සුවස් ඇල හරස් කල නෞකාව මුදාගනී… මෙරට ඉන්ධන, ගෑස් මිල ඉහල යාම නවතී..
March 29, 2021 at 10:40 am | lanka C news
සුවස් ඇළ හරස් කරමින් දින 06ක පමණ කාලයක් තිස්සේ සිරවී තිබූ විශාල ප්‍රමාණයේ භාණ්ඩ ප්‍රවාහන නෞකාව මුදා ගැනීමට සමත් වී තිබේ.
එම නෞකාව අයත් තායිවන සමාගම විසින් මේ බව නිල වශයෙන් නිවේදනය කර ඇත.
ටග් යාත්‍රා විශාල ප්‍රමාණයක් යාත්‍රා යොදාගනිමින් එම භාණ්ඩ ප්‍රවාහන නෞකාව මුදා ගෙන ඇති අතර එය ඉක්මනින්ම යාත්‍රා කිරීම ආරම්භ කිරීමට නියමිතව තිබේ.
නැව මුදා ගැනීමත් සමගම ලෝක වෙලද පලේ බොරතෙල් මිල පහල ගොස් ඇතැයි විදෙම් මාධ්‍ය වාර්තා කරයි.
එම යාත්‍රාව සිරවීම නිසා ශ්‍රී ලංකාව තුළ ඉන්ධන ගෑස් ඇතුළු භාණ්ඩ වර්ග වල මිල මිල ඉහළ යනු ඇතැයි වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ දිනයේ සඳහන් කළේය.
නෞකාව මුදා ගැනීමත් සමග එම අවදානමද පහව යයි.
බුල්ඩෝග් බලාගෙන හිටියේ මෙතනිනුත් පට්ටපල් බොරුවක් කියලා තෙල්වලිනුත් අපිට කෙළවන්න
බුල් ඩෝග් ලංකාවට තේ ගේන්නෙත් යුරෝපයෙන් .
මෙන්න දැන් ලැබුණු පුවතක් සුවස් මාර්ගයේ අවහිරවී ඇති නැව දැන යතා තත්වයට පැමිණ ගමන් බලා පිටත්වනවා ඇත.නමුත් දින 6 කාලසීමාවක් එම මාර්ගය අවහිරවූ බැවින් එහි බරපැන අප රජය විසින් ගෙවන්න සිදුවී ඇතිබැවින් තෙල් මිළ අද රාත්‍රියේ 12 සිට රුපියල් 20 ඉහල දන්නා විශේෂ ගැසට් එකක් මගින් මා කැබිනට් එකට දැන්වුවා. මෙයට බුල්ඩෝග්!
ඇනකොන්ඩා කිවොත් කියන්නේ ඔය වගේ අතේ පත්තුවෙන කේබරයක්
මම අදයි දන්නේ බන්දුලගේ තිහරියට අනුව අපිට එන තෙල් සුවස් හරහා ගිහින් නැවත සුවස් හරහා පැමිණ තමයි තෙල් ගේන එන්නේ කියලා.පංති පැවැත්තුවා නේද එකසිය ගණනට නුගේගොඩ,නියම ආර්ථික මොළය.
ඔන්න බලපල්ලා අද හවස් වෙනකොට ඔය බන්දුල පොල්බෑමූණා කියන්නේ නැද්ද කියලා ‘නැව මුදා ගැනීමේ මෙහෙයුමට විශාල ධනස්කන්දය වැයවෙලා, ඒක පියවගන්න ලංකාවේ තෙල් මිළ වැඩිකරන්න වෙනවා’ කියලා.