සූත‍්‍රය අනුව ඩීසල් 12කින් පෙට‍්‍රල් 08කින් මිල වැඩි කල යුතුයි..- ඇමති අමරවීර

January 24, 2020 at 12:00 pm | lanka C news
සූත‍්‍රය අනුව ඩීසල් 12කින් පෙට‍්‍රල් 08කින් මිල වැඩි කල යුතුයි..- ඇමති අමරවීර

පැවති රජයේ මිල සූත්‍රය අනුව ගතහොත් අද වන විට ඩීසල් ලිටරය රුපියල් 12කින් සහ පෙට‍්‍රල් ලීටරය රුපියල් 08කින් වැඩි කළ යුතුව ඇති බව විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

කෙසේ නමුත් ඉන්ධන මිල හෝ විදුලිය විදුලිය මිල ඉහළ දැමීමට රජය මේ වන තුරු කිසිම තීරණයක් ගෙන නැතැයි ද ඔහු පැවසීය.

එසේ වුවද මැදපෙරදිග පවතින අර්බුදකාරී තත්වය තව දුරටත් පැවතුනහොත් ඉන්ධන මිල සංශෝධනය කිරීමට රජයට තීරණය ගැනීමට සිදුව ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.

ඔහු මෙම අදහස් පළ කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

13,828 Viewers

4 Comments to “සූත‍්‍රය අනුව ඩීසල් 12කින් පෙට‍්‍රල් 08කින් මිල වැඩි කල යුතුයි..- ඇමති අමරවීර”

  1. බන්ඩා says:

    මෑතකදී US$ 69 නැග්ග තෙල්බැරලය අද 62 ට බැහැලා. ලබන සතියෙ තව බහීවි.

  2. ඇයි මිල සූත්‍රය? ඒක අහෝසිකරනවා කීව නේද? තාම යහපාලන ආණ්ඩුවමයි තියෙන්නෙ වෙන නමකින්. ආ එහෙමත් නෙවෙයි, මොකද ඒ කාලෙ කෑම බීම සුලබයි, මිලත් අඩුයි, අනික කියපු දේ කලා.

  3. චම්පා. says:

    මොහු කුමන්ත්‍රණ කරුවෙක්. ගමයා එක්ක හිටපු කාලයේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට මඩගහපු ජරා චරිතයක්. දැන් මේ හදන්නේ උන්ගේ පරණ මිලසූත්‍රය දාලා ඉන්ධන මිල වැඩිකරලා, ජනතාවට පීඩාවක් කරල පාර්ලිමේන්තු ඡන්දයේදී ආණ්ඩුව අපහසුතාවයට දාන්න. මේක කුමන්ත්‍රණයන්. ගෝඨාභය මැතිතුමනි, සර්පයා නොපමාව හදුනාගන්න.

  4. නංගි says:

    ඔයා මංගලගේ තව මොනා හරි ගත්තෙ නැද්ද .