සූරියකන්දේ රක්‍ෂිත වනාන්තරය කපා කිලෝමීටර් 07ක පාරක් කපනවා.. එක් පුද්ගලයෙකුගේ හෝටලයකටයි..

September 1, 2020 at 10:40 am | lanka C news
සූරියකන්දේ රක්‍ෂිත වනාන්තරය කපා කිලෝමීටර් 07ක පාරක් කපනවා.. එක් පුද්ගලයෙකුගේ හෝටලයකටයි..

ආනවිලුන්දාව සිංහරාජය පමණක් නොව සූරියකන්ද ප්‍රදේශයේ ද රක්ෂිත වනාන්තර හෙළි පෙහෙලි කිරීමක් සිදු වන බව සමගි ජන බලවේගය මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේය.

සූරියකන්ද ප්‍රදේශයේ කිලෝමීටර් හතක් මාර්ගයක් ඉදිකරන බව ද පැවසූ ඔහු එය එක් පුද්ගලයෙක් විසින් ඉදිකරන හෝටලයකට යන මාර්ගයක් බවද පැවසුවේය.

මෙම මාර්ගය ඉදි කරමින් ඇත්තේ රක්ෂිත වනාන්නතරයක් මැදින් බවත් මහ ලේකම්වරයා කියා සිටියේ.

මේ ආකාරයට ඥාතීන්ට හිතවතුන්ට යහළු මිත්‍රයන්ට පාරවල් කැපීම සඳහා ජනතාව බලය නොදුන් බවද මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේ ය.

ඔහු මේ බව කියා සිටියේ සමගි ජනබලවේගයේ අස්ථානය පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

අද රට තුළ නීතියක් ක්‍රියාත්මක නොවන බවත් පැවසූ ඔහු එක රටක් එක නීතියක් ‍ක‍්‍රියාත්මක වන්නේ මේ ආකාරයෙන් දැයි ප්‍රශ්න කළේය.

24,215 views

18 Comments to “සූරියකන්දේ රක්‍ෂිත වනාන්තරය කපා කිලෝමීටර් 07ක පාරක් කපනවා.. එක් පුද්ගලයෙකුගේ හෝටලයකටයි..”

  1. sunny says:

    These Harak still did not learn a lesson. Talking same rubbish as before. People will not listen or believe these lies

  2. ගරසරප says:

    මේක හොද උපක්‍රමය. පරිසර ලය්න් එකෙන් අතන මෙතන වෙන ජඩ වැඩ පෙන්නල දෙන ගමන් හිමීට සංවර්ධන වැඩ ටිකත් චකබ්ලාස් කරන එක.
    මේකට අපි යෝශිතගෙ හෝටලේ කියමු.

    • Godaya says:

      යාල කැලේ මැද්දෙන් අපි අධි වේගී මාර්ගයක් හදමු හම්බන්තොට ඉදලා මඩකලපුව ට මිනිත්තු 30 න් යන්න .

      • රාණි ගලඋඩමඩ says:

        හදලා ඉවරයි බයියෝ.
        මහින්දය ඒකත් කළා – B39 කපලා තියෙන්නේ යාල මැදින්. සත්තු අහුවෙනවා සට පට ගාලා.

  3. අසංඛ්‍ය says:

    අනේ නිකං බොරු කියන්න එපා බං! උඹ ඒ කසි කබල් පාරේ ගිහින් තියෙනවාද ? යකෝ, රක්වාන ඉදලා සුරිය කන්ද දක්වා ඇති පාර ඉතා සුන්දර පරිසරයක් මැද්දෙන් වැටී තිබුණද කිසිම වාහනයකට ඒ මත ගමන් කළ නොහැකි ලෙස කාල්‍යක් තිස්සේ අබලන් වී තිබෙන්නේ. තෝ කාළකන්ණියා තොපි තේ අක්කරේ රු. දෙකට ගන්නකොට සහ සූරිය කන්දේ පාසැල් දරුවෝ මරලා පුච්චනකොට ඒව හොදයි?? තොපි මිනී මරුවෝ කට වහගෙන හිටපියවි!

  4. sana says:

    Paid writers in action

  5. ගමරාළ says:

    කවුද යකෝ ඒ පරිසර හානිය කරන්නේ, පොනිල් ලොක්කා ඒ කාලේ රටේ අනාගතය ගැන හිතලා පස සරැ වෙන්න කියලා සුරීයකන්දේ වලලපු පාසල් දරැවන්ගේ කොටස් එළියට එන්න පුලුවන් නේ, අනේ මුගේ …..

  6. Dikman Aiyya says:

    Pala….pala ….yannna Boru nokiyaaa,,, 5 years you fellows lied to us and destroyed this country in so many ways,…Now ,,,,just F OFF

  7. Sun says:

    People say different stories and do you have sufficient evidence to prove the content.

  8. වගා නොකරන ඉඩම් හිමියා වසලයෙකි says:

    කබීර් හෂීම් , කිරිඇල්ලත් එක්ක ජඩපාලන සමයේ කරපුවා ගැන ඔහේ මොකෝ කියන්නෙ මද්දුවෝ ?

  9. පැකනිලාගෙ අප්පා says:

    1989දී ප්‍රේමදාසලාසූටිය කන්දේ කොල්ලො පණ පිටින්ම වලදාපු තැන් යලි මතුවෙයි කියල බයද

  10. රෝගන් මුහන්දිරම්ගේ says:

    අනේ මද්දුම බණ්ඩාරයෝ ඔවා කියලා වැඩක් තියෙනවද. මේ කට්ටිය ආ දා ඉඳන් කලේම පරිසරයයි, පුරාවස්තු යි විනාශ කරන ඒකනේ. ඉවරයක් නෑ නේ පැටියෝ.

Main News