සුවිශේෂී වෙනසක් සමග මධ්‍යම අධිවේගය ඉදිකිරීම ඇරඹේ…

January 31, 2017 at 7:04 am | lanka C news
සුවිශේෂී වෙනසක් සමග මධ්‍යම අධිවේගය ඉදිකිරීම ඇරඹේ…

ශ‍්‍රී ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය තුල විශේෂ ස්ථානයක් මධ්‍යම අධිවේගී මාර්ගය වෙත හිමි වේ. විශේෂයෙන්ම දිවයිනේ පළාත් රැසක් (බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු මැද) යා කෙරෙමින් ඉදිවන මධ්‍යම අධෙවිගී මාර්ගය නිම වීමත් සමග පළාත් අතර ගමනාගමනය ඉතා කෙටි කාලයක් තුල සිදුකල හැකි වනු ඇති. එමඟින් උතුරු නැගෙනහිර, ඌව වැනි පළාත්වල සිට මහනුවර සහ අගනුවර වෙතත්, ව්‍යාපෘතියෙන් ආවරණය වන අනෙකුත් පළාත් වෙතත් ඉතා කෙටි කාලයක් තුල ගමන් කිරීමට හැකි වීම ආර්ථික, පරිපාලන හා ප‍්‍රවාහන යන සෑම අංශයකම වර්ධනයට විශාල රුකුලක් වනු ඇත.

පෙබරවාරි මස 01 වන දා කුරුණෑගල, අලව්ව – ගිරිඋල්ල ප‍්‍රධාන මාර්ගයේ කුඩගම්මනදී මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියරේ ඉදිකිරීම් ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගේ ආරාධනය පරිදි, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතයි. මීරිගම සිට කුරුණෑගල දක්වා කි.මි 39.29 දුරකින් යුතු මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර සඳහා රු.බිලියන 137.098 ආයෝජනයක් සිදුකරනු ලබයි. මීටර් 3.6 බැගින් වන මංතීරු 4කින් සමන්විත මාර්ගයේ පළළ මීටර් 23කි. අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 05ක් ඇතුලත් වන මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර තුල මීරිගම ,නාකලගමුව, මල්පිටිය , පොතුහැර සහ කුරුණෑගල යන ස්ථානයන්හී මෙම අන්තර් හුවමාරු ස්ථාපිත වනු ඇත. 2019 වසරේ මැද භාගය වන විට මෙම අදියරේ ඉදිකිරීම් අවසන් කිරීමට සැලසුම් කර තිබෙනවා.

මෙරට අධිවේගී මාර්ග ඉතිහාසය තුල සුවිශේෂී ස්ථානයක් මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර වෙත හිමි වන්නේ, සම්පූර්ණයෙන්ම දේශීය ඉදිකිරීම්කරුවන් විසින් මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර ඉදිකිරීම් කටයුතු කිරීම හේතුවෙනුයි. මීට පෙර මෙරට සිදුකල කිසිª අධිවේගී මාර්ගයක ප‍්‍රධාන මට්ටමේ ඉදිකිරීම් සඳහා දේශිය ඉදිකිරීම්කරුවන්ගේ දායකත්වය ලබා ගෙන නොමැති අතර මෙම ව්‍යාපෘතියත් සමඟ මෙරට අනාගත දේශීය ඉදිකිරීම් ක්ෂේත‍්‍රය වෙත තවත් මාවතක්ද විවර වනු ඇත. නව රජය දේශීය ඉදිකිරීම් කරුවන් දිරිගැන්වීම සඳහා ගත් සුවිශේෂ පියවරක් වන මේ තුලින් අනාගතයේ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් විදේශ රටවල් වෙත ඇදී යන විශාල මුදල් ප‍්‍රමාණයක් මෙරට තුල රඳවා ගැනීමටද හැකියාව ලැබෙනු ඇත.

අදියර 4ක් යටතේ ඉදිවන මධ්‍යම අධිවේගී මාර්ගය කි.මී.168.7ක දුරකින් යුක්ත වේ.

– රජිත සමරසූරිය

193 views

19 Comments to “සුවිශේෂී වෙනසක් සමග මධ්‍යම අධිවේගය ඉදිකිරීම ඇරඹේ…”

  1. Nisa says:

    Ara CHAMPA kiyala ekiyak nitaramma Tappulanawa neda..no comments yet..

    • kk says:

      This highway was planned with 6 lines now they reduced to 4 lanes and pay extra 12 B rupees for the same

      Ona gonekuta puluwan me widiyata parawal hadanna

    • හර්ෂණ says:

      චම්පා දැන් ඉන්නේ පොඩ්ඩක් හැංගිලා මචන් .එයා සිරිසේනට රෙදි නැතිව කඩේ ගිහින් මේ දවස්වල ඉන්නේ නොන්ඩි වෙලා .කොටින්ම කියනවනම් එයත් උම්බ්ලගේම හරක් රැලේ එකියක් තමයි උඹ වගේම තප්පුලනවා එත් ඒකිට අපිව රවට්ටන්න බෑ
      ඇත්ත කියපන් උඹ චම්පා නේද ?චම්පා කියන නම බේරාගෙන එයා හරිම දේශප්‍රේමී unp විරෝදියෙක් කියල පෙන්නන්න නේද උඹ මෙහෙම ලියන්නේ .

      අදිවේගය ඉදිකිරීමට ලැස්ති වීම හොඳයි නමුත් ඉතින් රනිල් වික්කම සිංහ ට ඕක විවුර්ත කරන්න ගරු ඉදිකිරීම් ඇමති විමල් විරවංශ මහතා 2019 ආරාදනා කලොත් තමයි යන්න වෙන්නේ .
      ඔය කොන්ත්‍රාත් දෙන්නේ පක්ෂයට උදවු කල අයටද ?නිකන් ඇහුවේ මොකද ඉතින් මහා බැංකුවේ අදිපති කමේ ඉඳන්ම තියෙන්නේ සම මිත්‍ර සංග්‍රහය නේ

      harshana
      champa Buster

    • Notthischange says:

      Kalabala wenna epa boss thama talk witharai.
      palathsaba chande thiyanawa kiyalath auruddak giya thama talks witharai. enisa poddak iwasala inna. nathnam apahu gu nanna wenne.

      mekath mathaka thiyaganna. mulin hadana eka deshiya un dala kalanam eka thama hadanawa. wadak karanna experience ganna ona. enisa padipele mul eka epa kiyala ithuru tika hadanna lasthiwenna epa.

      me wade naraka na. habai meka penna penna kalin karapuwa hallu karanna enna epa, gon kama penawa…

    • tomiya says:

      Champa wage ratata jathiyata adare karana uthum minisun harima adui Eth numbala wani kalakanni harak nam ada ona tharam innawa. Ekai ada ape ratata mehema wela thiyenne.. Me anduwa kiyanne ekak karanne wena deyak bawa danno danithi. Desheeya konthrath karuwan hadapu ape rate samanya parawal wala thathwaya dakkama adhiwegaya kohoma thiyewida kiyala hitha gattaki.

  2. dammika says:

    මේක පටන් ගන්න ඕන Colombo නතර කරලා තියන තැනින්නේ ……එටකොටනේ ජනතාවට වැඩි සෙතක් වෙන්නේ…..

    • kurunegala kollek says:

      aniva meka matara hambantota ekata wada janathawata prayojanawath. mahinda meka 2015 ta kalin weda patangena harithibuna nam 2015 jan 8 aniva dinanawa.

  3. Pachaya says:

    Only talk No work for the last 2 years. FDI come down to 450M usd from 1800 M in 2008.

    What are these idiots talking about? ??

  4. sunil says:

    ආණ්ඩුවේ වැඩක් කරනවා කියලා පෙන්නේ කිරීඇල්ලයි සජිතුයි විතරයි .

  5. Dr. know says:

    “අධිවේගී මාර්ගයක ප‍්‍රධාන මට්ටමේ ඉදිකිරීම් සඳහා දේශිය ඉදිකිරීම්කරුවන්ගේ දායකත්වය ලබා ගෙන නොමැති අතර මෙම ව්‍යාපෘතියත් සමඟ මෙරට අනාගත දේශීය ඉදිකිරීම් ක්‍ෂේත‍්‍රය වෙත තවත් මාවතක්ද විවර වනු ඇත.”

    මේක පට්ටපල් බොරු කතාවක්. වෙනදත් උප කොන්ත්‍රාත් කරුවන් ලෙස මහා ඉදිකිරීම් වල ඕන තරම් දේශීය සමාගම් දායක උනා දැවැන්ත යන්ත්‍ර සූත්‍ර සමග​.

    අනිත් එක තමයි මේ අධිවේගෙ පටන් ගත්තේ ගිය ආණ් ඩුවෙන්. ඒක මේ අය ආපු ගමන් නැවැත්තුව​. දැන් වසර 2 ක් බලන් ඉඳල නැවත පටන් ගන්නව​.

    • pappa says:

      අනිත් එක තමයි මේ අධිවේගෙ පටන් ගත්තේ ගිය ආණ් ඩුවෙන්…. ethakota southern highway eka chandrikage kale neda hadanna patangaththe .eka mahindage une kohomada?

  6. Sam says:

    Great Work!!!!!
    Much needed Expressway for the foreseeable future…..

  7. මාධ්‍යයේ මිතුරා says:

    දැන් රාජපක්ෂ කරපු නාස්තිකාර වැඩ යහ පාලනය කරන්නේ මොකටද ?

  8. Karu Jayasuriya says:

    පලමුව වෑඩය ඉවර කරමු. තවම වටරවුම මර්ගයෙ ඉතිරි කොටසවත් ඉවර කරගන්න බෑහෑ. කයිවරෑව විතරයි.

  9. Dillon says:

    No one spoke a word when money was being misused during the previous regime. But everyone is complaining about this government that no development is happening when there is progress.

  10. prasanna says:

    Pare dura 111 km. Adi wege dura 168 kda?

Main News