සුවසක් ජනතා ප‍්‍රාර්ථනය ගෝටාභයයි.. අප නියෝජනය කරන්නේද එයයි.. උද්දච්ච පොහොට්ටුවන් කකුලෙන් අදිනවා..- විමල්

February 23, 2019 at 10:40 am | lanka C news
සුවසක් ජනතා ප‍්‍රාර්ථනය ගෝටාභයයි.. අප නියෝජනය කරන්නේද එයයි.. උද්දච්ච පොහොට්ටුවන් කකුලෙන් අදිනවා..- විමල්

ජනාධිපතිවරණයද තනියෙන් ජයගත හැකි යයි සිත උද්දච්චයන් පිරිසක් තම පාර්ශවයේ සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ශ‍්‍රීලනිප හා පොහොට්ටුව අතර නව සන්ධානයක් ගොඩනගනවාට විරුද්ද පිරිසක් සිටින බවත් මැතිවරණයක් ජය ගැනීමට නම් එක් කර ගත හැකි එක් කර ගත හැකි සියළු පිරිස් එක් කර ගත යුතු බව ඔවුනට නොතේරෙන බවත් මන්ත‍්‍රීවරයා කියයි.

තනිව දිනන්න හැකියයි උද්දච්ච ලෙස කල්පනා කලහොත් නියමිත ජයග‍්‍රහණය නියමිත ලෙස නොලැබෙන බවත් විශේෂයෙන් ජනාධිපතිවරණය තනිව ජයගත හැකි යයි සිතීම සතුරාගේ උවමනාව ඉටු කිරීමක් බවත් ඔහු කියා සිටී.

මීලග ජනාධිපතිවරයා විය යුතු යයි මෙරට සුවහසක් ජනතා ප‍්‍රාර්ථනය වන්නේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා බවත් එම මහජන ඉල්ලීම තමන්ද නියෝජනය කරන බවත් මන්ත‍්‍රීවරයා තව දුරටත් කියා සිටියේය.

85 views

14 Comments to “සුවසක් ජනතා ප‍්‍රාර්ථනය ගෝටාභයයි.. අප නියෝජනය කරන්නේද එයයි.. උද්දච්ච පොහොට්ටුවන් කකුලෙන් අදිනවා..- විමල්”

  1. Rathgama MC says:

    පොහොට්ටුව – ශ්‍රීලනිප – ජා.නි.පෙ – ම.එ .පෙ. – නව.ස.ස.ප.- කො .ප.- පිවිතුරු.හෙ .උ. – ල.ස.ස.ප යන පක්ෂ සන්ධාන ගත වුව හොත් ලක්ෂ 45 ක් පමණ චන්ද තියෙන ප්‍රධාන පක්ෂය පොහොට්ටුව වන අතර එහි නායකයා මහින්දයි.ශ්‍රීලනිපයට චන්ද ලක්ෂ 13 වන අතර එහි නායකයා සිරිසේනයි.අනෙක් පක්ෂ 6 ට ඇත්තේ ලක්ෂ 05 ක් පමණ චන්ද වන අතර එහි නායකයන් විමල්,ගම්මන්පිල්ලේ,දිනේෂ්,වාසු,තිස්ස,සහ ඩිවූ ගුණසේකරයි.මේ අනුව ප්‍රධාන පක්ෂය වූ පොහොට්ටුවේ නායක මහින්ද ලක්ෂ 45 ක් නියෝජනය කරන අතර,අනෙක් සියලුම පක්ෂ සුළු පක්ෂ වේ ,ලක්ෂ 18 ක් ඇති සුළු පක්ෂ වල නායකයින් සිරිසේන,විමල්,ගම්මන්පිල්ලේ,දිනේෂ්,වාසු,තිස්ස,සහ ඩිවූ ගුණසේකර යන 07 දෙනයි.මේ අනුව 08 දෙනෙක් ඇති පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී අපේක්ෂකයා තේරුවහොත් අනිවාර්යෙන්ම සුළු පක්ෂ වල 07 දෙනාම කියන්නේ අපට දිනන්න නම් සිරිසේන ඉදිරිපත් කලයුතු බවයි.ඊට හේතු වශයෙන් ඔවුන් දැක්විය හැක්කේ දැන් සිරිසේන මහත්තය කියනවා කොහොමටත් එයා අනිවාර්යෙන්ම පොහොට්ටුව නැති ශ්‍රීලනිප සන්ධානයකින් හරි ඉල්ලනවා එහෙම නම් අපි පොහොට්ටුවේ කෙනෙක් අපේක්ෂකයා කලොත් එවිට සිරිසේනත් එන නිසා අපේක්ෂක්කයින් දෙන්නම පැරදිලා සතුරා ජය ගන්නවා එතකොට ඉතින් රට ඉවරයි,එනිසා අපි සිරිසේන අපේ සන්ධානයේ අපේක්ෂකයා කරමු කියල.එවිට 07 දෙනාගේ වැරදි මතයට මහින්දත් නතු වෙනවා අර බාරකාර ආණ්ඩුව හැදුව විදියටම.එනිසා මේ 08 දෙනා එලියට එන්නේ ඒකමතික තීරණයක් ලෙස සිරිසේන ජනාපති අපේක්ෂකයා ලෙස මහින්ද විසින් නම් කරමිනි.
    එනිසා බැසිල් මහත්තයෝ මෙතන බරපතල කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙන්නේ,මෙහි මහ මොලකරු නිහඬව ඉන්න දිනේෂ් සහ දෙවෙනි මොලකරු ටිකක් නිහඬව ඉන්න විමල් වන අතර මෝඩයා මාධ්‍යට මෝඩ අදහස් කෙලින්ම දෙන නීතිඥ ගම්මන්පිල්ලේය.මොවුන් සන්ධානය හැදීමට පෙර සිරිසේන කිසිසේත්ම සන්ධානයේ අපේක්ෂකයා නොවන බව කියන්නේ නැත.එමනිසා පොහොට්ටුවේ නිර්මාතෘ වන ඔබතුමා පොහොට්ටුවේ 45 ලක්ෂයක් වූ ජනතාව ආරක්ෂා කරමින් වහාම රටට කියන්න,අපි ශ්‍රීලනිපය සමග සන්ධානයක් හදනවා හැබැයි කිසිසේත්ම සිරිසේන නොවෙයි කියල ජනපති අපේක්ෂකයා පොහොට්ටුවේ කෙනෙක් කියල.මෙන්න මේ විශ්වාසය,වසර 04 ක් තිස්සේ සිරිසේනගේ නොයෙකුත් කෙනහිලිකම් මැද පොහොට්ටුව පක්ෂය මේ තත්වයට ගෙන ඒමට දරදිය අදිමින් ඔබතුමාට සහාය දැක්වූ පොහොට්ටුවේ ජනතාවට දෙන්න.

  2. Ranarala says:

    sirisena 2015 kumanthranayen sampurnayenma nidaswee ethnam, ohu sebae deshapremiyeknam eelanga janapathiwaranayata idiripath nowanu etha. mahindata vyawasthanukoolawa a sandaha idiripath noheki nisa gota thama wadathma sudusu.

Main News