සුළු සිද්ධීන් ගැන සොයා රජය පීචං වෙලා.. මිග් ගණුදෙනුව, ඩුබායි ගිණුම්, තාජුඩින් ඝාතනය වගේ ලොකු ඒවා හොයන්න ඕනෑ..

February 5, 2017 at 10:00 am | lanka C news
සුළු සිද්ධීන් ගැන සොයා රජය පීචං වෙලා.. මිග් ගණුදෙනුව, ඩුබායි ගිණුම්, තාජුඩින් ඝාතනය වගේ ලොකු ඒවා හොයන්න  ඕනෑ..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමත්‍ය දොස්ත රාජිත සේනාරත්න මහතා පවසයි.

රජය එවැනි තීරණයක් ගෙන ඇති බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බව සෞඛ්‍ය අමාත්‍යවරා පෙන්වා දුන්නේ අමාත්‍යාංශයේ පැවැති රැස්වීමක දීය.

අධිකරණය ස්වාධීීනව කටයුතු කරන බවත්, ඊට බලපෑම් එල්ල කිරීමට රජයට වුවමනාවක් නොමැති බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේද ප්‍රකාශ කළේය.

‘මහා පරිමාන වංචා සහ දුෂණ පිළිබදව පරීක්ෂණ පැවැත්වීම ප්‍රමාදවීම පිළිබදව අපට ගැටළුවක් තිඛෙනවා. විශේෂයෙන්ම හිටපු ආරක්ෂක ලේකම්වරයා සම්බන්ධ මිග් ප්‍රහාරක යානා ගණුදෙනුව, ඩුබායි බැංකු ගිණුම් පිළිබදව, රගර් ක්‍රීඩක වසීම් තාජුඩින් ඝාතනය ඇතුලු මහාපරිමාන දුෂණ හා වංචා ගැන පරීක්ෂණ පැවැත්විය යුතුයි. සුළු සිද්ධිීන් පිළිබදව පරික්ෂණ පැවැත්වීමෙන් රජයට අපවාදයක් එල්ල වී තිඛෙනවා. එම නිසා යහපාලනය ආරක්ෂා කිරීමෙි වගකීමක් අපට පැවැරී තිඛෙනවා. මෙහිදී ඇතැම් නිලධාරීන් නිසි පරිදි රජකාරී සිදු කරන්නේ නැහැ. ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අපට බැහැ. කෙසේ වෙතත් කඩිනමින් පරික්ෂණ සිදු කළ යුතු බව මාගේ අදහසයි.

ටෙලිකොම් මෑන් පවර් සේවකයින් රැකියා ස්ථිර කරන ලෙස ඉල්ලා ආරම්භ කර ඇති වැඩවර්ජනයට මමත්, පාර්ලිමෙින්තු මන්ත්‍රි චතුර සේනාරත්න මහතාත් සහයෝගය ලබාදෙනවා. නීතිමය සහායත් ලබා දෙනවා. මොකද යහපාලන රජය නිර්මාණය කිරීමට ඔවුන් දැඩි කැපවීමක් සිදු කළා’

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

4 views

5 Comments to “සුළු සිද්ධීන් ගැන සොයා රජය පීචං වෙලා.. මිග් ගණුදෙනුව, ඩුබායි ගිණුම්, තාජුඩින් ඝාතනය වගේ ලොකු ඒවා හොයන්න ඕනෑ..”

  1. pp says:

    lanka desa palanye citina pilikol saha gathama charithaya.

  2. latha says:

    “අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිවරයාෙ ලස කටයුතු කරමින් සිටියදී 163 වතාවකදී මහ බැංකුවේ මුදල් ලක්ෂ 660ක් අයථා පරිහරණයේ යොදවා ඇති බව මහ බැංකු අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව විසින් කර ඇති විගණන වාර්තා දෙකකින් හෙලිව තිබේ””””මේවා ඉතින් සුළු සුළු දේ තමා

  3. බන්ඩයියා says:

    බෙල්ලන්විල විමලරතන හාමුදුරැවො ජනාධිපති ඉස්සරහම කිව්ව වගේ අද පොඩි ලමයත් දන්න ලංකාවෙ කරපු ලොකුම හොර මගඩිය තමය් ‘බැඳුන් කරේ’. බොරැ හොර කම් නෙවෙය් යකෝ අන්න එක ගැන හොයපියව්.

  4. kamasiri Kuruwita says:

    උඹල බොරු හදල නඩු දමන බව ජනතාව හොඳින්ම දන්නවා . ඔය බේගල් නාඩගම් නවත්තල දැන්වත් රටට හරි හමන් වැඩක් කරන්න බලපන් බන් . මහින්දගේ වැරදි කිව්වා කියල රටේ ප්‍රස්න විසදෙනෙත් නැහැ ,අපේ බඩ පිරෙන්නෙත් නැහැ. තව මාස 32 කයි නේද ඉස්සරහට තියෙන්නේ.

  5. Desapremiya says:

    කුණු දතෝ උබලා පිච්චන් වෙන්නේ මහා බැංකු හොරකම, ගල් අගුරු කොමිස් ගැහිල්ල, වී හැරිසන් ගේ කොමිස් ගැහිල්ල, කරුන්කනායගම් ගේ කොමිස් ගැහිල්ල හොයන්නේ නැති නිසා, මිසක් මැරිච්ච එවුන් දැන් අවුරුදු ගනනක් තිස්සේ කී පාරක් ගොඩ ගත්තද වල දම්මමද, තොපිට තියා දෙයියන්ට වත් ඔප්පු කරන්න බැරි රවටන්න ගොතපු බොරු ඩුබායි ගිණුම්, මිග් ගනුදෙනු කියල ටොන් පචවලට රැවටිච්ච සම හරක් චන්දෙ දුන්න. දැන් උනුත් පුන්නක්කු සහ තණ කොළ කෑමත් ඇත ඇරලා. චන්දයක් තිය පල්ලකෝ බලන්න වැඩ. ඊට ඉස්සෙලා දුවන්න පාරවල් හොයාගෙන හිටපන්.

Main News