සෙනසුරු මහ දශාවේ ජන්ම ඒරාෂ්ඨකය ලබයි.. බලවතෙකුට ප‍්‍රබල අපල.. නොසිතූ පෙරළියක් ස්ථිරයි..- පියසේන රතුවිතාන ගණ පිහිටුවා කියයි..

August 25, 2017 at 10:51 pm | lanka C news
සෙනසුරු මහ දශාවේ ජන්ම ඒරාෂ්ඨකය ලබයි.. බලවතෙකුට ප‍්‍රබල අපල.. නොසිතූ පෙරළියක් ස්ථිරයි..- පියසේන රතුවිතාන ගණ පිහිටුවා කියයි..

2017 ඔක්‌තෝබර් මස 27 වැනිදායින් පසු දේශපාලන ක්‍ෂේත්‍රයේ නොසිතූ පෙරළියක්‌ සිදුවනු ඇත. ඉදිරියට මැතිවරණයකට සූදානමකුත්, ශ්‍රී ලංකා කේන්ද්‍රයේ හා නායකත්වය දරණ අයගේ කේන්ද්‍රයේ ගුරු – ශනි හා රාහු තිදෙනාගේ රාශි මාරුවත් පවත්නා රජයේ යම් වෙනසකට හෝ නායකත්වය දරණ රාජ්‍ය නායකුගේ බලවත් වෙනස්‌ වීමකටත් මේ ග්‍රහචාරය පසුබිම් වන බවක්‌ පෙනේ.

ශ්‍රී ලංකා කේන්ද්‍රයේ, ඔක්‌තෝබර් 10 වැනිදා සිට 20 වැනිදා පමණ වන තුරු කාල සර්ප යෝගයක්‌ වේ.

එ. ජා. ප කේන්ද්‍රයට මේ වන විට සෙනසුරු මහ දශාවේ ගුරු අතුරු දශාවයි. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට මේ වන විට සෙනසුරු මහ දශාවේ සිකුරු අතුරු දශාවයි. ඔක්‌තෝබර් මාසයෙන් පසු ඒ පක්‍ෂ දෙකටම ඒරාෂ්ටක තත්ත්වයක්‌ වේ. මේ අවු 30 කට පමණ පසුව ලබන ඒරාෂ්ටකයකි. එහි ප්‍රතිඵල යහපත් නැත.

ආණ්‌ඩුවේ ප්‍රබලම අයකුට මේ වන විට සෙනසුරු මහ දශාවේ රාහු අතුරු දශාවයි. ඔක්‌තෝබර් වලින් පසු ජන්ම ඒරාෂ්ටකය ලබයි. ශනි – රාහු දශා ගෙවෙද්දී ලබන ඒරාෂ්ටකය යහපත් නැත. පරාර්ථ අත් දැකීම් දෙයි. උපතින් මේ සෙනසුරු සිටියේ සඳුගෙන් 8 වැන්නේ ය. සෙනසුරු ගමන් කරන්නේ සඳු සිටි රාශිය මතට ය. යම් පාප දශාවක්‌ හෝ අතුරු දශාවක්‌ ගෙවමින් සිටියදී එම ග්‍රහයා ගෝචර ගමනින් කේන්ද්‍රස්‌ථානයක්‌ හරහා ගමන් කිරීම äද්‍රක අපලය වේ. මේ කේන්ද්‍රයට ඔක්‌තෝබර් වලින් පසු එම අපලය ද ලබයි.

ජනාධිපතිවරයාට මේ බලවත් රවිගේ දශාවයි. තවත් අවු 02 ක්‌ මේ බලය සුරක්‍ෂිතය. බලවත් රවිගේ දශාව ලැබුව විට නිවහල් තීරණ ගැනීමෙහි ලා පසුබට වන්නේ නැත.

රටේත්, රාජ්‍ය නායකයන්ගේත් ග්‍රහ චාරය සළකා බලන විට එතැන බලවත් පෙරැළියක ලකුණු විද්‍යමාන වන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ දෛවය කෙරෙහිද එබිකම් කළ යුතුවේ. ඔක්‌තෝබර් මාසයේ සිට බලවත් ගුරු යෝග කාරක සිකුරු සිටි රාශියට යැම විශේෂ බලවත් ග්‍රහ චාරයකට මුල පිරීමකි. එම කේන්ද්‍රයේ චන්ද්‍ර අධියෝගය, පරිවර්තන යෝගය, ලක්‍ෂමී යෝගය, දීප්ත යෝගය, උභය චරී යෝගය වැනි යෝග පොකුරක ශක්‌තිය පොදි ගැසී ඇත. දේශපාලන ක්‍ෂේත්‍රයේ දී වැඩි ශක්‌තියක්‌ විදහා දක්‌වන්නේ එම කේන්ද්‍රයයි. බලවත් කේන්ද්‍ර තුන හතරක්‌ම එ. ජා. පයේ වෙතත් ඒ අය තවම තාරුණ්‍යය ඉක්‌මවා නැත. පැසුණු බව හෙවත් පරිණත බව දේශපාලනයට අත්‍යවශ්‍ය එකකි.

ජ්‍යෙdතීර් විද්‍යාවේ දී ලග්න සටහන තුළ පිහිටීම පමණක්‌ බලා රාජ යෝගවල විමසීම කළ නොහැකිය. ඒ සඳහා ෂඩ් වර්ග, අෂ්ට වර්ග, දශ වර්ග, කේන්ද්‍ර සියල්ල පරීක්‍ෂා කර බලා යළි පර්වතාංශ, ගෝපුරාංශ, උත්තමාංශ, පාරිජාතාංශ වැනි යෝගද නායකත්වයට අවශ්‍ය සිංහාසනාංශ දක්‌නට ලැබුණත් දිව්‍ය ලෝකාංශ යෝග සහිතව උපදින අය අඩු ය. ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේම ඒ යෝග ඇති කෙනෙක්‌ නොවූ හ.

ඉදිරියට එළඹෙන්නේ මැතිවරණ වර්ෂයකි. ඒ සඳහා වැඩිදෙනෙකුගේ උනන්දුවක්‌ද වේ. දේශපාලනය සඳහා රවි ග්‍රහයා විශේෂ බලපෑමක්‌ කරයි. මේ රවි බලවත්ව ස්‌වකීය රාශිය වූ සිංහයේ ගමන් කරන අවස්‌ථාවකි. පොදුවේ දිවි මගේ සාර්ථකත්වය ළඟා කරගැනීම කෙරෙහි ද රවි ඉමහත් බලපෑමක්‌ ඇති කරයි. ඒ පිළිබඳව පරාසර පඬිතුමා මෙසේ සඳහන් කර ඇත. හිරු මුදුන්වන වේලාවෙහි හෝ මධ්‍යම රාත්‍රියේ මිනිත්තු 24 ක කාල පරාසයක්‌ තුළ උපත ලැබූ අයෙක්‌ වේද, හෙතෙම රජකු බඳු බලවතෙකි. නැතොත් ඒ හා සමාන ධනවතෙකි.

ආචාර්ය පියසේන රතුවිතාන
– දිවයින

1,269 views

15 Comments to “සෙනසුරු මහ දශාවේ ජන්ම ඒරාෂ්ඨකය ලබයි.. බලවතෙකුට ප‍්‍රබල අපල.. නොසිතූ පෙරළියක් ස්ථිරයි..- පියසේන රතුවිතාන ගණ පිහිටුවා කියයි..”

  1. Lapaya says:

    Rathu withanayage puke rathu lapa nedda mehema kiyapu keedenek lankawe innawada anek siyaluma ratwal diunuwenne kendara passe noyana nisada manda Oluwa podie bada lokui kehethage apale lankawae minissunta

    • N Bambaravanage says:

      ඇමරිකානුවන් සෙනසුරැ පරදා යනවා. මෙරට සාත්තරකරැවන්ට මෝඩයන් රැවටෙනවා.
      කතරගමින් පිහිට පතනවා, දෙවියොත් පොලීසි යනවා.
      හෙනහුරැ මොනවා කරන්නද ?

Main News