සුළි කුණාටුවක්.. නිවාස රැසක වහලවල් ගැලවී යයි…

October 25, 2021 at 2:18 am | lanka C news
සුළි කුණාටුවක්.. නිවාස රැසක වහලවල් ගැලවී යයි…

වව්නියාවේ ගම්මාන දෙකකට බලපෑ සුලිකුණාටු තත්වයක් හේතුවෙන් නිවාස 10 කට හානි සිදුව ඇතැයි දිස්ත්‍රීක් ආපදා කලමනාකරන ඒකකය පවසයි.

වව්නියාව රාසේන්ද්‍රකුලම් සහ සූඩුවේන්දපිලව් ගම්මානයන්වලට ඊයේ සවස වර්ෂාවත් සමග ඇති වූ සුලි කුණාටු  තත්වයක් හේතුවෙන් නිවාස 10 කට පමණ හානි සිදුව ඇති අතර නිවේස්හි වහලය ගැගවී යාම් සහ දේපල හානි පමණක් සිදුව ඇති බවටද වාර්ථා වෙයි.

සුලිකුණාටු තත්වය ඇති වන අවස්ථාවේදී නිවෙස් හිමියන් ආරක්ෂිත ස්ථාන කරා යාම හේතුවෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැත.

මේ අතර සුලි කුණාටු තත්වය හේතුවෙන් නිවෙස් බඩු බාහිරාදිය මේනම පාසල් ළමුන්ගේ පොත්පත් වලටද හානි සිදුවීම නිසාවෙන් එම පාසල් ළමුන්ද අපහසුතාවන්ට පත්ව ඇති අතර හානියට පත් නිවාස පිළිබඳව වාර්ථාවක් ලබා ගැනීමට නියමිත බවටද වව්නියාව ආපදාකලමනාකරන ඒකකය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

12,419 views