සූපවේදී පබිලිස්සිල්වා යුද හමුදාවට සූපවේදය ගැන උගන්වයි…

November 7, 2019 at 5:30 pm | lanka C news
සූපවේදී පබිලිස්සිල්වා යුද හමුදාවට සූපවේදය ගැන උගන්වයි…

ශ්‍රී ලංකාවේ ඉතාමත් දක්ෂ ප්‍රවීන සූපවේදියෙකු වන දේශබන්ධු ආචාර්ය ටී පබිලිස් සිල්වා මහතාගේ ප්‍රනධානත්වයෙන් ආරක්ෂක සේනා මූලස්ථානය හා යටතේ ඇති සේනාංක, බලසේනා සහ ඒකකයන්හී රාජකාරින් සිදු කරනු ලබන සූපවේදී වෘත්තියේ නියැලී සිටින අයවලුන් ගෙන්වා එම අයවලුන්ගේ සුපවේදි දැනුම වර්ධනය කිරිමේ අමුණින් යුතුව ඔවුන් හට ගුණාත්මක භාවයෙන් සපිරි දේශිය ආහාර ප්‍රනීතව පිසීම පිලිබදව වැඩ මුලුවක් සංවිධානය කොට තිබුණි.

වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් එච්.ජේ.එස්. ගුණවර්ධන මහතාගේ උපදෙස් හා අධික්ෂණයෙන් වන්නි ආරක්ෂක සේනා මූළස්ථානයේදී මෙම සූපවේදී වැඩමුලුව දින තුනක් පුරාවට පැවත්වුණු අතර එහිදී ප්‍රවීන සූපවේදි දේශබන්ධු ආචාර්ය ටී පබිලිස් සිල්වා මහතා විසින් සූපවේදය පිළිබඳ වූ වැදගත් කරුණු රැසක් යුද හමුදා නිලධාරීණ් දැනුවත් කරන ලදි.

මෙම වැඩ මුලුව සදහා ආරක්ෂක සේනා මුලස්ථානයේ හා 21, 54, 56, 61 සහ 62 සේනාංකයන්ගේ සහ ඒ යටතේ ඇති සියලුම බළසේනාවන් යටතේ හා ඒකකයන් යටතේ රාජකාරින් සිදු කරනු ලබන සූපවේදී රාජකාරින්හී යොදවා ඇති සෙසුනිළයින්ද, ඉදිරි නඩත්තු පෙදෙස උතුරු මැද යටතේ ඇති ඒකකයන්හීද සූපවේදී රාජකාරින් සිදු කරනු ලබන සෙසුනිළයින් 250 ට වැඩි පිරිසක් සහභාගී වූ අතර මෙම වැඩමුලුව 212 බළසේනාවේ බළසේනාධිපති කර්නල් අනිල් මහතාගේ සම්බන්ධිකරණයෙන් යුතුව සිදු කරන ලදි.

මෙම අවස්ථාවන් වෙනුවෙන් වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් එච් ජේ එස් ගුණවර්ධන, ප්‍රවීන සූපවේදි දේශබන්ධු ආචාර්ය ටී පබිලිස් සිල්වා මහ සහ එම මැතිණිය, සේනාංකාධිපතිවරුන්, ආරක්ෂක සේනා මුලස්ථානය වන්නි ජ්යෙරෂ්ඨ නිළධාරින් 212 බළසේනාධිපති සහ සූපවේදී රාජකාරින් සිදු කරනු ලබන සෙසු නිලධාරීන් සහභාගී විය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

354 views
Main News