සුසිල්-ගෝටා ඇමරිකාවේදී හමුවෙති..
February 9, 2017 at 6:48 pm | lanka C news
මේ දිනවල ඇමරිකානු සංචාරයට හෙදී සිටින ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම් හා ඇමති සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අතර හමුවක් එරටදී සිදුව ඇති බව වාර්තා වෙයි.
එම සාකච්චාවේදී මෙරට දේශපාලන තත්වය ගැන සාකච්ඡා කර ඇති බව වාර්තා වුවද වැඩිදුර විස්තර නැත.
ඇමති සුසිල් ඇමරිකානු සංචාරයක යෙදෙන්නේ සිය අමාත්‍යංශයේ නිල කටයුත්තක් වෙනුවෙනි. පුද්ගලික සංචාරයක නිරතවන ගෝටාභය රාජපක්ෂ මහතා මෙම 13 වැනිදා ආපසු පැමිණීමට නියමිතය.