‘සුව ධරනි’… කොරෝනා සුව කරන දේශීය ඖෂධය හදුන්වා දෙයි..

October 13, 2020 at 6:27 am | lanka C news
‘සුව ධරනි’… කොරෝනා සුව කරන දේශීය ඖෂධය හදුන්වා දෙයි..

කොවිඩ් – 19 වෛරසයට එරෙහිව නව ප්‍රතිශක්තිකරණ දේශීය ඖෂධයක් ‘සුව ධරණි‘ නමින් මහජනතාවට හඳුන්වාදීම දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයෙන් (12) සිදු කෙරිණ.

දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය ඇමැති නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ඖෂධය වෙළදපොළට හදුන්වාදීම නාවින්න ආයුර්වේද දෙපාර්තමේන්තුවේදී සිදු කෙරිණ.

කොත්තමල්ලි, වෙනිවැල්ගැට, හීන් අරත්ත, වියළි ඉගුරු අඩංගුව නිෂ්පාදනය කර ඇති මෙම ඖෂධය පානයෙන් පුද්ගලයාගේ ප්‍රතිශක්තිය වර්ධනය නිරන්තරයෙන් සිදු වන බව ඇමැතිවරයා එහිදී පැවැසුවේය.

කොවිඩ් – 19 ආසාදිතයින්ට මෙම පානය ලබාදීමට පසුගිය කාලයේ පියවර ගත් අතර ආසාදිතයින්ගේ ප්‍රතිශක්තිය වර්ධනය වී රෝගයට ඔරොත්තු දෙන සෞඛ්‍ය සම්පන්නභාවයක් ඔවුන්ගේ සිරුරු තුළ ඇති වූ බවත් නිරෝධායනය වෙමින් සිටි ත්‍රිවිධ හමුදාව ඇතුළු රෝගීන්ට මෙම ඖෂධය ලබාදීම සිදු කරන බවට නිල වශයෙන් ප්‍රකාශ නොවුණත් පසුගිය කාලයේ දිගින් දිගටම සිදු කළ බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවසුවේය.

ස්වාභාවික ඖෂධයන්ගෙන් මෙම ඖෂධීය පානය සකස් කිරීම සිදු කරන අතර කිසිදු අතුරු ආබාධයක් කිසිවෙකුටත් නොවැළ‍දෙන බවත් කිසිදු බියකින් තොරව ඕනෑම අයෙකු හට මෙම ඖෂධය භාවිතා කළ හැකි බවත් ඇමැතිවරයා පැවැසුවේය.

දැනට කොරෝනා වෛරසයට ව්‍යාප්තව පවතින අවදානම් කලාපවල පුද්ගලයින්ට මෙම ඖෂධීය පානය ලබාදීමක් සිදු කරන්නේ යැයි ද, මෙම ඖෂධීය පානයෙන් ආසාදිතයින් සුවපත් වීමක් සිදු වුවත් ඒ සම්බන්ධයෙන් විද්‍යාත්මක පර්යේෂණයක් මෙතෙක් සිදු කර නොමැති යැයි ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන, දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය ලේකම් කුමාරි වීරසේකර, ආයුර්වේද ඖෂධ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් චතුර කුමාරතුංග, ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපතිනි නීතිඥ සාගලා අබේසිංහ මහත්ම මහත්මීහු සහභාගි වූහ.

– news.lk

83,827 views

38 Comments to “‘සුව ධරනි’… කොරෝනා සුව කරන දේශීය ඖෂධය හදුන්වා දෙයි..”

  1. Dp says:

    මේ බෙහෙත් වල සාරය පෙත්තක දාලා ලස්සන දවටනයක දාලා දුන්නනානම් .ගන්න පොලිමක් තියෙයි.

  2. waruna says:

    me desiya awsadhayata wiruddawa comment karana siyalu denaama pad Sajiyage pakanil jvp,
    gawa muthraawalin diya karala bona buddhimathun .
    gu.n.p. jvp. sjb .ekama walle pol. munta ratak hadanta puluwanda…’

  3. SL says:

    මේ බෙහෙත අනිත් ආයුර්වේද රෝහල් වලිනුත් බෙදා දෙන්න කටයුතු කරන්න.

  4. Excellent Wow great work………..

  5. ලංකාපුත්‍ර says:

    දේශීය ඔසුවේ සාර්ථකත්වය ගැන අදහස් ප්‍රකාශ කිරීමට තවම කල් වැඩියි.
    නමුත් එය හෙලා දැකීම නොකළ යුතුයි.
    ඔය උඩ මහා විවේචන කරන බහුතරයක් උදේ හවස කොත්තමල්ලි වෙනිවැල් ගැට මුට්ටි ගනන් බීලා පෙරුම්කායම් ගැටගහගෙන ඉන්න අය..
    හැබැයි කතාව නම් මේ කිසිදෙයක් වැඩක් නැති ගානට.
    අඩුමතරමේ බටහිර වෙදකමේ කිසිම ප්‍රතිකාරයක් නැතිව තියෙද්දී පෙරදිග වෙදකමේ රෝග ප්‍රතිශක්තිය වඩවන බෙහෙතක් හෝ තිබීම වටිනවා…

  6. Kamal Italy says:

    මේ බෙහෙතේ ගුණ – අගුණ ඇමතිවරයා විග්‍රහ කරනවට වඩා හොඳ නැද්ද දේශීය වෛද්‍ය වරයෙකු ලවා ප්‍රකාශ කලානම්
    අදාළ ක්ෂේස්ත්‍රයේ අයෙකු කරන ප්‍රකාශ තරම් ඇමතිවරුන්ගේ විග්‍රහ ජනතාව පිළිගන්නේ නැහැ නේද?

  7. Ravi says:

    මිල කීයද ?
    කොහෙද මිලදී ගන්න පුළුවන් ?

    කොරෝනා සුව කරන බෙහෙතක් නොවේ . ප්‍රතිශක්තිකරණය වඩවන බෙහෙතක් නේද ?
    ලොකු වෙනසක් …

  8. US marine man says:

    We need to call US marine forces immediately.

  9. Love nature says:

    ඉංග්‍රීසි වෙදකම වෙනුවෙන් ඖෂධ එකකට වියදම් කරන මුදල වසර 10කට හෙළ වෙදකම වෛද්‍යවරුන්ගේ උපදෙස් මත වියදම් කරල අවස්ථාවක් දුන්නොත් මුළු ලෝකයටම ආදර්ශයක් දෙන්න පුළුවන් වෙනවා.

  10. ❤💙💚💛💜 says:

    බැර ලෝහ, ඇල්කොහොල් මේ බෙහෙතේ අඩංගුද? අලුත් බෙහෙතක් නම් අතුරු ආබාධ ගැන සොයා බැලුවාද? නැත්නම් “දේශීය ඖෂධ ” කියපු ගමන් කිසි අතුරු ආබාධයක් නැහැ කියා අපි හිතන්න ඕනේ ද?

    • අනේ ගොනෝ says:

      මෝඩ රාල, දේශීය ආයුර්වේද ඖෂධ වලින් අතුරු ආබාධ නැතිබව උඹ නොදන්නේද?

    • උඹ දේශීය වෙදකමයි ඉන්දියාවේ තියෙන ආයුර්වේද වෙදකමයි දෙකම එක කියලද හිතාගෙන ඉන්නේ.

    • කැප්ටන් says:

      ඔයා කොරෝනා හැදුනත් දේශීය ඔෟෂධ ගන්න එපා.
      අතුරු අාබාධ අාවොත් එහෙම….
      මැරෙනවා වගේද අතුරු අාබාධ….
      😂😂😂😂😂

Main News