සුසිල්ට තවත් පහරක්.. පොහොට්ටුවෙන්ද ඉවතට..?

January 7, 2022 at 10:40 am | lanka C news
සුසිල්ට තවත් පහරක්.. පොහොට්ටුවෙන්ද ඉවතට..?

හිටපු රාජ්‍ය ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීමේදී තීරණයක් ගනු ඇතැයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.

ඒ අනුව ඉදිරි දිනක පැවැත්වීමට නියමිත එම රැස්වීමේදී ගණ්නා තීරණය පක්ෂයේ නායකයා විසින් දැනුම් දෙනු ලැබීමෙන් පසු ලේකම්වරයා ලෙසත් තමන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ද ඔහු පැවසීය.

ප්‍රේම්ජයන්ත් මහතා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්ව විද්‍යාලය දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉකුත් 4 වෙනි දා ජනාධිපතිවරයා විසින් ඉවත් කරනු ලැබීය.

මේ අතර සමාජ ජාලවල වාර්තා පල වන්නේ ඇමති ධුරයෙන් ඉවත් කිරීම අනුව යමින් පේ‍්‍රම්ජයන්ත් මහතා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්ද ඉවත් කරනු ඇති බවයි.

රාජ්‍ය අමාත්‍ය ධූරයක් දරමින් ආණ්ඩුවේ කටයුතු විවේචනය කිරීම එම ධුරයෙන් ඔහු ඉවත් කිරීමට ආසන්නතම හේතු වූ බව රජයේ ආරංචි මාර්ග පවසයි.

62,677 views

7 Comments to “සුසිල්ට තවත් පහරක්.. පොහොට්ටුවෙන්ද ඉවතට..?”

  1. Prasanna says:

    He should be sacked from Parliament. Like Premadasa sacked Lalith and Gamini. I am not against being critical but there should a way to do it. He was doing the same thing being a minister in Ranil-Maithree government. It did an immense damage to it. Finally it collapsed. Discipline is the most important thing in management and in governance.

  2. පොද්දා says:

    හුටා පටා..පොදු අපේක්ෂක සිහිනයට කුමක් වෙයිද? දිය වෙයිද?

  3. අතුලසෞදි says:

    වහාම 20 වැනි සංශෝධනයෙන් නැවත ඇතිකළ දිත්ව පුරවැසි වගන්තිය අහෝසි කල යුතුය.රාජපක්ෂවරු හැර අනිත් හැම මන්ත්‍රීවරයෙක්ම මෙයට විරුද්ධව ජන්දය දිය යුතුයි.

  4. Common Sense says:

    It is fine! This chap is highly ambitious and an opportunist. This chap behaved in the same manner in the Yahapalanaya government also. Now see how he pretended to be a honest person by using a three-wheeler after he left his office. Had he used his official vehicle to report to the office, then he would have used the same vehicle for his return journey to his residence also. Nothing wrong in it. He is a good actor for dramas.

  5. Felix says:

    He He…. Gammanpila, Waasu, Wimal Yana Aya Wiwechanaya Nowaine….. Aaanduwa Liyala Dena Eka Kiyawanawa…. Puthanoota Issela… Aaanduwenma Eeee Wedaya Iwara Karanawa
    One Law, One Country!

  6. සුසිල්ගේ කට වසා ,ගෙදර යවා, බැසිලා රජ කෙරුවට මේ රට ඉදිරියේ සාගතයක් එන බව, වහ ගන්න බැහැ ගොන් රජෝ ! බොට දැන්වත් උකුනු පුකක් තරමටවත් මොලයක් තියෙනවා නම් ඉස්සර වෙලාම කරන්නෙ බැසිලව ඇමරිකාවට ආපසු දක්කලා පොහොට්ටු බත්බැල නඩයේ පුකට පයින් ගහල , මේ රටේ ආර්තිකය ගැන හරියටම කලමනාකරනය කලහැකි නිවරදි උපදෙස් දෙන set එකක් හොයලා රට ගොඩ ගන්න එකයි වාහේ !

  7. Demuni Uduwara says:

    SLPP consist of the uneducated and cowards mostly !