සුවසැරිය ගිලන් රථයක් තුළදී බිළිඳෙකු බිහි කරයි..

August 2, 2018 at 6:48 pm | lanka C news
සුවසැරිය ගිලන් රථයක් තුළදී බිළිඳෙකු බිහි කරයි..

31 අළුයම 3.20 පමණ පිටබැද්දර, ජම්බුගස්දොළ ප්‍රදේශයෙන් ගැබිණි මවක් ප්‍රසව වේදනාවෙන් පසුවන බවට 1990 සුවසැරිය ගිලන් රථ සේවයට ඇමතුමක් ලබා දී තිබේ.

එම ඇමතුම අනුව ක්‍රියාත්මක වු සුවසැරිය හදිසි ගිලන් රථ සේවයේ කාර්ය මණ්ඩලය යුහුසුළුව එම නිවෙස වෙත ගොස් ඇත.

ඉන් පසුව ගැබිණි මව කඩිනමින් මොරවක දිසා රෝහල වෙත රැගෙන එන අවස්ථාවේදී අළුයම 3.40 පමණ ගිලන්රථය තුළදීම දරුවා ප්‍රසූත කිරීමට උත්සහ කිරීමේදී කඩිනමින් ඒ සඳහා යොමු වූ බව 1990 හදිසි ගිලන්රථ සේවයේ හදිසි තාක්ෂණ වෛද්‍ය නිලධාරී චන්දන සමන් කුමාර මහතා  පැවසීය.

එම ගිලන් රථයේ නිලධාරීන් විසින් මව සහ අළුත උපන් බිළිඳා දරුවා මොරවක මූලික රෝහල වෙත ඇතුළත් කර තිබේ.

අදාළ බිළිඳා සහ මව යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් මොරවක රෝහලේ ප්‍රතිකාර ලබන බව දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී ඩී.ඩබ්ලිව්.කළුතොට මහතා  පැවසීය.

– ප්‍රියංකර ගමගේ

453 views