සූර්ය විදුලිබල ව්‍යාපෘතියක් ඇරඹෙයි.. නිවාස වහලවල් විදුලි බලාගාර කරයි..

June 16, 2021 at 2:33 pm | lanka C news
සූර්ය විදුලිබල ව්‍යාපෘතියක් ඇරඹෙයි.. නිවාස වහලවල් විදුලි බලාගාර කරයි..

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රකාරව “සූර්ය බලශක්ති” උත්පාදනය වැඩිකර, ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්ති දායකත්වය ඉහළ නැංවීම වේගවත් කිරීමට පියවර ගැනේ.

රජයේ ගොඩනැඟිලි, ආගමික සිද්ධස්ථාන සහ අඩු ආදායම්ලාභී නිවෙස් දායක කර ගනිමින් සූර්ය බලශක්තිය උත්පාදනය රජයේ ප්‍රමුඛ සැලසුමකි. අඩු ආදායම්ලාභී ගෘහ ඒකක සඳහා ආර්ථික ප්‍රතිලාභ ළඟා කරදීම සහ රජයේ ආයතනවල විදුලිය වෙනුවෙන් වැය වන වියදම කපා හැරීම එමගින් අපේක්ෂා කෙරේ.

මෙම ව්‍යාපෘති මගින් ජාතික විදුලි පද්ධතියට ඇතුළත් වීමට නොහැකි අඩු ආදායම්ලාභීන්ට බැටරි මගින් සූර්ය බලශක්ති ගබඩා පහසුකම් සැලසීමට ද පියවර ගෙන ඇත. ඉඩම් හිඟය මගහරවා ගනිමින්, ජලය මත පාවෙන සූර්ය පද්ධති ස්ථාපිත කිරීමෙන් විදුලි උත්පාදනය ද වැඩසටහනට ඇතුළත් වේ. එහි පළමු අදියර, පාර්ලිමේන්තුවට අවශ්‍ය විදුලි උත්පාදනය සඳහා ආදර්ශ වැඩපිළිවෙළක් ලෙස දියවන්නා ඔය කේන්ද්‍ර කරගනිමින් ඇරඹීමට සැලසුම් කර ඇත.

මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රධාන පාර්ශ්වකරුවෙකු ලෙස ඉන්දීය රජය, ඉන්දියානු අපනයන හා ආනයන බැංකුව මගින් ඇමරිකානු ඩොලර් මිලියන 100ක ණය මාලාවක් (Line Of Credit) පිරිනැමීමට එකඟතාව පළ කරමින්, දෙපාර්ශ්වය අතර ණය සම්මුති ගිවිසුමකට එළඹ තිබේ.

ශ්‍රී ලංකා රජය සහ ඉන්දියානු අපනයන හා ආනයන බැංකුව අතර අත්සන් තබන ලද ණය මාලා ගිවිසුම අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඉදිරියේ මුදල් ලේකම් එස්.ආර්. ආටිගල මහතා සහ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අතර හුවමාරු කරගනු ලැබීය.

විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා, විදුලිබල අමාත්‍යාශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය, ඉන්දීය තානාපති කාර්යාලයේ සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීහූ ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

39,253 views

11 Comments to “සූර්ය විදුලිබල ව්‍යාපෘතියක් ඇරඹෙයි.. නිවාස වහලවල් විදුලි බලාගාර කරයි..”

  1. dev says:

    Supiri wada mewa
    math balaporottu wenawa solar danna.

  2. Shehan says:

    Good move

  3. පොඩි එකා says:

    ඒකත් ඉස්සෙල්ලම පාල්ලිමේන්තු වෙ ට.
    ඒකට හරියන්නෙ නෑ ඕක.
    පාල්ලිමේන්තු සංකීර්නෙ ට ගැලපෙන්නෙ ජීව වායුව. අසූචි වලිං කරං එකහදන වගෙ වැඩක්.
    පිරිලා ඉන්න ගූ හැත්තගෙං රටට වැඩක් වෙන්ඩ

  4. Chamil Ananda says:

    this is a good move

  5. ජිමි බේබි says:

    කෝ මේ අපේ බේබි?

  6. harsha says:

    ඔය ක්‍රමේ පටන්ගෙන සෑහෙන කාලයක් වෙනවා.

  7. ගමයා says:

    ඉතා හොදයි . මෙවන් තීන්දු තීරණ ගන්න පුලුවන් නායකයෙක් සිටීම ඉතා සතුටුයි

  8. කාලකන්ණි දේශපාලනය තුරන් කරමු..🤩🤩🤩 says:

    මේකට මොනාට ඉන්දියාව ගාව ගන්නවද??? අපේ රටේ සල්ලි පිටට යවන්නෙ නැතුව රට ඇතුලෙම තියා ගන්න.. ලංකාවෙ සුපිරි මොළ ඕනෙ තරම් තියනව .

  9. Susil Premathilaka says:

    ගිය රජයේ පටන් ගත්ත ව්‍යපෘතියක් ඒක අඩපණ කරල දැම්මා.දැං නව ව්‍යපෘති යක් ලෙස එළියට ඇවිත්. ඔය ක්‍රමය නිසා තමයි අද අපේ රටට හෙන ගහල තියෙන්නේ.පාලනය මාරුවෙන් මාරුවට හොද දෙවලුත් පිලුම් ගහනවා

  10. වෙබ් බුවා says:

    චීනයේ 🌞 සූර්ය පැනල තාක්ෂණය ඉන්දියාවේ ඒවාට වඩා දියුණුව තිබියදී ඉන්දියාවෙන් ගන්නේ ඇමරිකාවෙ පුරවැසිකම තිබීම නිසා ඇතිවී ඇති බැඳියාවන් නිසාද ? මෙතරම් උදව් කරන චීනයට පිටුපෑමට ස්වයංවාරණ පනවාගැනීම රටට හාණිකර විය හැකියි

Main News