුම් ක‍්‍රමය ඔවුන් සමග සාකචිඡුා කර ඒ පිළිබද ඔවුනට තීරණ ගැනිමට සහාය ෙවි. අවශ්‍ය කාන්තාවන් සදහා අදාල පවුල් සැළසුම් ක‍්‍රම ලබාගැනීෙමි හැකියාව ද ෙවි.

අද වනවිට මුළු දිවයින පුරාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා ඇතැම් රෝහල් තුල  ද සායන 1000 කට ආසන්න සංඛ්‍යාවක් ක‍්‍රීයාත්මක ෙවි. මෙහි විශේෂත්වය වන්නේ මෙම ආයතන සදහා ඉළක්ක කරුනුයේ වයස අවුරුදු 35 ඉක්ම වූ කාන්තාවන් ය. එසේ වුවද සායනයට පැමිණෙන වයස අවුරුදු 35 ඉක්ම වූ කාන්තාවන් සියල්ලටම මෙම සියළුම සේවාවන් නොමිලේ ලබාදීමට රජය කටයුතු සළස්වා ඇත. එසේ වයස අවුරුදු 35 සපිරෙන කාන්තාවන් ඉළක්ක කිරීමට විශේෂ හේතු කිහිපයක් ෙවි. වැදගත්ම හේතු වන්නේ සම්පත් සීමිත වීම හා පුර්ව ගැබිගෙල පිළිකා හදුනාගැනීම වඩාත් ඵලදායක වන්නේ වයස 35 දී බව පර්යේෂණ වලින් සොයාගෙන තිබීම ෙවි. ජාතික මට්ටමෙන් ආරක්ෂිත ආවරණ ඉළක්කය සියයට 80 යි. 2010 වසරේ දී ආවරණ ප‍්‍රතිශතය සියයට 10 කි. 2015 වසර වනවිට එය සියයට 45 දක්වා වැඩිකර ගැනීමට අපගේ ක්ෂේත‍්‍ර මහජන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සමත් වී ඇත.

මෙම සම්මාන උළෙලේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සුවනාරි සායන විශිෂඨයින් අගයමින් සම්මාන පිරිනමන ලදි.

– නිපුන් ඒකනායක

61 views
Main News