සුළුතර පේෂල එජාප අත්අඩංගුවට ගනී.. බලය රැකගන්න නම් හොරි කහන්න, ගිනි පිඹින්න වෙයි..
May 16, 2017 at 3:50 pm | lanka C news
උතුරු මැද පළාත් සභාවේ බලය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මහ ඇමති පේෂල ජයරත්න පත්ව සිටින අසීරු තත්වය ප්රයෝජනයට ගෙන තමනට උවමනා පරිදි වැඩ කර ගැනීමට එක්සත් ජාතික පක්ෂය විසින් කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.
සභාව පවත්වාගෙන යාම සදහා එජාපයේ සහයෝගය ලබා දීමට නම් තමන්ගේද අදහස් සැලකිල්ලට ගෙන පළාත් සභාව පාලනය කල යුතු බවට මහ ඇමතිවරයාට යෝජනා කල යුතු යයි එම පළාත් එජාප මන්ත්රීවරුන් දැනටමත් සාකච්චා කර ඇත.
මේ අනුව ඇතිව තිබෙන තත්වය මත පළාත් සභාව විසුරුවා හැරීම හෝ එජාප අත්අඩංගුවට පත් වී ඔවුනට කැමති පරිදි කටයුතු කිරීමට මහ ඇමතිවරයාට සිදුවනු ඇත.