සුවසැරිය සියළු ගිලන් රථ පොලීසිවල ගාල් කරයි.. සෞඛ්‍ය වෘත්තීය සමිති ගල් ගහන සැලසුමක..
March 1, 2019 at 8:40 am | lanka C news
මෙරට ජනතාවට අමිල සේවාවක් සපයන ඉතාමත් කෙටි කාලයක් තුළ නොමද ආදරය දිනාගැනීමට සමත්වූ 1990 සුවසැරිය ගිලන් රථ සේවාව එහි නිර්මාතෘ, ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පළාතේ ජනතාව වෙනුවෙන් (28) ආරම්භ කළේය.
මෙම සේවාව මධ්‍යම පළාතට හඳුන්වාදීමේ උත්සව අවස්ථාව (28) මහනුවර නගරයේදී පැවැත්වුණු අතර එයට අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා ඇතුළු පළාතේ දේශපාලන නායකයින් රැසක් සහභාගී විය. මේ අනුව, මාතලේ, මහනුවර සහ නුවරඑළියේ ජනතාව වෙනුවෙන් ගිලන් රථ 41 ක් සේවය සඳහා යොදවා තිබෙන අතර 1990 අංකය ඇමතීමෙන් දිනයේ පැය විසිහතර පුරාම රෝහල්ගත කිරීමක් සඳහා මෙම ගිලන් රථ සේවාව මෙම පළාතේ ජනතාවට නොමිලේ භාවිතා කිරීමට හැකිය.
මෙම උත්සව අවස්ථාව අමතමින් 1990 සුවසැරිය ගිලන් රථ සේවාවේ නිර්මාතෘ, ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙසේ අදහස් දැක්වීය.
“අපි මේ ගිලන් රථ නතර කරල තිබෙන්නේ පොලීසි වලයි. සාමාන්‍යයෙන් ගිලන් රථයක් නතර කරන්නේ රෝහල්වල. එහෙනම් ඇයි? අපි මේ ගිලන් රථ පොලීසිවල නතර කරන්න තීරණය කළේ. මෙම ගිලන් රථ සේවාව හඳුන්වා දෙන්න යනකොට සෞඛ්‍ය ක්ෂේත්රයේ ඇතැම් වෘත්තීය සමිති අපට කිව්වා මේ ගිලන් රථ රෝහල්වල නතර කරන්න දෙන්න බෑ. එහෙම නතර කළොත් බලාගම්මු කියලා. මේ නිසා, අපි තීරණයක් ගත්තා මෙම ගිලන් රථ පොලීසිවල නතර කරන්න. අපි අද සතුටු වෙනවා එදා අපි ගත්ත ඒ තීරණය පිළිබඳව. මොකද? අපිට පොලීසියේ මහත්වරුන්ගෙන් ඉතාමත් හොඳ සහයෝගයක් මෙම සේවාව කාර්යක්ෂමව පවත්වාගෙන යන්න ලැබෙනවා. මම කියන්න කැමතියි, ඉදිරි අයවැයෙන් මෙම සේවාවට රුපියල් මිලියන 2500 කට වැඩි මුදල් ප්‍රමාණයක් අපි වෙන්කරන්න තීරණය කර තිබෙනවා.“
මේ වනවිට 1990 සුවසැරිය ගිලන් රථ සේවාව පළාත් 08 ක ක්‍රියාත්මක කර තිබෙන අතර මේ වසරේ අප්‍රේල් මාසය වනවිට නැගෙනහිර පළාතේද ආරම්භ කරමින් සමස්ත දිවයිනම ආවරණය කිරීමට සැලසුම් සකස් කර තිබේ. මේ වනවිට, මෙම සේවාව ක්‍රියාත්මක වන පළාත් අට තුළ ගිලන් රථ 250 ක් සේවයේ යොදවා තිබෙන අතර මෙම සේවාව සඳහා මේ වනවිට ලැබෙන ඇමතුම් ප්‍රමාණය දිනකට 1500 ක් පමණ වේ.
මෙම සේවාව කෙතරම් වේගයෙන් ජනතාව අතර ජනප්‍රිය වෙමින් තිබෙනවාද යත් මෙම සේවාව මගින් පුද්ගලයින් 450 දෙනෙකු පමණ මේ වනවිට දිනකට රෝහල් ගත කරන බව 1990 සුවසැරිය නිර්මාතෘ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.
මෙහිදී, කැපී පෙනෙන්නේ රෝගියා සිටින තැන සිට රෝහලක් වෙත ඔහු රැගෙන යාමට මෙම සේවාවට මේ වනවිට ගත වන්නේ සාමාන්‍යයෙන් විනාඩි 12.5 කට ආසන්න කාලයක් වීමයි. මෙයින් පෙනෙන්නේ මෙම සේවාවේ ඉහළ කාර්යක්ෂමතාවයයි.
– harsha midea
ගල් ගහල මදි හර්ශයාගේ ගොබ්බ වැඩ වලට
Gilan Ratha seeawak nomile Rate janathawata karanaeka gobba wedakda?
@sara, what an idiot!!!!!
CONGTATULATION . ජනතාවට අමිල සේවාවක් සපයන ඉතාමත් කෙටි කාලයක් තුළ නොමද ආදරය දිනාගැනීමට සමත්වූ 1990 සුවසැරිය ගිලන් රථ සේවාව
මහින්ද සහ හොර නඩය නැවත බලයට ඇවිල්ල මේ ආණ්ඩුව ගෙනියන ජනතා හිතවාදී වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න හදන්නේ. සියලු දෙනා එක්වී ඊට එරෙහිව ක්‍රියා කරමු.
මුලදි කීවේ මේක ඉන්දියාව නිකම් දුන්නා කියලා නේ.එහෙනම් බජට් එකෙන් මිලියන 250 ක් වෙන් කලේ මොන ඉටිගෙඩියකටද බං
සේවකයින්ට පඩි, වාහනවලට තෙල්, වාහන නඩත්තුව
මේ සේවාවේ සාර්ථක කම මනින්න වෙන දර්ශක ඕනේ නෑ. මේ වෙබ් එකේ නිවුස් එකක් උන එකම ඇති.
රනිල්ගේ මොලයෙන් සහ ඉන්දියාව සමඟ මිත්රශීලිත්වය මත සිදු වුවක්, හර්ෂයා දැන් එක දා ගන්න හදනවා
රනිල් මහත්තයෙන් පටන් ගත්තේ, හර්ෂ මහත්තයා එයාගේ නම දාගෙන
This is an Indian project. Very soon Indians will have all the data regarding our people. Then it is easy for them to introduce a Sena Dalambuwa to the general public. Get these Ambulances out of the country all together.