සුළි කුණාටුවක් ලංකාව ඉදිරියේ… ගංවතුර, නායයාම් අනතුරු අගවයි..

May 22, 2021 at 12:45 pm | lanka C news
සුළි කුණාටුවක් ලංකාව ඉදිරියේ… ගංවතුර, නායයාම් අනතුරු අගවයි..

බෙංගාල බොක්ක ආශ්‍රිතව ඇති වී තිබෙන කැළඹිලි සහගත ස්වභාවය හේතුවෙන් එළඹෙන 26 දින දක්වා දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන ලදී. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අද දින (22) පැවති මාධ්‍ය හමුවේ දී මෙම අදහස් පළ කළ අතර ශ්‍රී ලංකාවේ නිරිතදිග කළාපයට ඇතිවිය හැකි වැසි තත්ත්වය හේතුවෙන් ගංවතුර, නායයාම්, දැඩි සුළං සහ මුහුදු රළ ඉහළ යාම නිසා වෙරළාශ්‍රිත පහත් බිම් ජලයෙන් යටවීම, බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සහ විටින් විට පැයට කිලෝමීටර් 70 – 80 දක්වා තද සුළං වැනි ආපදා සිදුවිය හැකි බවත් මේ නිසා ආපදා අවාදානම් අනතුරු ඇගවීම් පිළිබදව නිරන්තර අවධානය යොමු කරන මෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරන ලදී.

පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශය තුළ ධීවර සහ නාවුක කටයුතු වල නොයෙදෙන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එසේම අනෙකුත් මුහුදු ප්‍රදේශවල විශේෂයෙන් මන්නාරම බොක්ක මුහුදු ප්‍රදේශය, කොළඹ සිට ගාල්ල මාතර හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතු වල යෙදෙන පිරිස මේ සම්බන්ධයෙන් දැඩි අවදානයෙන් කටයුතු කරන ලෙසත් ඉදිරි නිවේදන පිළිබදව අවධානය යොමු කරන ලෙසත් ඉල්ලීමක් කරන් ලැබීය.

එසේම බෙංගාල බොක්ක ආශ්‍රිතව ඇති වී තිබෙන කැළඹිලි සහගත ස්වභාවය 23 වන දින වන විට පීඩන අවපාතයක් දක්වාත් 24 දින වන විට සුළි කුනාටුවක් දක්වා වර්ධනය වීමේ වැඩි හැකියාවත් පවතින බව පෙන්වා දෙන ලදී. එළබෙන 26 වන දින මෙම සුළි කුනාටුව බටහිර බෙංගාල වෙරළ වෙත ගමන් කරනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවස යි. වර්ධනය වී ඇති අඩුපීඩන පද්ධතිව හේතුවෙන් ඉදිරි දින කීපය තුළ උතුරු අන්දමන් සහ ඊසාන දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ සහ නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සහ විටින් විට පැයට කිලෝමීටර් 70 – 80 දක්වා තද සුළං පැවතිය හැකි බවත් පෙන්වා දෙන ලදී.

එසේම ඉහත පද්ධතියේ බලපෑම හේත්වෙන් ඉදිරි දික කීපයේ දී කන්කසන්තුරය සිට මන්නාරම දක්වාත්, කොළඹ සිට ගාල්ල මාතර හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සහ විටින් විට පැයට කිලෝමීටර් 50 – 60 දක්වා තද සුළං පැවතිය හැකි බවත් පෙන්වා දෙන ලදී.

52,625 views

10 Comments to “සුළි කුණාටුවක් ලංකාව ඉදිරියේ… ගංවතුර, නායයාම් අනතුරු අගවයි..”

  1. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    ඉස්සර මේ රටේ කුණාටුවක් ගංවතුරක් වසන්ගතයක් ආ සැනින් ඒකට හේතුව් පාලකයා ධාර්මික නොවීමය කියල ප්‍රෙස් කොන්ෆරන්ස් තියපු වොයිස් කට් උන්නාන්සේලා දැන් රජුන් සරණ ගොස් රහත් වෙලාද

    • බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

      මචං මොලේ කොට උන එකට මොනවා කරන්ඩද? කොරෝනා ලංකාවට විතරක් තියෙන වසංගතයක් නෙමෙි බං මෙික ලෝකේ පුරහම තියෙනවා. අසුචි වලේ කරවටක් බැහැලා ඉන්නකොට ඔීවා පේන්නේ නෑ,

      • Bayya says:

        ඒව කොහෙද.. ඌට තාම අවබෝධ උනේ නෑ උගේ එකෙක් ඉන්න ජාතික ව්‍යාපාරයේ උගේ ජාතියේ වෙන එවුන් නැති බව. ඔය ජාතියේම වඳ කේස් තව දෙක තුනක්ම තියෙනවා ඔය කොළපාට එක එක ජාතික ව්‍යාපාරවල. තාම වෘ. කෝ. බද්ධ කිරීම සාර්ඨක නෑ.

        • Saradiel says:

          ලංකාව පනත් මගින් චීනෙට වෙන්දේසි කිරීමේ සාපය ..තම පටන්ගත්තා විතරයි ..සිරිසේනගේ යහපාලනය ලෙසම මේ ආණ්ඩුව කරන්නේ දේශද්‍රෝහී ක්‍රියා …69 ලක්ෂයක් ජනතාවගේ විශ්වාසය කඩ කරලා මොකද්ද මේ කරන්නේ ? ගෝඨාභය සහ සිරිසේනගේ වෙනස
          කුමක්ද ? රට ආයෙත් විදේශීය යුද පිටියකට සුදානම් කරනවා නේද ? ඊළම වෙනුවෙන් වසර 30 සටන් කරලා එය නිදහස් කළා විතරයි නැවත,මේ ආණ්ඩුව ලොකු මර උගුලකට අපේ මව් බිම පත්කරනවා නේද ? කනගාටුයි ..සිංහලයෝ වරාය නගරයේ සිහින මවමින් මර නින්දේ …අනාගතේ අපේ රට චීන කොලණියක් බවට පත්වනු ඇත ..දැන්වත් අවදිවෙව්

  2. සමනා says:

    මේ කාල වලට මේ විදියට වහින බව සියවස් ගණනාවක් තිස්සේ මිනිස්සු දන්නවා ඒ වැසි රටා වලට ඒ අය නම් තිබිබා නමුත් කුණාටුවෙන් කුණාටුවට නොවේ.

  3. Kanyalatha says:

    Buruvi wageda? 😂

  4. Love nature says:

    නූතන මිනිසාගේ පැවැත්මේ ප්රධාන පාරිසරික ගැටළු.

    ගෝලීය උණුසුම

    පෘථිවියේ වායු ස්ථරයේ සාමාන්‍ය දූෂණය

    ඕසෝන් ස්ථරය විනාශ කිරීම,

    සාගර දූෂණය

    මිරිදිය ක්ෂය වීම,

    පාංශු ඛාදනය, පාංශු දූෂණය,

    විශේෂවල විවිධත්වය අඩු කිරීම,

    ස්වාභාවික සම්පත් හා ඛනිජ ක්ෂය වීම.

  5. Banda says:

    Vasanava thama ithin

  6. ගමරාළ says:

    ගිනිකන්දක් විතරයි අඩු …..

    • Sinha le says:

      රටේ ජනතාව වකුගඩු රෝගවලින් ,කොරෝනා වලින් මිය යනවා …වස විස දමා ආහාර නිෂ්පාදනය කරලා එයින් රටේ ජනතාව රෝග වලට ගොදුරු කිරීම තමයි අපේ රටේ දේශපාලකයෝ කෙරුවේ /කරන්නේ …පෝර කියලා ගෙන්වන්නේ වකුගඩු රෝග හදන රසායනික ද්‍රව්‍ය …ඒවා ගිනි කදු වලට වඩා අනතුරුදායකයි ..කොරෝනාවලට වඩා වකුගඩු රෝගවලින් ජනතාව මිය යනවා …රසායනික පෝර තහනම්ලු ..නමුත් ගෙන්වපු පෝර තාමත් යොදනවා ..
      ඒවා ආපසු ගෙන්වපු රට වලට නොයවන්නේ මන්ද ?

Main News