සුසන්තිකාගෙන් පාඩමක් ඉගෙන නොගෙන ඇමති දයාසිරි පඩුවස්නුවර සමූපකාරයට පැන යකා නටා තම ගමේ මිනිස්සුන්ටත් පහර දෙයි..

June 10, 2017 at 10:23 pm | lanka C news
සුසන්තිකාගෙන් පාඩමක් ඉගෙන නොගෙන ඇමති දයාසිරි පඩුවස්නුවර සමූපකාරයට පැන යකා නටා තම ගමේ මිනිස්සුන්ටත් පහර දෙයි..

පඩුවස්නුවර විවිධ සේවා සමුපකාර සමිතියේ මහා සභාව රැස්වූයේ දැනට සමුපකාර සමිතියේ සභාපතිවරයා ඇතුළු පරිපාලනය ඇති දූෂණයන් සම්බන්ධව එහි වර්තමාන සභාපතිවරයාට විරුද්ධව විශ්වාස භංගයක් ගෙන ඒම සඳහායි.

මෙහිදී පඩුවස්නුවර ශ්‍රීලංකා නිදහස් පක්ෂ සංවිධායක මෙන්ම වර්තමාන ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර අමාත්‍යවරයා මුල සිටම තම හිත්වතකු වන දූෂිත සභාපතිවරයා ආරක්ෂාකර ගැනිමට මෙම මහා සභා රැස්වීම කඩාකප්පල් කිරීමට නොයෙකුත් උපක්‍රම යෙදුහ, එහෙත් සමූපකාරයට ලැදි එහි සමාජිකත්වය විසින් මහා සබාව රැස් කොට අවශ්‍ය තීරණය ගෑනිමට සූදානම් වුහ.

ඒ සමගම මැර පිරිසක් සමඟ සමූපකාර පරිශ්‍රය තුලට කඩා වැදුන දයාසිරි ජයසේකර අමාත්‍යවරයා ඇතුළු පිරිස එහි සමාජිකයින්ට මෙන්ම සමූපකාර සභාපතිවරයාට විරුද්ධව විශ්වාස භංගය ගෙන ඒමට සුදානම් වූ අධ්‍යක්ෂවරයෙකුටද පහර දී එම සාමකාමී මහා සභා රැස්වීම කඩාකප්පල් කරන ලදි.

මේ සම්බන්ධයෙන් පඩුවස්නුවර ප්‍රගතිශීලි ජනතාව පවසනුයේ දයාසිරි අමාත්‍යවරයා මේ වනවිට දේශපාලන බලකාමයෙන් මත්වී තම බලය බලහත්කාරකමෙන් රැක ගැනීමට මැර ක්‍රියා මෙන්ම ගමේ අහිංසක ජනතාවට චන්ඩිකම් පෙන්වන්න පටන් ගෙන ඇති බවයි.

එහෙත් ඒ අතර කිහිප දෙනෙකු ප්‍රකාශ කර සිටියේ ලෝකය දිනා ලංකාව ඔලිම්පික් පදක්කමක් හිමිකර දුන් අපේ රටේ ගමෙන් පැමිණි ලෝක පූජිත ක්‍රිඩිකාවක් වන සුසන්තිකා ජයසිංහට කරන අසාධාරණය මෙන්ම ඇයව අපහසුතාවට පත් කරමින් ගෙනියන සටන සුසන්තිකාගේ නොසැලෙන ශක්තිය ඉදිරිපිට දයාසිරි ජයසේන අමාත්‍යවරයාට පසු බසින්න සිදු වී ඇති බවයි.

එම ලැජ්ජාවෙන් බේරෙන්න පක්ෂ නායකත්වය ඉදිරියේ ලකුණු දාගන්න මෙවෙනි පහත් තත්ත්වයේ ක්‍රියා කිරීමට දැන් දයාසිරි ජයසේකර අමාත්‍යවරයා පෙලබි ඇති බවයි.

– FB ජාලයෙනි

64 views

5 Comments to “සුසන්තිකාගෙන් පාඩමක් ඉගෙන නොගෙන ඇමති දයාසිරි පඩුවස්නුවර සමූපකාරයට පැන යකා නටා තම ගමේ මිනිස්සුන්ටත් පහර දෙයි..”

  1. asaranaya says:

    දයාසිරියෝ නාටක මාරයි, උඹනම් හමාරයි
    අපටත් පුදුමයි, දැන්නම් කූජිතයි

    • kaniya says:

      සුසන්තිකා මුව හක්කේ තියල සේම ඇරියට පස්සේ මු ඉන්නේ කිනිතුල්ලෝ වහපු වස්සෙක් වගේ
      ඇයි නොන්ඩි වෙන්ව කියල එහෙම නොන්ඩිවීමක්

      • Gamarala ge putha says:

        චිකේ . විළි ලැජාවෙ පණ යනවා !

        • Amda says:

          මුන්ගෙ කාලෙ ඉවරයි… ඔක්කොම කුලප්පු වෙච්ච මී හරක් වගේ, යන ගී කියනවා

  2. gavin gunawardane says:

    සුසන්තිකා සමඟින් හටගත් පැනය
    ඔබ හට පරාජය ලැබදී දැන් නිමය
    කල හැකි තවත් කිසිවක් ඉතිරිව නැතිය
    එස් බී සමඟ එක්වී බොනු වස පැනිය

Main News