‘සුවපති’ ආතල් නිමයි.. වැලිකඩ ‘සිරපති’ පෙනේ.. රාජිත FCID කැදවයි.. දරුණු ලෙස පොදු දේපල අවභාවිත චෝදනා..
November 20, 2019 at 10:32 pm | lanka C news
සෞඛ්‍ය හා දේශීය සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමති ලෙස කටයුතු කරන ලද රාජිත සේනාරත්න මහතා සම්බන්ධයෙන් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය පවත්වමින් ඇති පරීක්ෂණ සදහා නැවත වතාවක් කැදවා තිබේ.
සේනාරත්න මහතා අවස්ථා ගණනාවකදී පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් සිදු කරන ලද කැදවීම් මග හැර තිබින.
ජනාධිපතිවරණයෙන් පසු පලමු වතාවට ඔහු කැදවා ඇති අතර ඔහුට පොදු දේපල අවභාවිතය සම්බන්ධයෙන් විශාල වශයෙන් චෝදනා එල්ල වෙයි.
පොදු දේපල පනත යටතේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ට සුවිශේෂී හේතුවකින් තොරව මහේස්ත්‍රාත් අධිකරණ මගින් ඇප නොලැබෙන අතර මහාධිකරණයකින් ඉල්ලීම් කල යුතුය.