සුළු ජාතික ඇමති තිදෙනෙක් සිංගප්පුරුවේ.. පනින්න පෙර සාකච්චා..

September 1, 2019 at 12:02 am | lanka C news
සුළු ජාතික ඇමති තිදෙනෙක් සිංගප්පුරුවේ.. පනින්න පෙර සාකච්චා..

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ප්‍රබල කැබිනට් ඇමතිවරුන් තිදෙනකු තම ඉදිරි දේශපාලන ස්ථාවරය සම්බන්ධයෙන් සිංගප්පූරුවේදී විශේෂ සාකච්ඡාවක නිරත වීමට නියමිත බව වාර්තාවේ.

මේ වන විටත් ඇමතිවරයෙකු සිංගප්පූරුවේ සිටින අතර තවත් ඇමතිවරයෙකු අද දිනයේ එහි පිටත්ව යාමට නියමිතය.

ඉදිරි දින දෙක ඇතුළත අනෙක් ඇමතිවරයාද සිංගප්පූරුව බලා පිටත්වීමට කටවුතු සැලසුම් කර ඇත.

මේ දෙදෙනාම සුළු ජාතික දේශපාලන පක්ෂවල ඇමතිවරුන් අතර ඔවුන් ඉදිරි ජනාධිපතිවරණයේදී තම පක්ෂපාතීත්වය දක්වන පාර්ශව සම්බන්ධයෙන් මෙහිදී තීරණය කිරීමට නියමිත බව වාර්තා වේ.

ආරංචි මාර්ග පවසන්නේ ඔවුන් එහිදී විපක්‍ෂ දේශපාලඥයෙකුද හමුවීමට නියමිත බවයි.

22 views

4 Comments to “සුළු ජාතික ඇමති තිදෙනෙක් සිංගප්පුරුවේ.. පනින්න පෙර සාකච්චා..”

  1. lakpriya says:

    අපේ පැත්තට නම් තොපි එන්න එපා උඹල UNP එකේම හිටපල්ලා මුන් හේත්තු වෙන පැත්ත අනිවාර්යේන්ම පරාදයි

  2. Ex SLFP says:

    2015 ආණ්ඩු පෙරලන්න කුමන්ත්‍රණ කළෙත් සිංගප්පූරුවෙ තමයි. මේ සැරේ ඒවා වානා….ජනතාව කල්පනාවෙන් බලා ඉන්නේ…

  3. MD says:

    Batalanda camp eke branch ekak Singapore wala tiyenawa wage.siyaluma contract,cash payments,kumantrana wenne etana wage.2014 sita kriyathmaka wage.

  4. sinha le says:

    වහබින් පොහොට්ටුවට ගැනීම තහනම්