සුවපති ගස් යාම ස්ථිරයි.. පිලිකා රෝහලේ අධ්‍යක්‍ෂ සාක්‍ෂි දෙයි…

December 1, 2019 at 10:12 pm | lanka C news
සුවපති ගස් යාම ස්ථිරයි.. පිලිකා රෝහලේ අධ්‍යක්‍ෂ සාක්‍ෂි දෙයි…

“මහරගම අපේක්ෂා රෝහලේ බෙහෙත් නැති එක ගැන කටහොල්ලන්නට එපා” යැයි හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා මැතිවරණයට පෙර තමාට දැනුම්දුන් බව එම රෝහලේ අධ්‍යක්ෂක විශේෂඥ, වෛද්‍ය වසන්ත දිසානායක මහතා පැවැසීය.

සෑම සතියකට වරක්ම රෝහලේ පවතින අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 30ක ලැයිස්තුවක් වෛද්‍ය සැපයුම් අංශයට යැවීම පිළිබදව උරණ වූ හිටපු අමාත්‍යවරයා මෙලෙස උපදෙස් ලබාදුන්නද, නව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය පැවසුවේ හිඟ බෙහෙත් පිළිබඳව තමාට වහාම දැනුම්දෙන්නැයි උපදෙස් ලබාදී ඇති බව යැයිද අධ්‍යක්ෂකවරයා කීය.

මේ වනවිටත් රෝහලේ පවතින ඖෂධ හිඟයට නව සෞඛ්‍ය ඇමැතිවරියගෙන් යටහපත් ප්‍රතිචාර ලැබී ඇතැයිද ඒ අනුව රෝගීන්ගේ අත්‍යවශ්‍ය ඖෂධ පිටතින් මිලදීගැනීමට කටයුතු යොදා ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

රෝහලේ වසර 19ක සේවා කාලයක් සපුරා ඇති තමන් මැතිවරණය සමයේ මාරුකර යැවීමට හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා උපදෙස් ලබා දී තිබුණද, රාජ්‍ය සේවා කොමිසම වෙත අභියානයක් ඉදිරිපත් කර එය වළක්වා ගත් බවද ඔහු කීවේය.

හිටපු අමාත්‍යවරයාගේ ඖෂධ වංචාවක් පිළිබඳව ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂි ලබාදීම මෙම ස්ථාන මාරුවට හේතුව බවද හෙතෙම කීය.

– lankadeepa

72,993 Viewers

12 Comments to “සුවපති ගස් යාම ස්ථිරයි.. පිලිකා රෝහලේ අධ්‍යක්‍ෂ සාක්‍ෂි දෙයි…”

  1. 👹👹👹👹👹👹 says:

    සිංහල ජාතියට මොහු තරම් ශාප කල කෙනෙක්
    නැත රටේ කිසිම තැනක දැක කූජිතවූ කෙනෙක්
    මැරෙනව දැකත් පිලිකා රෝගි අසරන කෙනෙක්
    මොන හිතකින්ද එහෙම කීවේ සුවපති කෙනෙක්

  2. විඳි කරුම ගෙවිය යුතුය මුගෙ පවුලමය👹 says:

    ඔය සිතාම කල පව විඳවන්නටම ඕනිය
    මෙයට හවුල් කරුවකි රාජිතගෙ ගෑනිය
    පිළිකාව මානසික විඳවපු අසාද රෝගිය
    විඳි කරුම ගෙවිය යුතුය මුගෙ පවුලමය

  3. Rata Wenuwen says:

    මේකා කාණු කටා ජම්පර් අඳිනවා දැකීම රට වෙනුවෙන් අපෙ බලාපොරොත්තුවයි

  4. Train almeda says:

    කාලකල්ගි පාහර අලුගොසුවා

  5. Saman says:

    ජනාධිපති තුමාගේ නමට කැළැල් ඇති නොකර රාජිත ව හිරේට දාන්න

  6. Nim says:

    ME DEESA DROHIYA TA
    DEYA UTHIEIE
    DADUWAM A MATANAM HITHA GANNA WATH BAHA
    GOLE FACE PITEYA TA
    GENAWETH
    AMUDA YAK GAHALA
    BANES GADE YAK KATEE GAHALA
    JANATHAWA TA BALANNA
    THEBEYA UTHIEE.

  7. නිර්බා says:

    මේ පරයා හිටපු හැමතැනම උගෙ ගෝලබාලයොත් එක්ක හොරකම්ම තමයි කලේ….. ධීවර අමාත්‍යාශයේත් එහෙමයි……

  8. sathya says:

    ඒ අනුව රෝගීන්ගේ අත්‍යවශ්‍ය ඖෂධ පිටතින් මිලදීගැනීමට කටයුතු යොදා ඇතැයිද හෙතෙම සඳහන් කළේය – For Commissions

    මැතිවරණය සමයේ මාරුකර යැවීමට හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා උපදෙස් ලබා දී තිබුණද, රාජ්‍ය සේවා කොමිසම වෙත අභියානයක් ඉදිරිපත් කර එය වළක්වා ගත් බවද ඔහු කීවේය – This is why he is fabricating stories

  9. Kosala says:

    mage thathatahth cancer ekak thiyanawa habai hamadama beheth gaththe maharagamin ona karana beheth hamadama labuna

  10. Ranjith Dubai says:

    මේකා කාණු කටා ජම්පර් අඳිනවා දැකීම රට වෙනුවෙන් අපෙ බලාපොරොත්තුවයි

Leave a Comment

Main News