සුවපතිගේ කතාවෙන් ජනපති කෝප වේ.. කැබිනට් මණ්ඩලයෙන් නැගිටී…
September 14, 2018 at 2:10 pm | lanka C news
ඊයේ දිනයේ කැඳවා තිබූ විශේෂ කැබිනට් මණ්ඩල හමුවේ දී ඇමැති රාජිත සේනාරත්න මහතා විසින් කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කෝපයට පත්වී රැස්වීමෙන් නැගිට යාමට උත්සාහ කර තිබූ බව srilankamirror වෙබ් අඩවිය වාර්තා කර ඇත.
එහි දී ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා විසින් ජනාධිපතිවරයා ඉවත්ව යාම වළක්වා ඇති බව ද එහි දැක්වේ.
මෙම විශේෂ කැබිනට් හමුවේ දී ජනාධිපතිවරයා වැඩි වශයෙන් අවධාරණය කර ඇත්තේ ආරක්ෂක හමුදා ප්‍රධානීන් අත්අඩංගුවට ගැනීම ඔවුනට මානසික වධ හිංසා පැමිණවීම ආදිය නොකල යුතු බවත් ඔවුන්ට චෝදනා ඇත්නම් නඩු පැවරිය යුතු බවත්ය.
ජනාධිපතිවරයාගේ ස්ථාවරය අනුමත කරමින් චම්පික රණවක, මහින්ද සමරසිංහ, වජිර අබේවර්ධන ඇමතිවරුන් අදඑස් පල කර ඇත.
එහිදී ඇමති රාජිත සේනාරත්න මහතා සඳහන් කර ඇත්තේ කැබිනට් මණ්ඩලය විසින් සිදු කරන්නට යන මෙවැනි බලපෑම්වලින් රාජපක්ෂ සිදුකර ඇති වංචා දූෂණ මිනීමැරුම් සම්බන්ධයෙන් විමර්ශන කරන නිලධාරීන් කලකිරෙනු ඇති බවයි.
එමෙන්ම පසුගිය පාලන සමයේදී නීතියට බලපෑම් නොකළ යුතු බවද රාජිත සේනාරත්න ඇමතිවරයා පෙන්වා දී ඇත.
එහිදී ඇමතිවරයා විසින් සිදුකරන ලද ආවේගාත්මක ප්‍රකාශ නිසා ජනාධිපතිවරයා මෙසේ නැගිට යාමට උත්සාහ කර ඇති බවත් වාර්තාවේ සඳහන් වේ
මේ වසරේ හොදම රුකඩ නැටුම බලාගන්න පුලුවන්.
They all have less than 400 days….
රුකඩ ලෙසට වූ නායක රැලක් වැදී
වනසයි මගේ ලක්මව උන් සිතැගි ලැබී
Monawa wunath miniha prathipaththi matha satan karanawa… Janawary 8 kiyapu dae wenuwen oenee siteema gena adambarai…!
Umba chaturaya wenna athi neda.
වැරදි ඇති හැමෝටම නඩු දාන්න. අත් අඩංගුවට ගන්න එපා. නීතිය සැමට සමාන විය යුතුය
These are love fight; don’t take them seriously.
Mr Prez, Pl dont repeat your mistakes like sacking Ms Dilrukshi Dias who was the most efficient Lady we ever had as Bribery Commissioner.
Ane me wage Yahapalanayak! Konda pana nathi Janadhipathi kenek path karapu eka thamai waradda. Dan apita danaganna puluwan kawda minimarun, Rajapakshala ehama rakinne kyala.
We know that My3 was appointed for the president position with the help of UNP votes, and enemy funding to achieve certain objectives mixed with extreme revenge.
අතේ තිබුන කඩුව අගමැතිට තෑගි දී දැන් ඔයාට පුළුවන් බන කියමින් ඇවිදින එකය්. කිසිම දෙයක් කරන්න ඔයාට බලය නැහැ. බොරු කරලා ශ්‍රී ලංකා චන්ද ටික අරන් රනිලට බර දීල, දැන් ඔයා පම්බයකුට සමානය්. විධායක ජනපති කෙනෙක් ඕන බව දැන්වත් තේරෙන්න ඕනෑ.
සැමටම එක සමානව නීතිය ක්‍රියාත්මක කලයුතුය. ජනාධිපති උන්නැහේ රවින්ද්‍රව බේරගන්න උත්සහ කරන්නේ රුසියානු කබල් යුධ නැවට අනුමැතිය දුන්නේ රවින්ද්‍ර නිසා. එකෙන් ජනාධිපතිගේ බෑනාට කොමිස් යනවා. ඩීල් එක කරන්නේ මහරාජා.සින්නයියා කැමති වුනේ නැති නිසා සේවා දිගුව දුන්නේ මාසයයි. එයා තමයි ලංකාවේ හිටපු හොඳම නාවික හමුදාපති. ඇති දක්ෂයෙක්. පැහැරගෙන ගොස් මරාදැමීම පිලිබඳව ෆීලික්ස් පෙරේරාත් කට උත්තර දීලා. ඒකත් රවින්ද්‍ර ට අවාසියි . මේ කුණකටුවා කවදාවත් පිළිවෙලකට වැඩක් කරන්න දෙන්නේ නැහැ. කොච්චර යුද්ද කරලා ජයගත්තත් අහිංසකයන්ව කප්පන් වලට මරණ එක හමුදාවටත් අපකීර්තියක්.