සුසිල්-ජෝන් දුව එති.. නිල නිවසේදී මහින්ද හමුවෙති..
November 23, 2017 at 10:00 am | lanka C news
වත්මන් ආණ්ඩුවේ ශ්රී ලංකා නිදහස් පක්ෂ කැබිනට් ඇමතිවරුන් වන සුසිල් ප්රෙම්ජයන්ත් හා ජෝන් සෙනෙවිරත්න යන මහත්වරුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ දිනයේදී හමුවී තිබේ.
දේශපාලන තොරතුරු වාර්තා කරන්නේ මෙම හමුව හිටපු ජනාධිපතිවරයාගේ විජේරාම මාවතේ පිහිටි නිල නිවෙසේදී මෙම හමුව සිදුව ඇති බවයි.
පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවණයේදී ශ්රී ලංකා නිදහස් පක්ෂයක් ඒකාබද්ධ විපක්ෂයත් එක්ව තරග කිරීම සඳහා වන ශ්රීලනිපයේ යෝජනාවලිය ලිඛිතව මෙහිදී හිටපු ජනාදිපතිවරයා වෙත බාර දී ඇති බවද වාර්තා වෙයි.
පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන්ද ටික වේලාවක් පැවති මෙම හමුවේදී සාකච්චා වී ඇති බව සදහන්ය.
රෛගමයානනි, ගම්පලයානනි මිනිස්සු අපි දාවිද පන්නා, මේ පාරත් අපි ට්රයි කරලා බලමුද අප්පච්චි ව අන්දන්නා…
Ayeth nam ahuwenna epa. Mun denna Italian Mafia walata wediya hapan…?
ජෝනා කෙසේ වෙතත් සුසිලනම් ගේම් කිං . අයත් මහින්දගෙන් චන්ද ටිකක් කඩාගන්න මන බලනවා .. ඔහේ එන්ඩ ඇරලා මුව අනාතම අනාත කරල දන්නා ඕන. සුසිල් උඹ දැන් ගෙදර පලයයන් ….