සුවිශේෂ බලකාය හදන්න ජනපති තීරණය කරයි..

May 3, 2017 at 6:48 pm | lanka C news
සුවිශේෂ බලකාය හදන්න ජනපති තීරණය කරයි..
  • සුවිශේෂී බළකායෙන් වෘත්තීය සමිති අයිතිවාසිකම් කප්පාදු කිරීමක් නෑ
  • කිසිවෙකුට හෝ තනතුරක් ලබාදීමට නොවේ, අත්‍යවශ්‍ය සේවා සඳහා කමිටුවක්
  • ශ්‍රීලනිපය – එජාපය නොව ආණ්ඩුව රැකිය යුතුයි
  • එක්ව ගන්නා තීරණ පිළිබඳ තැන් තැන්වල ගොස් බැණ වදින්න එපා

වෘත්තීය සමිති අයිතිවාසිකම් කප්පාදු කිරීමේ අරමුණින් නොව ජනතාවගේ අත්‍යවශ්‍ය සේවා කිසිදු බාධාවකින් තොරව සැපයීම සඳහා සුවිශේෂි බළකාය පිහිටුවීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමාත්‍ය මණ්ඩලයට අවධාරණය කර තිබේ.වර්තමානයේ දී සිදුකළ යුත්තේ එක්සත් ජාතික පක්ෂය හෝ ශ්‍රීලංකා නිදහස් පක්ෂය රැකගැනීමට කටයුතු කිරීම නොව ආණ්ඩුව රැකගැනීමට කටයුතු කිරීම බැවින් මේ පිළිබඳව අගමැතිවරයා සමග ද සාකච්ඡාකොට අත්‍යවශ්‍ය සේවා සැපයීමේ සුවිශේෂ බලකාය පත්කිරීමට තමා තීරණය කළ බවත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ(02දා) කැබිනට් මණ්ඩලයේදී අමාත්‍යවරුන්ට දැනුම් දී තිබේ.

පසුගිය කැබිනට් මණ්ඩලයේදී සුවිශේෂී බළකායක් පිහිටුවීම පිළිබඳ වූ සාකච්ඡාව ඇතැම් ඇමතිවරුන් විසින් විචේචනය කර තිබුණු අතර, එම ඇමතිවරුන්ට ජනාධිපතිවරයා මෙහිදී සිය කනගාටුව ප්‍රකාශ කර තිබේ.තමන් එක්ව ගන්නා තීරණ පිළිබඳ තැන් තැන්වල ගොස් බැණ වැදීම වැරදි යැයිද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමාත්‍යවරුන්ට කැබිනට් මණ්ඩලයේදී ප්‍රකාශකර තිබේ.

ජන ජීවිත අඩාළ කිරීමට කිසිවෙකුට ඉඩ නොහැකි බව ප්‍රකාශ කර ඇති ජනාධිපතිවරයා සුවිශේෂී බළකායක් නිර්මාණය කිරීමට කටයුතු කරන ලද්දේ කිසිවෙකුට හෝ තනතුරක් ලබාදීමට නොවන බවද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත.අත්‍යවශ්‍ය සේවා සම්බන්ධයෙන් කටයුතු කිරීම පිළිබඳ කමිටුවක් ඉතා ඉක්මනින් පත්කරන බවත්, එමගින් ජනජීවිතය අඩාළ නොවන අයුරින් පවත්වාගෙන යාමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී ප්‍රකාශ කර ඇති අතර, එය තවත් කෙනෙකුට තනතුරක් දීමට වන සූදානමක් ලෙස වරදවා තේරුම් නොගන්නා ලෙසද ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයෙන් ඉල්ලා ඇත.

වර්ජන සහ උද්ගෝෂණවලදී ජන ජීවිතය අඩාළ වීම වැළැක්වීමට අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් සුවිශේෂී බළකායක් පිහිටුවීමට යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය සතියේ පැවැති මාධ්‍ය හමුතුළ අමාත්‍යවරුන් වන ජෝන් සෙනවිරත්න, එස්.බී.දිසානායක මහත්වරුන් විවේචනය කර තිබිණි.මෙම සුවිශේෂී බළකාය පිහිටුවන්නේ ජනතාවගේ අත්‍යවශ්‍ය සේවා කිසිදු බාධාවකින් තොරව ලබාදීමට මිස කිසිදු අයුරකින් වෘත්තීය සමිති අයිතිවාසිකම් කප්පාදුකිරීමකට නොවන බවද ජනාධිපතිවරයා මෙහිදී අමත්‍යවරුන්ට පැහැදිලිකර දී තිබේ.

– ADA

17,944 Viewers

30 Comments to “සුවිශේෂ බලකාය හදන්න ජනපති තීරණය කරයි..”

  1. බෙම්පියා says:

    මුලිං මුට්ටිය දාල බැළුව…දැං ඉතිරි ටික..ඉතිහාසයේ අසාර්ථකම රජය මෙයයි..ගෝල්ෆේස් සෙනග දැක්ක විතරයි දැං ඉතිං ඉතිරි වෙලා තියෙන්නෙ මර්ධනය විතරයි කියල තේරිල හිටං!!

    • Medamulana says:

      අන්තෝ ජටා, බහී ජටා !
      ඇතුලත් ගිනි !
      පිටත් ගිනි !

      මෙයා ආප්ප කාල
      වේදිකාවට නැගල
      කිව්වේ එහෙම.

      දැන් අපි මෙයාට කියනවා !!!!!

  2. Toma says:

    Ethakota Grama sewakayo doctors la strike korame leddu balanne kalaweddada umbada ?

  3. මහා සම්මත says:

    ටයර් සෑයන් , මිනි ගොඩවල්… ආයේ 1987 මතක් වෙනවා….
    මහින්ද මහත්තයාට එකාධිපතියා කියපු උන්ට නියම එකාධිපති ස්වරූපය බලාගන්න පුලුවන්,,,,,

    • ඇනෝපිලස් says:

      අනිවාර්යෙන්ම 80වෙ මැද බාගෙන් පස්සෙ උපන්න ටොයි පැටවුන්ට පැටික්කියන්ට නියම ඒකාධිපතියාගේ ස්වරූපය දැක ගන්න ලැබේවි.

    • Wijebahu says:

      Owu ehema nokaran warada hinda mun denga natanawa.

  4. White Shark says:

    මේ කතාව මට නම් හරියට තේරුම් ගන්න බැහැ. අත්‍යවශ්‍ය සේවා සැපයීමට සුවිශේෂී “හමුදා බලකායක්” ද පිහිටුවන්න යන්නේ? ඉස්සෙල්ල නම් කියලා තිබුනේ ඔහොම නෙමෙයිනේ. ඒකට වෙනම මිනිස්සු බඳවා ගන්නවද? හමුදාවේ සාමාජිකයන් ගන්නවද? මේකේ ප්‍රධානියා සරත් ෆොන්සේකා ද?

    පහුගිය දවස් වල ෆොන්සේකා කියපු දේවල් ඇහුවහම නම් තේරෙන්නේ “අත්‍යවශ්‍ය සේවා සැපයීමට සුවිශේෂී බලකායක්” නෙමෙයි පිහිටුවන්න හදන්නේ “අත්‍යවශ්‍ය විරුද්ධවාදින් මර්දනය කිරීමේ සුවිශේෂී බලකායක්” කියල. මේකෙන් වෘත්තීය සමිති ප්‍රධානීන් මර්දනය කරන්නත් බලය ලැබෙනවා. මෛත්‍රී රනිල් දෙන්නගෙම රැකවරණ ලැබෙන සුපිරි මිනිස්සු ඉන්නවා. මේකෙන් වෙන්නෙත් එහෙම නැති මිනිස්සුන්ව මර්දනය කරන එක.

    එතකොට වෘත්තීය අයිතිවාසිකම් වලට මොකොද කරන්නේ? සේවකයන්ට වර්ජනය කරන්න පුළුවන්. නමුත් වර්ජන නිසා අඩාල වෙන සේවා වලට මේ සුවිශේෂී බලකාය යොදවල ඒ සේවා සපයනවා කියන එකද? එහෙම වෙලාවට කරන්න තියෙන්නේ ඒ සේවා අත්‍යවශ්‍ය සේවා කියලා නම් කරන එක. එහෙම පුළුවන්කම තියෙද්දී එහෙම නොකර බලකායවල් පිහිටුවන්නේ සහ එහි නායකත්වය ෆොන්සේකාට දෙන්නේ වෙනත් යටි අරමුණක් නිසා කියන එක පැහැදිලියි.

    මේ හදන්නේ FCID එකේ අනිත් එක හදන්න. ඒක රනිල්ගේ. මේක මෛත්‍රීගේ. නියමයි. 2020 දෙමුහුන් ආණ්ඩුව පරදින බව දන්නා නිසා දැන්මම මර්දනයෙන්, සිර ගත කිරීමෙන්, භීෂණයෙන් රට පාලනය කරන්න හදන සැලසුමක් මේක. (ඒකෙ තේරුම 2020 රාජපක්ෂ කෙනෙක් දිනනවා කියන එක නෙමෙයි. ඒකට මගේ කිසිම සහයෝගයක් නැහැ.)

    නමුත්, මහින්ද තමන්ට කතා කරන්නවත් ඉඩ දුන්නේ නැහැයි කියපු මෛත්‍රී, කලින් කැබිනට් රැස්වීම් වල කාටවත් කතා කරන්න ඉඩක් තිබුනේ නැහැ කියපු මෛත්‍රී, මහින්දගේ කාලේ තිබුණු භීෂණයෙන් රට මුදා ගත්ත කියපු මෛත්‍රී, තව මොකක්ද කිව්වා, මහින්ද නමැති “බිහිසුණු ඒකාධිපතියාට” එරෙහිව තමන් බය නැතුව ඉදිරිපත් වෙලා, ජයග්‍රහණය කළා කියපු මෛත්‍රී, දැන් තමන්ම විරුද්ධ වුනු මහින්දටත් එහා ගිහින් “ප්‍රසිද්ධියේම බිහිසුණු හමුදා බලකායක්” පිහිටුවන්න හදනවා, ජනතාව මර්දනය කරන්න.

    වෙන මොකොටද? ෆොන්සේකා වගේ රීරි යකෙක් දාන්නේ ඒකට නෙමෙයිද? ඊරි යකා කියල කිව්වේ රීරි යකාට අපහාසෙකට නෙමෙයි, තමන් ජනාධිපති වුනොත් 2010 ඉඳන් කරනව කිව්වා කියල මිනිස්සු කියන කතා අහලා. ජනප්‍රවාද වල තියෙන විදියට ෆොන්සේකා කියන්නේ යලි ඉපදුනු රීරි යකා. මහින්දට මම පොඩ්ඩක්වත් කැමති නැහැ. හැබැයි මහින්දව සාටකයෙන් එල්ලලා මරන්න ඕනේ කියලා ෆොන්සේකා කියපු එකෙන් තේරෙන්නේ ඊට අඩු පුද්ගලයන්ව බෝංචි කරල් කඩනවා වගේ තමන්ම බෙල්ල කඩලා මරනවා කියන එක. පොත් වල තියෙන්නේ රීරි යකත් ඔහොම කරනවා කියලා.

    නියම ජෝඩුව රට පාලනය කරන්නේ. රනිල් මහසෝනා වගේ බටලන්දේ භීෂණයෙන් රට භීතියට පත් කළා. දැන් අහිංසකයි කියලා මම හිතපු මෛත්‍රී රීරි යකා වේශයෙන් භීෂණයෙන් රට පාලනය කරන්න යනවා.

    දේශපාලනයෙන් තොරව, පාට පක්ෂ භේද නැතුව රටම ආපහු එකතු වෙමු. රාජපක්ෂලා වෙනුවෙන් මම සහයෝගය දෙන්නේ නැහැ. ඒක ස්ථිරයි. හැබැයි දැන් පොදු සතුරෙක් ඉන්නවා. මට පැත්තකට වෙලා ඉන්න බැහැ.

    පටන් ගන්නේ “අත්‍යවශ්‍ය සේවා” කියලා තමයි. හැබැයි ඉවර වෙන්නේ රටම විනාශ වෙලා. අපි අපේ පණටත් වඩා අපි උපන් රටට, හැදුනු වැඩුනු රටට ආදරෙයි. අතීතයේ මේ රටේ පාලකයන් කරපු දේවල් දැන් කරන්න දෙන්න බැහැ. ලෝකේ මීට කලින් මේ වගේ කරපු මර්දන වලින් රටවල් මළ කඳන් වලින් වැහිලා ගියා. පාරවල් වල මිනිස්සු පිච්චුනා. රාජ්‍ය සහ පුද්ගල දෙපළ ගිනි ගත්තා. බෝම්බ පිපුරුනා. ආණ්ඩුව දැන ගන්න ඕනේ මේ වගේ “බලකායවල්” හැදුවහම ඊට “ප්‍රති බලකායවලුත්” හැදෙනවා කියලා. ඊට පස්සේ ආයුධ අතට ගන්නවා කියල. ෆොන්සේකාට විරුද්ධ මිනිස්සු ඕනේ තරම් හමුදාවේ ඉන්නවා. ඒ ගොල්ලන්ගේ සම්බන්ධයක් තියෙනවා කියලා මම කියන්නේ නැහැ. මම ඒක නිකමට කිව්වේ. හැබැයි සාමාන්‍ය මිනිස්සු ඉස්සර වගේ නිකම් බලා ඉන්නේ නැහැ. මේකට විරුද්ධව අප්‍රසිද්ධියේ කඳවුරු බඳියි. මේ පැත්තේ කවුරුවත් හිර ගෙදර දැම්මොත් හරි මැරුවොත් හරි ඒකට වාඩුව අනිත් පැත්තෙන් ගනියි. නිව්ටන්ගේ තුන්වෙනි නියමයට පණ එනවා. මම ඒවාට සහයෝගය දෙන්නේ නැහැ. හැබැයි කාටවත් නතර කරන්න බැරි වෙනවා.

    මෛත්‍රී නැමැති ‘බිහිසුණු ඒකාධිපතියාගේ’ (මේවා එයාගෙම වචන) “සුවිශේෂී රීරි යකා බලකායට” විරුද්ධ වෙමු. මර්දනයෙන්, තුවක්කුවෙන්, භීෂණයෙන්, භීතියෙන් ආරම්භ කරන්න හදන පාලනයට එරෙහි වෙමු. අර 62 ලක්ෂෙටත් එන්න වෙයි, පාද යාත්‍රාවට ආවා වගේ. මොකොද මේ ඉන්නේ ඒ ගොල්ලෝ චන්දෙ දීපු මෛත්‍රී නෙමෙයිනේ. බිහිසුණු ‘තනි’ ඒකාධිපතියෙක් එපා කියලානේ චන්දෙ දුන්නේ. ඔන්න දැන් අවුරුදු දෙකයි ඊට වඩා බිහිසුණු ඒකාධිපතියෙක්, තනියමත් නෙමෙයි, සුවිශේෂී බලකායක් එක්කම නිර්මාණය වෙන්න යනවා. බලය තියෙන කොට මොලය නැහැ විතරක් නෙමෙයි, හදවතකුත් නැති වෙනවා. රට විනාශ වෙනව, අපේ මිනිස්සු මැරෙනවා සිර ගත වෙනවා, අතුරුදහන් වෙනවා බලා ඉන්න පුලුවන්ද? මම හිතනවා බටලන්දෙන් පස්සේ, ප්‍රභාකරන්ගෙන් පස්සේ, සිද්ධ වෙන්න යන ෆොන්සේකා භීෂණය පටන් ගන්න ඉස්සෙල්ල නවත්ත ගන්න ඕනේ කියලා.

    • JB says:

      Champa, what are you up to now, what ever you say LCN readers know that you are an paid/unpaid slave of Sirisena. So get lost and mind your own business.

      • White Shark says:

        JB

        Don’t fight a losing battle, minion. For the first time I saw you accepting that you are a paid/unpaid slave of MR. My comment is surely not for your master, but for others whom I sincerely care.

        • JB says:

          Champa, did it hurt you, i have to say the same thing again, you cannot convert LCN readers, so get lost and go back to your Deshadrohi master sirisena.

          • White Shark says:

            JB

            Did it hurt? Hurting me is not easy, dude. I am a tough cookie.

            Sirisena is not “deshadrohi”, at least not yet. He stopped many of Ranil’s “deshadrohi” deeds.

            There are certain things I am against IN PRINCIPLE. Prejudice, Injustice, Suppression, Violence and Terror are a few of them. I protest against them no matter who does it whether it is Mahinda, Maithree or Ranil.

            If you read my comment properly, you will see that I voiced against the “Proposed Military Mafia headed by Fonseka”. My concern is that.

            LCN doesn’t belonging to you, dude. Many others also tried what you are trying to do. But failed. LCN respects alternative views and unlike some other printed media, they are not scared to publish them. What I can do or what I cannot do, you didn’t see yet.

          • White Shark says:

            JB

            If you are sure I cannot convert LCN readers, why are asking me to go away?

        • raj says:

          සිරිමා බෝ ළඟ සිටිනා
          දළඳා සමිඳුන් වඳිනා
          යකුනි තොපට ඇස් පෙනෙනා
          කිම කාරණ නිහඬ වෙනා
          එකින් එකා එකෙක් නෑර
          ගනිව් ලඟට පාදඩ රැල
          එලවන තුරු යහපාලනෙ
          රට බාරයි යකුනි තොපට !
          මුළු රටක්ම හුස්ම ගන්නෙ
          මගෙ නිරිඳුගෙ පින් බලේට
          ඒ හුස්මට අවමන් කළ
          හැම එකෙක්ට දෙනු සම්බුව !
          අපා දෙපා සිව්පාවා
          ඇති යහපාලනෙ පලවා
          යකුනි මෙබිම පිරිසිදු කර
          දෙනු, දෙවියන් වැඩ සිටිනා !
          සිරියාවයි මගෙ නිරිඳුන්
          මුළු රටටම කිරි ඉතිරේ
          පමා නොවී ඇක්ෂන් ගෙන
          මා සනසන් යක් මිතුරේ !
          කල් ගත්තා හුඟක් වැඩියි
          අධි වේගෙන් පටන් ගනිව්
          මගෙ හදවත වන් නිරිඳුට
          සුක්කානම ඇරන් දියව්

          • White Shark says:

            Raj

            මචං යකා කියන්න කිව්වා, නැහැ යක්කු ඔක්කොම කිව්වා උන් අහන්නේ උන්ගේ Master හෙවත් ඔය Order එක දීපු කෙනා කියන දේ විතරයි කියලා.

            අනිත් එක පිළිවෙලකට ගලපලා ලියපු කවි පංති 4කින් 5 කින් කොටස් කොටස් අරගෙන එකක් කරලා
            හත් මාළුවක් වගේ කෑමක් දුන්නට, copycats ලා කියන දේ අහන්නේ නැහැ කියන්නත් කිව්වා.

    • somapala says:

      හලෝ ඩයාන් මේ කතාවෙන් ‘(රාජපක්ෂ කෙනෙක් දිනනවා කියන එක නෙමෙයි. ඒකට මගේ කිසිම සහයෝගයක් නැහැ.)’ කියන එකෙන් තේරෙනව තමුන්ගෙ තියෙන රාජපක්ෂ භීතිකාවත් අර එකෙන් අස්කරපු එකේ කෝන්තරේ.

      • White Shark says:

        ඩයාන් කියන්නේ කවුද මම දන්නේ නැහැ. මම ජීවිතේට දේශපාලකයන් ළඟ රස්සාවක් කරලා නැහැ. ඉස්සරහට කරන්නෙත් නැහැ. දේශපාලකයන්ගෙන් යැපෙන්න මට කිසිම අවශ්‍යතාවයකුත් නැහැ. භීතිකාවක් හැදෙන්න තරම් අභියෝගයක් මම මේ වෙනකම් දැකලත් නැහැ. You can’t tell how strong a tea bag until you put it in hot water, dude.

    • priya says:

      excellent comment white shark!

    • Black Hat says:

      Champa,ubata sathutuida den?

  5. කක්කුස්සි කටා says:

    අපි හමුදාව ඉස්පිරිතාලවල බේත් දෙන්න දාලා සයිටම් කට්ටිය පෙට්‍රල් ෂෙඩ් වලට දානවා පෑට්‍රල් ගහන්ඩ. එතකොට වර්ජනය අසාර්ථකයි.

  6. බකලදාස says:

    දැන් උදාහරනයක් හැටියට සෙෳඛ්‍ය සේවය ගන්න.
    දොස්තරල සුපුරැදු පරිදි පටන් ගත්ත වර්ජනේ
    පටස් කියල දැම්ම විශේෂ බලකාය!
    ලෙඩ්ඩුන්ට දැනෙන එකක්වත් නෑ වර්ජනේ කියල!
    මයි3 ගෙ චෙස් මොලේ !

  7. දුගී_පුරවැසියා says:

    අපේ ජනබලකායත් ඕනෑම දෙයකට සූදානම් හිටං.

  8. රාහුල කොලුවා says:

    බලය ලැබෙන තෙක් ඡනහිතකාමී….. බලය ලැබුනට පස්සේ බලකාමී…

  9. Sepalika Ranathunge says:

    මහින්ද සාටකයෙන් එල්ලනවායි කීමෙන්
    ෆොන්සේකාගේ වෛරයේ තරම පෙනෙනවා
    – රොෂාන් රණසිංහ

    වසර 30 ක්‌ ත්‍රස්‌තවාදයෙන් බැටකාපු රට, ජනතාව බේරාගත් නායකයා වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සාටකයෙන් එල්ලනවයි කියන කුහක අදහසක්‌ දීමෙන්ම සරත් ෆොන්සේකා ඇමැතිවරයා මොනතරම් වෛරයකින්, පීඩනයකින් පෙළනවාද යන්න පැහැදිලි වන බව ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පැවැසීය.සරත් ෆොන්සේකා, රාජිත සේනාරත්න වැනි ඇමැතිවරුන්ගේ මෙම ප්‍රකාශවලින් එළියට එන්නේ ආණ්‌ඩුව තිබෙන දැඩි පීඩනය යෑයිද හෙතෙම සඳහන් කළේය.

    මහින්ද රාජපක්‍ෂ මහතා සාටකයෙන් එල්ලීම එතරම් ලෙහෙසි නැති බවත් එතුමාට පුතුන් තිදෙනෙකු මෙන්ම ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක්‌ සිටින බව මතක්‌ කර දෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පැවැසීය.

    තරුණයන්ගේ හා වෘත්තීය සමිතිවල උද්ඝෝෂණ මැඩ විනය හැදීමට පත්කිරීමට යන්නේ මෙවැනි පුද්ගලයකු දැයි හෙතෙම රජයෙන් ප්‍රශ්න කළේය.

    සරත් ෆොන්සේකා ඇමැතිවරයා මැයි දිනය දා කළ එම ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඊයේ (3දා) පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ මාධ්‍ය හමුවේදී කළ විමසීමට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරු එසේ පැවසූහ.

  10. gramasevaka brapthi umbe balukaya gihin hadapan apaye in burning HELL.

  11. Boo says:

    මෙයාටයි හරක් පොන්සේකටයි රනිල්ටයි ගේම ඕනෙම නං අපිට ඒක දෙන්න පුළුවන්.

    ඔය මිලියන් 600 මොන කැරලි මර්ධන අටමඟල ගෙනාවත් ජන බලය ඉදිරියේ ඕව හුඹස් වෙනවා. එහෙමනං ඔය ලිබියාවේ, ඉරාකයේ, සිරියාවේ, ඊජිප්තුවේ එහෙම ඇමරිකාවෙන් ජනතාව කුලප්පු කරලා පාරට බැහැල කැරලි ගහන්න කිවුවම ඒ ආණ්ඩු වලටත් තිබුනනේ ඔයින් කැරලි මර්ධන වාහන දෙකකින් සියල්ල සංසිදුවන්න. ඕව බොරු පඩ විජ්ජා. ඕව හොඳයි මිනිස්සු දෙසීයක් විතර ඉන්න විරෝධතාවකට.

    ලක්ෂ පහක් සෙනඟ පාරට බැහැල එක තැන ඉඳගත්ත නං කඳුළු ගෑස්, වතුර ගහල පන්නන්න පුලුවන්ද? කොහාටද කොහොමද දුවන්නේ? ඊළඟට බැරිවෙලාවත් මේ රටගොන් ආණ්ඩුව එහෙම කලොත් කුපිත වෙච්ච මිනිස්සු අර හනුමන්තා කළා වගේ පාර දිගට තියෙන ගොඩනැගිලි වලට පවා ගිනි තියල මහා විනාශයක් කරනවා ෂුවර්. එතකොට මොකද වෙන්නේ? අනික පාරට බැහැල ඉන්න මිනිස්සුන්ගෙම පුත්තු, සහෝදරයෝ, තාත්තලා, මාමලා, තමයි හමුදාවේ පොලිසියේ ඉන්නේ. එතකොට ඒගොල්ල තමන්ගේම පවුලේ අයට කෙරෝලක් නැතුව ගහයි මරයිද මේ කොහෙද ඉන්න මැට්ටෙක් ගේ අණට කීකරු වෙලා?

    අනික මිනිස්සු ලක්ෂ ගණනින් වර්ජනය කරලා සද්දේ වහලා ගෙදර හිටියොත් කාටද ගහන්නේ? බඩු, භාණ්ඩ, සේවා ඉල්ලලා එලියට බහින රෝගීන්ට, සහ අනෙකුත් පාරිභෝජකයන්ටද?

    මිනිස්සුන්ව මර්ධනය කරන්න පුළුවන් සීමාවක් තියෙනවා, ඒක පැන්නම , මිනිස්සුන්ට නැතිවෙන්න දෙයක් නැති තැනට ආවම, නහයෙන් උඩට ගිලුනම, උන් කෙලිනවා කෙලිල්ලක් ඕන කෙරුමෙක් නැති බන්ගස්තාන වෙන්න. ආසියාවේ පිබිදීම (Asian spring) සමහර විට එතකොට ලංකාවෙන් පටන් ගනීවි.

    පඹයෝ, පොන්නයෝ, හරක් පොන්සේකෝ, කක්කුස්සි කටෝ, ගොන් වස්සෝ රැල පුළුවන් නම් කොරලා බලපල්ලා.

  12. doratupala says:

    Rata pawadun 8 pass sirisena paharaya….me thamai muge awasanaya..

  13. padasira says:

    දේශපාලුවා – කම් කම් බූරූ
    මීඩියා පොරවල් – සිං සිං නෝරූ
    දේශපාලුවා – මං කියන දේ අහනවදෝ
    මීඩියා පොරවල් – ඕ ..ඕ…ඕ …ව්ව්ව් …ව් සෑෑ…ර්ර්…
    දේශපාලුවා – එහෙනං දුවලා දුවලා දුවලා ගිහිං මේ නිව්ස් එක දාලා එන්ඩෝ..!

  14. lapaya says:

    මේ රටේ අධ්‍යාපන අමාත්‍යවරුන් ගේ ඉතිහාසයේ රනිල් අධ්‍යාපන ඇමතිකම දරලා තියෙන්නෙ, 80-89 කාලේ.
    කොහොමද බොලව්, සාර්ථකත්වය?
    අන්තිමට 80,000ක් කොල්ලො, කෙල්ලො වළපල්ලෙ.
    මැරිච්ච බහුතරයක් 20 වයස් එවුන්.
    ඒ කියන්නෙ රනිල් අධ්‍යාපන ඇමතිකම ගන්න කොට 5 පන්තියේ විතර හිටපු දරුවෝ තමයි, වධකාගාරවල දස වධ විඳලා ඝාතනය වුණේ.
    නායකත්වය කියන්නෙ මොකක්ද?

  15. pilath says:

    Kalawedda pol pot wennai yanne !!

Main News