සුළුතර පේෂල සමග කැබිනට් එක පමණයි.. පනත් සියල්ල පරාජය වීමේ අවදානමේ.. පියන්ටත් වඩා පහලට වැටේ..

May 16, 2017 at 10:40 am | lanka C news
සුළුතර පේෂල සමග කැබිනට් එක පමණයි.. පනත් සියල්ල පරාජය වීමේ අවදානමේ.. පියන්ටත් වඩා පහලට වැටේ..

ලංකා ඉතිහාසයේ පළමු වතාවට අඩුම බලයක් නියෝජනය කරන මහ ඇමතිවරයා ලෙස උතුරු මැද පළාත් මහ ඇමති පේෂල ජයරත්න මේ වන විට අන්ත අසරණ තත්වයට පත් ව වී සිටී.

පළාත් සභාවේ ඔහු සමග සන්ධානයේ මන්ත‍්‍රීවරුන් ලෙස සිටින්නේ කැබිනට් මණ්ඩලය පමණි. එනම් සිවු දෙනෙකි.

ඔහුට විරුද්දව සන්ධානයේ 17 දෙනෙකු දිවුරුම් ප‍්‍රකාශ දී සිටිති. පුරප්පාඩු ඇමති ධුරය සදහා අද දිනයේ සුසින් ගුණරත්න දිවුරුම් දුන්නද ඔහුද මහ ඇමතිවරයාට විරුද්දව දිවුරුම් පෙත්සමට අත්සන් තැබූ අයෙකි.

එම ප‍්‍රමාණය සම්පුර්න සභාවේ ආසන ප‍්‍රමාණය වූ 33න් හරි අඩකට වැඩිය. එනම් එජාපය සමග ගිවිසුම්ගත වුවද සභාව කරගෙන යාමට නොහැකිය. ජවිපෙ නියෝජනය කරන එක් මන්ත‍්‍රිවරයෙක්ද වෙයි.

ඉදිරිපත් කරනු ලබන  ඕනෑම පනතක් සභාවේදී පාරාජය වනු ඇති අතර එතැන් සිට මහ ඇමතිවරයාව නිලධාරීන් පවා නොතකා හැර ඔහුගේ නියෝග ක‍්‍රියාත්මක නොකරන තත්වයට පත්වනු ඇත.

මීට පෙර සභවේ මහ ඇමතිවරයාව සිටි එස්.එම් රංජිත් ඉවත් කර පේෂල ජයරත්න පත් කරනු ලැබුවේද, උවේ ශෂින්ද්‍ර ඉවත් කර හරීන් ප‍්‍රනාන්දු මහ ඇමති ලෙස පත් කලේද මේ ආකාරයේම ක‍්‍රමවේදයකටයි.

13 views

2 Comments to “සුළුතර පේෂල සමග කැබිනට් එක පමණයි.. පනත් සියල්ල පරාජය වීමේ අවදානමේ.. පියන්ටත් වඩා පහලට වැටේ..”

  1. බන්ඩා says:

    දේසපාලඥයො කියන්නෙ කිසිම ලැජ්ජාවක් භයක් නැති මිනිස්සු කොටසක් බවය් මුන් මේ කියන්නෙ.

  2. Dakma says:

    අපිට කන්න දෙනව නම් බොන්න දෙනව නම් තව මොන කෙන්ගෙඩියද බන් ඕනැ කියන්නේ….
    ජනතාවගේ බදුමුදලින් ජීවත්වෙන උන් ලබන ආත්මේ බහිරවයන් වෙනවා ඇත්තයි….

Main News