සෙනග පටවාගෙන පලාත් සීමා පනින්න සැප බස් එයි..

June 28, 2021 at 6:48 pm | lanka C news
සෙනග පටවාගෙන පලාත් සීමා පනින්න සැප බස් එයි..

ගාල්ලේ සිට බලපත්‍ර කිසිවක් නොමැතිව සංචරණ නීති උල්ලංඝනය කරමින් අලුත්ගම බෙන්තොට දිස්ත්‍රික් මායිම හරහා සාමාන්‍ය මගින් විශාල පිරිසක් ක් පටවාගෙන අලුත්ගම තෙක් පැමිණි සුඛෝපභෝගී පෞද්ගලික බස් රථයක් අද (28) අලුත්ගම පොලිසියේ රථවාහන අංශ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පුද්ගලික බස් රථය ගාල්ලේ සිට අලුත්ගම ගාලු පාරේ බෙන්තොට පාලම ආසන්න මුරපල තෙක්ම කිසිදු බාධාවකින් තොරව ගමන් කර ඇති අතර විවිධ අවශ්‍යතා සඳහා කොළඹ දක්වා ගමන් කිරීමට පැමිණි සිටි මගින් න් තිස් දෙනෙකුට වැඩි පිරිසක් බස් රථය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඒ හි ගමන් කර තිබෙන අතර මගින් සියලු දෙනා අලුත් ගමට පිවිසෙන දිස්ත්‍රික් මායිමේ සිටී පොලිස් රථවාහන හා විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් බස්සවා පරික්ෂා කිරීමෙන් අනතුරුව පිටත් කර හැර තිබෙන බව පොලීසිය කියයි .

සංචරණ සීමා පණවා තිබියදී නීතිවිරෝධී ලෙස දිස්ත්‍රික් මා ඉම හරහා මගීන් පටවාගෙන ගමන් කිරීමට කටයුතු කළ බස් රථ රියදුරා නිරෝධායන පනත යටතේ අත්අඩංගුවට ගෙන කළුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව අලුත්ගම පොලිසියේ රථවාහන නිලධාරීහු සඳහන් කළහ .

කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දම්මික පියන්ත , කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් වන කපිල ප්‍රේමදාස , නිශාන් ද සිල්වා පොලිස් ස්ථානාධිපති අශෝක කරුණාරත්න යන මහත්වරුන් ගේ මෙහෙයවීමෙන් අළුත්ගම පොලිස් ස්ථානයේ රථවාහන අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොෂාන් චාමින්ද මහතා ඇතුළු රථවාහන අංශ නිලධාරීන් හා විශේෂ කාර්යය බලකා නිලධාරීන් නීති විරෝධීව ගාල්ලේ සිට අලුත්ගම තෙක් ගමන් ගත් පෞද්ගලික සුඛෝපභෝගී බස් රථ ය අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

37,121 views

5 Comments to “සෙනග පටවාගෙන පලාත් සීමා පනින්න සැප බස් එයි..”

  1. SL says:

    ගොඩක් මිනිස්සු එන්නේ රස්සාවට …………….

    • පවීල් ත්‍රීක්කු සහ පරි ලොක්කු says:

      මෝඩ මූසල නූගත් මිනීමරු අඩුකුලේ පස් බකයෝ. ක්‍රෑහ් තුඃ

  2. පකේ රාජපක්ෂ says:

    මුං හදන්නේ මිනිස්සු බඩගින්නෙ තියලා මරන්න ….කොහෙන්ද කඩාපාත් වෙලා රට කන බල්ලො සෙට් එකක් …

  3. 😪😢😪😢 says:

    ශ්‍රී ලංකා පොලිසිය කෙතරම් මානුෂිකවාදී මෙහෙවරක යෙදෙමින් සිටින්නේද යන්න කොරෝනා මාරාන්තික වයිරසය හමුවේ ඔප්පු කරමින් සිටී. රැයක් දහවලක් නොමැතිව මහමඟ රැඳී සිටිමින් ඔවුන් සිදු කරන මෙහෙයුම ප්‍රමාණය ඉක්මවා ගිය ප්‍රණාමයට බඳුන් විය යුතුය. නමුත් මෙවැනි අයගේ හැසිරීමෙන් වන්නේ කොරෝනා මාරාන්තික වයිරසය රටවටා පැතිරිවීමය.. දෙන දඬුවම කුමක් වුවද ඒ අයට එය සැපය. හේතුව දෙන දඬුවම ඇඟට රිදිමක් නැති නිසාය! අනික නිතිඥයෙක් ඇවිත් තර්ක විතර්ක පෙන්වා ඔහුව බේරා ගැනීමය! හැබැයි කොරෝනා මාරාන්තික වයිරසය ඒ පෙනී සිටින නිතිඥයාටද හමුවුනොත් කිසිම සමාවක් නැත… වයිරසයෙන් හිතලම ලැබෙන දඩ කොලය හුස්ම තද කිරීමය..!

  4. Silva says:

    නිර්මාණශීලි නව අදහස්.

Main News