සූර්ය බලාගාරයකින් කෝටි 50ක් ගත් ඇමති සියඹලාපිටිය..?
June 27, 2020 at 10:00 am | lanka C news
සූර්ය විදුලි බලාගාර ව්‍යාපෘතියක් මෙරට ආරම්භ කිරීම සදහා රුපියල් කෝටි 50ක අල්ලස් මුදලක් ලබාගෙන ඇති කැබිනට් ඇමතිවරයා වීමට වැඩිම ඉඩකඩක් ඇත්තේ හිටපු විදුලිබල ඇමැති රංජිත් සියඹලාපිටිය බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.
එහි සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කරන්නේ ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතාගේ ප්‍රකාශය අනුව එකී කාල සීමාවේ විෂය භාර ඇමතිවරයා ලෙස කටයුතු කර ඇත්තේ සියඹලාපිටිය මහතා බවයි.
අදාළ කාලසීමායේ සියඹලාපිටිය මහතාට අමතරව චම්පික රණවක සහ රවි කරුණානායක මහත්වරුන්ද විදුලිබල අමාත්‍ය ධුරය හෙබවූ බවද ඔහු පැවසීය.
එනිසා ඔවුන් මෙම චෝදනාවට ඔවුනට අදාල නැත්නම් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළ යුතු බවත් එසේ නොකරන්නේ නම් තම සංවිධානය විසින් සතියකින් පසු සත්‍ය තොරතුරු හෙළි කරන බවත් ඔහු කියා සිටියේය.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.
baduma thamiee….. hitan hutan…
සියඹලාපිටිය පැරදුනාට අපිට කමක් නැහැ. ඒත් ඒ ආසනේ පොහොට්ටුව දිනිය යුතුයි. වියත් මගෙන් කෙනෙක් ආවොත් වඩාම හොඳයි.