සුවසැරිය රට පුරා.. පුත්තලමේත් මෙහෙයුම් අරඹයි..
October 24, 2018 at 2:26 am | lanka C news
1990 සුව සැරිය’ ගිලන් රථ සේවය, පුත්තලම් දිස්ත්‍රික්කයේ ජනතාවට නොමිලේ ලබා ගැනීමට අවස්ථාව උදා කර ඇති බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසිය.
ඉන්දීය රජයේ පූර්ණ ත්‍යාගශීලි ආධාරයක් ලෙස 2016 ජූලි මස ආරම්භ වූ ගාස්තු රහිත 1990 සුව සැරිය ගිලන් රථ සේවය හදිසි රෝහල් ගත වීම සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබා දෙයි. පූර්ව රෝහල් ප්‍රතිකාර සේවයක්ද සුවසරිය ගිලන්රථ සේවාව තුළදී හිමි වන බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා සඳහන් කළේය.
වයඹ පළාතට ගිලන් රථ 31ක් ඒ අනුව ලබාදෙන අතර හලාවත සඳහා ගිලන් රථ 13 සහ කුලියාපිටියට ගිලන් රථ 18ක් ලබා දීමට කටයුතු කර තිබේ. මේ දක්වා 1990 ලද දුරකතන ඇමතුම් සංඛ්‍යාව 699,979කට ක්ෂණික ප්‍රතිචාර දක්වා,115,641 වතාවක් ගිලන් රථ පිටත් කර යවා මිනිත්තු 12.54 වැනි සාමාන්‍ය කාලයක් තුළ රෝගීන් වෙත ළඟා වෙමින් හදිසි ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් 104,203 ක් රෝහල් වෙත රැගෙන ගොස් තිබේ.
– Media Unit
වහාම දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් කැඳවමු. රටේ මිනිසුන් ඉක්මනින් රෝහල් ගතකිරීම අපේ වෘත්තිය ගරුත්වය කෙලෙසන රජයේ මර උගුලකි.
Ow ow me rate health index godak diyunu wune doctors la minussunta hathuru nisane.oya kujithage kenekda.nathnam pirimi nurse ge kenekda?
අපේ රටේ දොස්තරල හිතා ඉන්නෙ එයාල තමයි සමස්ථ සෞඛ්‍ය සේවයම කියලා.පෝෂණ වේදී, Chemist මේ සේරම ගැන කියන්නෙ උපදෙස් දෙන්නෙ මෙයාලා. මේව පිටරටවලනම් වෙනම විශේෂඥ විෂයයන්. රටේ සෞඛ්‍ය මට්ටම ඉහල යෑමට ප්‍රධාන හේතුව රටේ දොස්තරලා නෙවෙයි. සෞඛ්‍ය පහසුකම නොමිලේ ලබාදීම. ඉන් අනතුරුව දොස්තරලා ඇතුලු සියලු සෞඛ්‍ය සේවකයින්ට ඒ ප්‍රශංසාව සමව හිමිවෙනවා. එහෙම නැතිව ලෙඩ්ඩු මැරෙනකොට රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය වගකියන්නයි. හොඳ වෙනකොට ඒක දොස්තරලා ගන්නෙයි කෙිහොමද? වසංගත රෝග නිවාරණ වැඩපිලිවෙලවල් ඇතුලු මදුරුවන්ට දුම් ගහන සේවකයින්ට පවා මේ ගෞරවය ලැබිය යුතුයි.